කොටි සොහොන් හදන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විමධ්‍යගත අරමුදලින් මුදල් දෙයි…

November 23, 2017 at 5:30 pm | lanka C news
කොටි සොහොන් හදන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විමධ්‍යගත අරමුදලින් මුදල් දෙයි…

යුද්ධයේදී මියගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් මිහිදන් කර ඇති කිළිනොච්චියේ කනකපුරම් මහවිරු සොහොන් ප්‍රතිසංස්කරණය කිරීම සදහා දෙමළ ජාතික  සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා විසින් තම විමධ්‍යගත අරමුදලෙන් ලක්ෂ 40ක මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.

මන්ත්‍රීවරයාට වෙන්කොට ඇති විමධ්‍යගත අරමුදලෙන් කිළිනොච්චිය දිස්ත්‍රික් සංවර්ධන වැය ශීර්ෂය යටතේ මෙම මුදල ලබා දී ඇත.ඒ සදහා කරච්චි ප්‍රාදේශීය සභාවෙන්ද කිලිනොච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්ද අවසර ලැබී ඇති බවට දැනගන්නට ඇත.

2009 වර්ෂයේදී මෙම ස්ථානයේ තිබූ සොහොන් බිමේ එල්.ටී.ටී,ඊ.සොහොන් කොත් ඇතුලු සොහොන් පිහිටි භූමියේ තාප්පයක් ඉදිකිරීමටත් මෙම මුදලෙන් සොහොන් බිමේ වැඩකටයුතු සිදු කරන බවට කනක පුරම් සොහොන් බිම නිරීක්ෂණයට පැමිණි ශ්‍රීධරන් මන්ත්‍රීවරයා මාධ්‍යට පවසා ඇත.

ඊට අමතරව මීට පෙර තිබූ ඉවත් කරන ලද සොහොන් කොත් කැලි එකතු කොට මහවිරු ස්මාර්කයක් ඉදිකෙරෙන්නේද කනකපුරම් සොහොන් බිමේදීය.

අවසන් වරට පැවති කිලිනොච්චිය දිස්ත්‍රීක් සංවර්ධන කමිටුවේ තීරණයක් සහ අවසරයක්ද ඇතිව මෙම සොහොන ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ඇතුලු පිරිසක් විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

108 views

9 Comments to “කොටි සොහොන් හදන්න පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක් විමධ්‍යගත අරමුදලින් මුදල් දෙයි…”

  1. gorilla says:

    ජනතාව බදු ගෙවනවා, කොටි හුරතල් වෙනවා. මේවට වගකිවයුතු ආණ්ඩුවට වන්දිගෙවන්න සිද්ධවෙනවා බොල.

  2. Saradiel says:

    STOP THESE LTTE NONSENSE
    The Tamil Tigers (LTTE) are considered a terrorist organization
    BAN TNA TERRORISTS PARTY …Arrest Sridaran racist terrorists supporter ..
    BAN TNA TERRORISTS PARTY

  3. ගුරුළු says:

    දෙමල LTTE ත්‍රස්තවාදීන්ට නැවත පන නොදී PUPPET සිරිසේන කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවා හැර ඉල්ලා අස්වන්න
    අපේ රට වෙනුවෙන් දිවිදුන් විරෝධාර රණවිරුවන්ට නින්දා නොකරන්න ..ලෝකයේ කුමන රටේද මිනීමරු මෙලෙච්චේද ත්‍රස්තවාදීන්ට ස්මාර්කය ගොඩනගන්න ඉඩ දෙන්නේ / දුන්නේ ? ලැජ්ජයි ජඩපාලනය විලි ලැජ්ජයි

  4. JOY says:

    වහාම අපේ රටේ LTTE ත්‍රස්තවාදීන් සැමරීම නතර කරනු
    දෙමල TNA පක්ෂය වහාම තහනම් කරනු
    ශ්‍රීධරන් LTTE ත්‍රස්තවාදී නායකයා වහාම අත්අඩංගුවට ගනු

    • සුදු පරවියා says:

      STOP celebrating LTTE barbarians
      Sri Lanka is a sovereign nation.. Tamil Tiger Terrorists have no right to be in our soil.The fact is, in spite of the bloodshed they created over a three decades, LTTE has miserably failed and have lost their mass murder in the name of “freedom fight”, wasting nearly hundred thousand lives and infrastructure worth billion dollars. LTTE has also disappointed their global network of propagandists, financial donors who fuelled this misery, and specially those who funded this war with selfish expectations for major favours in their future Eelam.
      The LTTE cannot simply commit war-crimes and blame the Srilankan Forces ..Go to hell Tamil tigers… LTTE leader, or a terrorist, or a supporter, or a sympathizer, or a fund raiser, or a propagandist would survive “hell”, because for 30 years they gave us and every Sri-Lankan, nothing but “hell”.

  5. ෂංඉඳියා says:

    විවුර්තෙ කරන්නෙ අපෙ ෂංඉඳියා මැඩම්ලු!

  6. CORBRA says:

    President Sirisena why not arrest Sridaran terrorist ? Because of you are a puppet of Tamil diaspora or are you scared ? or what?

  7. sasi says:

    කෝ කොලු රතන සහ පො….. පච පාටලී ලැජ්ජයි යකෝ සල්ලිවලට බලයට මෙහෙම කෑදර කමට තෝ දෙන්නම රට පාවාදුන්නා .
    හොඳ වෙලාවට සෝබිත දිවියලෝකේ වැඩියේ

  8. gamarala says:

    If Gota is arrested for building/renovating DA Rajapakse monument why not arrest this guy in the same manner. We haven’t paid our taxes to erect monuments for dead tigers who had massacred thousands of innocent villagers.