කොටි සැමරුවත් හමුදාවට කරන්න දෙයක් නෑ.. – ආරක්ෂක ලේකම්
November 30, 2016 at 1:06 am | lanka C news
උතුරේ මහ විරු සැමරුම් කලේ මියගිය කොටි සාමාජිකයින් සිහි කරමින් නම් එම කටයුත්ත නීති විරෝධී වුවත් එය ත්‍රිවිධ හමුදාවේ විෂය පතයට අයත් නොවන කාරණයක් යයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ මහවිරු දින සැමරුම් සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාවට ගතහැකි කිසිදු ක්‍රියාමාර්ගයක් නැති බවත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් පමණක් තමන් පෙනී සිටින බවත්ය.
නීති විරෝධී කටයුත්තක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව කටයුතු කල යුත්තේ හා ඊට බලය ඇත්තේ නීතිය සහ සාමය අමාත්‍යාංශයටත් පොලිස් දෙපාර්තමේන්තුවටත් යයි ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් එහිදී පැවසීය.
මස් කඩ කාරයෙක්ගෙ පෙනුමනම් තියෙනවා….
කොටි මට ඇරල ගියත් මමයි කියල මොනව කරන්නද? මම දන්නෙ ඉරිගෙශන් වැඩ
කොටි ඕන තොවිලයක් නටා ගත්තට අපට කරන්නට දෙයක් නැත.යාපනයේ ජල නලයක් පුපුරා ගියා නම් එය අළුත් වැඩියා කර ජල සැපයුම යථා තත්වයට පත් කරන්නට අපි යුහුසුලු වන්නෙමු.නීතිය හා සාමය යමෙකු උල්ලංඝණය කරයි නම් උතුරේදී නීතිය නමන(නැමෙන) දකුණේදී නීතිය දිග හැර උඩුු බුරලන උදවිය ඒවා බලා ගත යුතුය.අපි උන්නත් නොවුන්නා ගානය.අපිට අණ දෙන උන්නම් මලා ගානය…
හරියටම හරි සර්ර්…………….. හෙට අනිද්දා වෙන කොට සමහර විට පස්සේ ටින් කිරි වෙන්නත් පුලුවන්.
දුප්පත් මායිම් ගම්මාන වලට පැනල අහිංසක ජනතාව බුරුතු පිටින් කපා කොටා දැම්මත් ඒ කොටි හරිම අහිංසකයිලු !!!!!
ඒ අහිංසක කොටින්ව නැතිකරපු හමුදාව හරිම කුරිරුලු !!!!!
මේ බව කියන්න අපිට රජෙක් නැත.
ඉන්න රජා නිකමෙකි. ඩයස්පෝරා පදයට නටන රූකඩයෙකි.
පිටස්තරයින්ගේ ජරාව කා මත් වී රට පාවා දෙන රූකඩ පාලකයින් එලවා දමමු !!!!!
ඡාතික අරක්ෂාව වෙනුවෙන් විතරක් මොකට පෙනී ඉන්නවද… ඔන්න ඒ මළ දානෙත් පැත්තකට විසි කරලා දාලා… අර ඡේ.ආර් කිව්ව වගේ තමන්ගේ ආරක්ෂාව තමන්ව බලා ගනිල්ලා කියලා ඔබතුමා අත්දෙක වන වන පැත්තකට වෙලා ඉන්න…
මාරයිනේ. ජාතික ආරක්ෂාවට කොටි ත්රස්තවාදීන් අයිති නැහැ. මුන් අයිති කාටද ඇත්තටම?
ආරක්ෂක ලේකම්තුමා, ත්‍රස්තවාදය සම්බන්ධව රටක ආරක්ෂාව බාර හමුදාවලට අයිති කාර්යයන් 3ක් තියෙනවා.
1, Anti-terrorism – taking defensive measures to abate any terrorist threat.
2. Counter-terrorism – taking offensive measures to track down, prevent and discourage any terrorist related activities
3. After-effect Management – Restoration and stabilization of civilian lives after a terrorist attack.
මේ තුනෙන් කොටි සැමරීම් අයිති වෙන්නේ Counter-Terrorism කියන කාර්ය භාරයට.
මහවිරු සමරුව කියන්නේ මොකක්ද ආරක්ෂක ලේකම්තුමා? මහා කොටියා හෙවත් අවුරුදු 30ක් තිස්සේ ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය කියලා කියපු ත්‍රස්තවාදී සංවිධානයක නායකයාගේ උපන්දින සමරුව නේද? ත්‍රස්තවාදී සංවිධානයක් අඩපන කරල දැම්මට පස්සේ ආයේ උන්ව සමරන්න ඉඩ දෙන්නේ කොයි රටේද? මෙහෙම සමරන කොට මේ මිනීමරු ත්‍රස්තවාදි නායකයාව වීරයෙක් වෙනවා කියලා තේරෙන්නේ නැත්ද? තරුණ ළමයින්ට තමනුත් ප්රභාකරන් වගේ වීරයෙක් වෙන්න හිතෙන්නේ නැත්ද? අනිත් අතට රටින් පැනලා ගිය ත්රස්තවාදීන් හුඟක් හොර රහසේ ආපහු ලංකාවට ඇවිල්ල. ආරක්ෂක අමාත්‍යාංශය ඒ ගැන වගේ වගක් නැතුව ඉන්නවා. කොටි සමරන්න ඉඩ දීමෙන් මේ කරන්නේ ත්‍රස්තවාදය අනුමත කරන එක. ඒක හරිද? ඔබ හිතනවා ඇති කොටියන්ව සමරන්නේ අහිංසක සිවිල් වැසියන්නේ කියලා. නමුත් සමරන්නේ සිවිල් වැසියන් වුනාට සැමරෙන්නේ ත්‍රස්තවාදය! ප්‍රවර්ධනය කරන්නේ ත්‍රස්තවාදය! ත්රස්තවාදයට සහයෝගය දක්වන්න මැරිච්ච ත්රස්තවාදීන් නිදහසේ සමරන කොට බකන් නිලා ඉන්න ලෝකේ එකම මැටි ආරක්ෂක අමාත්‍යංශය. ඕක වහලා දාලා ගෙදර යනවා හලෝ.
මුළු රටේම ආරක්ෂාවට තර්ජනයක් වුනු, රට ලේ විලක් කරපු කොටි සාමාජිකයන් සමරන්න උන්ට ඉඩ දෙන්න හොඳයි, හැබැයි Al-Husssein ට විරුද්ධව පෙළපාලියක් ගියා කියලා විමල්ට නඩු දානවා. එදා විමල් පාරේ යන්න අවසර ගත්තේ නැහැලු, එතකොට අරුන් කොටි සමරන්න අවසර ගත්තද? පාර මැද්දේ ගිනි ගොඩවල් ගහන්න අවසර ගත්තද? හමුදා කඳවුරක් ඉදිරිපිට ගිනිමැලයක් ගහලා කොටි සමරන්න අවසර ගත්තද? ත්‍රස්තවාදියාව සමරන්න ඉඩ දෙනවා, ජිනීවා ගිවිසුමට විරුද්ධව කතා කරන කොට නඩු දානවා. උතුරේ දෙමල දේශපාලකයන්ට එක නීතියක්. දකුණේ සිංහල දේශපාලකයන්ට තව නීතියක්. විමල්, අපිත් ෆෙඩරල් ව්‍යවස්ථාවට විරුද්ධව පාරේ ගිනි ගොඩවල් ගහමු.
ආරක්ෂක ලේකම්තුමා, ඔබ announcement එකක් කරන්න ඕනේ උතුරේ කොටි ත්රස්තවාදීන් සමරන එක තහනම් කරලා. පොලීසිය පුහුණු කරලා තියෙන්නේ නීතිය සහ සාමය රකින්න වුනාට කොටි සැමරීම් නවත්තන්න ඕනේ හමුදාවෙන්, පොලීසියත් එක්ක coordinate කරලා.
බලපල්ලා උතුරේ පයිප්ප එහෙම කැඩිලා තියනවද කියලා. එච්චරයි අපිට අලුත් වැඩියා කරන්න පුළුවන්.
රටක් විනාශ වීමට මෙවැන්නන් කීපදෙනෙකු සෑහේ . එහෙත් නැවත රට ගොඩගැනීමට ජීවිත ලක්ෂ ගණනින් අවශ්‍ය වනු ඇත . ලක්ෂ ගනං දිවිපුදා රැකි රට ආරක්ෂා කර ගැනීමට තරම් අවශ්‍යතාවක් නැති ගුණමකු දේශපාලකයන්ට , නිලදාරීන්ට, ජනතාවට ආරක්ෂාවක් කුමටද ? එම නිසා හමුදාව විසුරුවා හැර මුළු රටම කොටින්ටම දුන්න නම් සියලු ප්‍රසන විසදෙනු ඇත .