කොටි සොහොන් බිම් පූජනීය ස්ථාන කරන යෝජනාව සම්මතයි..
December 26, 2016 at 4:04 am | lanka C news
මියගිය කොටි සාමාජිකයින්ගේ සිරුරු මිහිදන් කර ඇති කිළිනොච්චිය, මුලංකාවල්, කනකපුරම් හි ඇති සුසාන භූමි පූජනිය ස්ථාන ලෙස නම් කල යුතු යයි ඉදිරිපත් වූ යෝජනාවකට කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ලැබී ඇත.
මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුනේ කිළිනොච්චිය සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිසක් විසින් වන අතර උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්වින.
එල්ටීටීඊ සුසාන භූමි විනාශ වී ඇති නිසා මියගිය ඥාතීන්ට ගෞරව ඛිරීමට ස්තානයක් නැතැයි යෝජනාව ඉදිරිපත් කරමින් දෙමල සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියේය.