‘කොටි හිතවාදී සුභාෂ්කරන් අලිරාජා ලන්ඩනයේ සිට හසුරුවනවා..’ ස්වර්ණවාහිනි හිමිකරු රහස් පොලිසියේ වමාරයි.. රටවල් තුනක් හරහා මුදල් ගෙනැත්..

May 3, 2020 at 9:20 am | lanka C news
‘කොටි හිතවාදී සුභාෂ්කරන් අලිරාජා ලන්ඩනයේ සිට හසුරුවනවා..’ ස්වර්ණවාහිනි හිමිකරු රහස් පොලිසියේ වමාරයි.. රටවල් තුනක් හරහා මුදල් ගෙනැත්..

ස්වර්ණවාහිනී නාලිකාව අයත් වන ‘බෙන් හෝල්ඩින්’ සමාගමේ හිමිකරු ඇලෙක්ස් ලොවෙල් නමැත්තකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ඇති බව සිංහලේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

එහිදී ස්වරණවාහිනිය මිලදී ගැනීම සඳහා ‘සුභාෂ්කරන් අලිරාජා’ නම් දෙමළ ඩයස්පෝරාවේ පුද්ගලයන්ගෙන් මුදල් මෙරටට පැමිණි ආකාරය රහස් පොලිසිය හමුවේ ඔහු හෙළි කර ඇති බවද සංවිධානය ජාතික සංවිධායක ප්‍රදීප් සංවිධානය සංජීව මහතා සඳහන් කළේය.

ස්වර්ණවාහිනිය ඇතුළු එදිරිසිංහ සමූහ ව්‍යාපාරය පැවැති ආයතන ගණනාවක් මිලදී ගැනීම සඳහා මුදල් ලැබුණු ආකාරය ඔහු එහිදී හෙළි කර ඇති බවද සංවිධායකවරයා කියා සිටියේය.

විදේශ මුදල් රටවල් තුනක් හරහා ශ්‍රී ලංකාවට ගෙනැවිත් ස්වර්ණවාහිනිය ඇතුළු ආයතන මිලදී ගැනීමට කටයුතු කළ ආකාරය ඇලෙක්ස් ලොවෙල් විසින් හෙළිකර ඇති බවද ඔහු සඳහන් කළේය.

විදෙස් කොටි ඩයස්පෝරාවට සෘජුව සහයෝගය දක්වන සුභාෂ්කරන් අලිරාජි ඇතුළු පිරිස් විසින් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට ස්වරණවාහිනී නාලිකාව මෙහෙය වන ආකාරය ගැනද ඇලෙක්ස් ලොවෙල් රහස් පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බවද ඔහු කියා සිටියේය.

6 views

76 Comments to “‘කොටි හිතවාදී සුභාෂ්කරන් අලිරාජා ලන්ඩනයේ සිට හසුරුවනවා..’ ස්වර්ණවාහිනි හිමිකරු රහස් පොලිසියේ වමාරයි.. රටවල් තුනක් හරහා මුදල් ගෙනැත්..”

  1. ගමේ එකා says:

    කොටි සෙවැනැලි තාමත් මේ රටේ හොල්මන් කරන්නේ ඔය දේසපාලකයෝ කියාගන්නා NGO ඉත්තෝ නිසා මුදලට වහල් වුන සමහර කාලකන්නි ජාතිය විකුනන් කනවා හැබැයි උන් දන්නේ නැහැ කවදා හරි මේ ජාතියෙන් ඕකුන්ට වෙන දේ..

  2. සරනේලිස් says:

    ඔන්න වෙසක් පෝයදාට අරලියගහ මන්දිරේ බණ සුවර්නවාහිනියේ ලයිව් පෙන්නනවා කිව්වා.

    අගමැති ලොක්කාට කියලා ඔය කොටි චැනල් එක අරලියගහ මන්දිරේට වැද්දගන්න එක නවත්තාපල්ලා ඉස්සරලම..

Main News