කොටි සැමරූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අත්අඩංගුවට..

September 23, 2021 at 5:30 pm | lanka C news
කොටි සැමරූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අත්අඩංගුවට..

දෙමළ ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කරන්නේ යාපනයේ නල්ලූර්හි පිහිටි තිලිපන් ස්මාරකයට උපහාර පිදීම සඳහා සම්බන්ධ වූයේ යැයි එම පිරිස මෙසේ අත්අඩංගුවට ගත් බවයි.

කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නිති රෙගුලාසි කඩකරමින් මෙම පිරිස රැස් ව අදාළ සැමරුම සඳහා සම්බන්ධ වී තිබේ.

එම සැමරුම් උත්සවය පවත්වන ලෙස අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබියදී එය නොතකා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස බලහත්කාරයෙන් සැමරුම පැවැත්වීමට කටයුතු කර ඇතැයි පොලිසිය කියා සිටියේය.

10,646 views

4 Comments to “කොටි සැමරූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අත්අඩංගුවට..”

  1. Jude says:

    කොටි ත්‍රස්ත සැමරුම්වලට ඉඩනොදෙනු!!!ම් දැන්වත් තද නීති සාදා කොටි සැමරුම් තහනම්කරන්න.

    • ගෞම් ඊයාරාජ් says:

      ලබ්බ තමයි ඉතින් ! තනි සිංහල බෞද්ධ ආණ්ඩුව ගාගෙන ඇව්ල්ලා , කිව්වේ කොටි ඩයස්පෝරාවට දුවන්න දෙනවා කියලා , ඇමෙරිකාවට ගිහිල්ලා , කොටි ඩයස්පෝරාව එක්ක සාකාච්චා වලට කැමැත්ත ප්‍රකාශ කරනවා , මෙහේ උබලා වගේ ගොං බෛයො අන්දලා , එහේ ගිහිල්ලා සංහිඳියාව ගැන කතා කරනවා , අනේ උබලගේ කොටි , ඩයස්පෝරා , එන්.ජී.ඕ විරොධේ රෙද්ද පල්ලෙන් බෙරෙන්නැද්ද බං එහෙම වෙනකොට. පැත්තකට වෙලා හිටහං බං පුන්නක්කූ කෑල්ලක් කාලා . මෝඩ බෛයි පරපුර.😂😂😂

  2. 3% ට බය බයියා. says:

    හමුදාවේ 3000ක් ඝාතනය කරපු LTTE නායකයන් ඉන්නෙ පොහොට්ටුවේ නිසා අවුලක් නැහැ නේ ?

    • ගෞම් ඊයාරාජ් says:

      😂 උම්මාද ජෙපි වහලෝ උබට මතකද විප්ලවය කියලා උබලා දහස් ගානක් මිනී මැරුවා සහ මැරෙව්වා? එක පාරක් නෙවෙයි දෙපාරක්? මතකද ටයර් සෑයවල්? එහෙම කරපු උබලයි, උබලට එහෙම කරවපු එකාලයි දෙගොල්ලොම ඉන්නෙත් ඔය පාර්ලිමේන්තුවෙම නේද වහලෝ? 😂 උබලා හත් පොලේ ගූ නාගෙන අනිත් එකාගේ අඳුමේ පැල්ලමක් ගැන කියනවා දැක්කහම 😂

Main News