කොටි හුරතල් කරන ගමන් නවසීලන්ත ප්‍රහාරය හෙලා දකී..
March 20, 2019 at 3:26 am | lanka C news
පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් පල්ලියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය අපි දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. ඒ වගේම ඉන් විපතට පත්වූ සියලු දෙනාටම අපේ සංවේගය පලකරනවා.
අද ත්‍රස්තවාදය දිහා ලෝකය බලන ආකල්ප වල බරපතළ වැරැද්දක් තියෙනවා. සමහරු අපේ ත්‍රස්තවාදය සාධාරණීකරණය කරමින් ඔබේ ත්‍රස්තවාදය හෙලා දකිනවා. ඒ වෙනුවට සිදු විය යුත්තේ ජාතිය ආගම භාෂාව ප්‍රදේශය කුමක් වුවත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදය ලෙසින් දැකීමයි. මුස්ලිම් ත්‍රස්තවාදියෙකු ගේ ත්‍රස්තවාදී ක්‍රියා හෙළා දකින අතරේ වෙනත් අයෙක් එය කලහම එය ආරක්ෂා කරන සාධාරණීකරණය කරන තැනට ඇතැමුන් තල්ලු වෙනවා.
එමෙන්ම දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදය හුරතල් කරන අයම ක්‍රයිස්ට්චර්ච් ත්‍රස්තවාදය හෙලා දකිමින් කතා කරනවා. මේක විහිළුවක්.
ත්රස්තවාදයට ජාතියක් ආගමක් භාෂාවක් දේශපාලනයක් නැහැ. ත්‍රස්තවාදය යනු ත්‍රස්තවාදයමයි.
147 දෙනකුට මරු කැඳවමින් පිටකොටුව බස්නැවතුම්පල අසල බෝම්බ පිපිරීමක් සිදු වුණා 1987 වසරේ. සිංහල දෙමළ මුස්ලිම් කාන්තා පිරිමි වැඩිහිටි ළමා ළපටි සියලු දෙනෙක්ම මියගිය අය අතර හිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ, වගේම දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ අයත් එතැන සිටින්න ඇති.
එනිසා සියලු භේද පසෙක තබා ත්රස්තවාදයට එරෙහිව නැගී සිටීමට සමස්ත ලෝක ප්‍රජාවම එකමුතු කිරීමට මෙම ක්‍රයිස්ට්චර්ච් සිදු වීමටවත් හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
– අරවින්ද අතුකෝරල
උදය ගම්මන්පිල කියන්නේ සිංහල නායකයෙක් නෙවේ.ඔහු පක්ෂ නායකයෙක්.ඔහු ත්‍රස්තවාදය දකින්නේ, ඒ ගැන නිර්වචනය කරන්නේ මැතිවරණ සිතියමක් එලාගෙන. වසර 30ක් යුද්දේ කරපු ජාතිය මහා අඝාධයට වැටිලා ඉන්නේ. මෙයාලා පාර්ලිමේන්තුවේ විකාර දොඩෝනවා. කුලල් කකා ඉන්නවා. අපිට දේශපාලන බණ එපා. රට වෙනුවෙන් ජාතික න්යායපත්රයකට වැඩ අරඹනු!
ප්රභාකරන්ට කවදාවත් ක්‍රිස්තියානු ත්‍රස්තයෙක් කියල කෙව්වේ නැහැ. පලස්තීන ජාතිකයන් තමාගේ රටවෙනුවෙන් ගලක් වීසි කලත් මුස්ලිම් ත්‍රස්තවාදී කියල පොල් අකුරෙන් ලියනවා
Sir can you tell me what does Christians has to do with LTTE terrorism? It is about Tamil nation. Not religion. You try to turn Buddhists majority against Christians? Many Christians in defense forces fought against LTTE. LTTE and Palestinians groups did suicide attacks. Both are no innocent and backed by same Europeans like Norway.
valuable words salute you