කොටි හිතවාදින්ට ජීනීවාහිදී සිංහයෝ හමුවෙති.. ප‍්‍රහාරය දරුණු වී වයිකෝ වහා පැනයයි..

September 26, 2017 at 1:20 pm | lanka C news
කොටි හිතවාදින්ට ජීනීවාහිදී සිංහයෝ හමුවෙති.. ප‍්‍රහාරය දරුණු වී වයිකෝ වහා පැනයයි..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදි දෙමල ඩයස්පෝරාව බලාපොරොත්තු නොවූ සිදුවීමක් සිදුවිය. ඒ තමිල්නාඩුවේ ප්‍රකට කොටි හිතවාදී දේශපාලකයෙක් වන වයිකෝ දැඩි කතාවක් කරමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම් දිගින් දිගටම වන බවත් දැන් කරන්නට තිබෙන්නේ මානව හිමිකම් කොමිසමේ රෙකමදාරුව සමග එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලයට පැමිනිල්ලක් කොට උතුරු කොරියාවට එරෙහිව පිහිටුවාක් මෙන් අන්තර් ජාතික විමර්ශන කමිටුවක් ඉල්ලා සිට්ම බවය. ඒ සදහා තීරණයක් ගැනීමට ලංකාවට පැමිනෙන ලෙස වයිකෝ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. මෙය ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන ලද බරපතල යෝජනවකි.

වයිකෝගේ වේගවත් කතාවෙන් පසු ඔහුගේ කන්ඩායම ඔහුට සුබපතද්දී ඔහු අසලට කාන්තාවක් හා පිරිමියෙක් පැමිනියහ.

වයිකොට ආමන්ත්‍රණය කල කාන්තාව “ඔබ ලංකාවෙන්ද” කියා වයිකෝගෙන් ඉංග්‍රීසි බසින් ඇසුවාය.

තරමක් මවිතයට පත්වූ වයිකො “නැහැ මම තමිල්නාඩුවෙන් කියා කීවේය” .

” එහෙනම් ඔබ කවුද ලංකාවට එක්සත් ජාතීන්ගේ මහලේකම්ට එන්න ආරාධනය කරන්න. එය ඔබේ රට නොවේ ” කියා කාන්තාව ඇසුවාය.

වයිකෝට උඩ බිම බැලුනි..” ඔබ ලංකාවෙන්ද ?” කියා ඔහු පෙරලා ප්‍රශ්න කලේය.

” ඔව් මම ලංකාවෙන් .ඒකයි මම අහන්නේ නුබ කවුද මගේ රට ගැන කතා කරන්න කියා” යනුවෙන් පිලිතුර ලැබුනි

” නුබලා අපේ මිනිසුන් මැරුවා , අපේ මව් වරුන් දූෂණය කලා …..” වය්කෝ කෑගසන්නට පටන් ගත්තේය. ඔහුසිතන්නට ඇත්තේ උස් හඩින් කතාකිරීමෙන් ඔහුට බලය පෙන්වන්නට හැකිය කියායි.

නමුත් ඔහුට ක්ෂණිකවම පිලිතුර ලැබුනේ අර මහත්මිය අසලම සිටි ශ්‍රී ලාංකික මහතාගෙනි

” නුබ කවුද අපට මෙහෙම කියන්න. එතකොට වසර 30 තිස්සේ නුබලගේ ත්‍රස්තවාදීන් කල දේවල් අමතකද ? ඔවුන් කෙතරම් මිනිස් බෝම්බ පිපුරුවාද, කෙතරම් අහිංසක් මිනිසුන් මැරුවාද, නුබලාට තවදුරටත් මෙහි ඇවිත් බොරු කියා ලෝකය රවටන්න අපි ඉඩ දෙන්නේ නැහැ ”

වයිකෝ වහාම එතනින් ඉවත්ව ගිය අතර ඔහු පිටුපසින් 15 පමන වූ පිරිසක් ද පිටව යනු දක්නට ලැබුනි.

දෙමල ඩයස්පෝරාව මානව හිමිකම් සැසිවාරය තුල හැසිරෙන්නේ එහි අයිතිකරුවන් මෙනි. ඔවුන් ලංකාවට එරෙහිව මොනවා කීවත් ජිනීවා වල සිටින ශ්‍රී ලංකා රජයේ තානාපති නිලධාරීහු ඔවුන්ට එරෙහිව වචනයක්වත් නොකියති. ඔවුන්ට එසේ කිරීමට ඇති නීත්‍යානුකූල අයිතිය රජය පැහැර අරිද්දි මේ ආකාරයට හෝ විරොදයක් දැක්වීමට ඉදිරිපත් වුයේ ගෝලීය ශ්‍රී ලංකික සංසදයේ ආරාධනය පිට ජිනීවා ගොස් සිටින කන්ඩායමේ අනුරාධා යහම්පත් මහත්මිය හා ආචාර්ය නාලක ගොඩහේවායි.

සැමදාමත් එක්සත් ජාතීන්ගේ සංවිදනය මානව හිමිකම් කොමිසම තුල කෙරුම් ගසන කොටි ඩයස්පෝරාවට කිහිප දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකික කන්ඩායමක් නොබියව මුහුන දෙතැයි ඔවුන් බලාපොරොත්තු නොවු අතර එම සිද්දිය ගැන වයිකෝ එදිනම ඉන්දීය පුවත්පත්කට චෝදනා කර තිබුනි. ඔහු කියා තිබුනේ ලංකාවෙන් පැමිනි හමුදා නිලධාරීන් පිරිසක් ඔහුට තර්ජනය කල බව‍යි.

මෙම සිදුවීම අවස්තාවේ අවට සිටි ශ්‍රී ලංකිකයෙක් බහින්බස් වීම පටිගත් කලද දෙමල ඩයස්පෝරාව නියෝජිතයන් ආරක්ශක නිලධාරීන්ට පැමිනිලි කොට එය මකවා දැම්මවීමට සමත් විය.

– චාමින්ද කරුනාරත්න (ජිනීවා සිට)

170 views

24 Comments to “කොටි හිතවාදින්ට ජීනීවාහිදී සිංහයෝ හමුවෙති.. ප‍්‍රහාරය දරුණු වී වයිකෝ වහා පැනයයි..”

  1. Bend To Bend says:

    මෙහි අදහස් පලකරන සමහර අය ගෝලීය දෙමල සංසදයත් ගෝලීය සිංහල සංසදයත් එකම කාසියේ දෙපැත්ත බව සඳහන් කර ඇත​..දෙමලුනට ගෝලීයව එකතු විය හැකිනම් සිහලුනටද එසේ එකතු වීම වරදක් නොවන බව සඳහන් කල යුතුය​.එය එසේ විය යුතුය​.එසේ එකතු වන්නන්ට වටිනාකමක් දීම වෙනුවට ඔවුන් හෑල්ලු කිරීම නොකල යුතුය​.එසේ හෑල්ලු කරන්නේ නම් ඔවුන් වලිගය පාගා ගත්තවුන් නොව වලිගය දෙපරන්ද අස්සෙන් ගෙන මුඛයේ ඔබා ගත්තවුන් විය හැකිය​.

  2. නිසංසලා සමරජීව says:

    මාතෲභූමියේ නිදහස වෙනුවෙන් අභීතව සටන් වදින දේශයේ සැබෑ දූ පුතුන්ට ජාතියේ ආචාරය!

  3. vishnu says:

    සිංහයින්ට කොය් කැලයත් ඔට්ටුයි

    thks Mrs Anuradha And Mr naalaka