කොටි සිරකරුවන් වහා නිදහස් කරනු.. යාපනයේ උපවාසයක් අරඹයි..

September 24, 2018 at 5:30 pm | lanka C news
කොටි සිරකරුවන් වහා නිදහස් කරනු.. යාපනයේ උපවාසයක් අරඹයි..

ලංකාව පුරා සිරමැදිරි තුල දැනට සිරගත කොට සිටින සියලු දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස රජයට බලකරමින් අද (24) දින උදෑසන සිට යාපනයේදී උපවාසයක් සංවිධානය කොට තිබුණි.

දේශපාලන සිරකරුවන්ගේ යාපනයේ පවුල් එකමුතුව විසින් මෙම උපවාස යාපනය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සංවිධානය කොට ඇති අතර උපවාසය අද උදෑසන 7 සිට සවස 05 දක්වා එක් දිනක් පමණක් පැවත්වීමට පියවර ගෙන ඇත.

මෙහිදී උපවාසයේ නිරත වූවන් කියා සිටියේ,

‘නව ආණ්ඩුව බලයට පත්වී අවුරුදු 3ක් ගත වෙලා තියනවා ඒ වගේම යුද්දයෙන් පසුව වසර 09 ක් ගත වෙලා තියනවා නමුත් වසර ගණනවාක් පුරාවට ලංකාවේ සිරමරදිරිවල කිසිම නඩු විභාගයක් නැතිව මේ දේශපාලන සිරකරුවන් සිරගත වෙලා ඒ අයට කිසිදු පියවර අරගෙන නැහැ ඒ අය වෙනුවෙන් නඩු විභාගයක්වත් නැහැ.

මේ නිසා ලංකාවෙම ඉන්න මේ දේහපාලන සිරකරුවන් නිදහස් කිරීමට ඉකමන් පියවරක මේ රජය ගත යුතුයි දෙශපාලන සිරකරුවන් විශාල පිරිසකගේ පවුල් මේ වන විට දැඩි ගැටලුසහගත තත්වයකට පත්ව තිබෙන හෙයින් රජය මේ ජනතාව වෙනුවෙන් විසඳුමක් ලබා දීමට පියවර ගත යුතු බවටද කියා සිටි අතර දේශපාලන සිරකරුවන් ඉතා ඉක්මනින් නිදහස් නොකරන්නේ නම් ඉදිරියේදී මෙම උපවාසයන් මාරාන්තික උපවාසයක් බවට සිදු කිරීමටද සූදානම් බවව උපවාසයේ නිරත වූවන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51 views
Main News