කොටි 700 දියමන්තිය රාජසන්තකයි.. ව්යාපාරිකයාගෙත් හොරකම මාට්ටුයි…
March 9, 2019 at 11:20 am | lanka C news
මාකඳුරේ මධුෂ් මෙහෙය වූ පාතාල කල්ලිය සතුව තිබියදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 500 කට අධික වටිනාකමෙන් යුත් දියමන්තිය රාජසන්තක කිරීමට ඉඩ ඇති බව පොලිසිය පවසයි.
මෙම දියමන්තිය රේගු නීති රීති උල්ලංඝනය කරමින් හොර රහසේ සෞදි අරාබියේ සිට මෙරටට ගෙනැවිත් තිබූ එකක් බව පොලිසිය කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.
මෙම දියමන්තියේ හිමිකාරිත්වය ඔප්පු කිරීමට එහි හිමිකරුට නීත්‍යනුකූල ලිපි ලේඛන කිසිවක් නොමැති බව ද පොලිසිය පවසයි. මැණික් ව්‍යාපාරිකයා සතුව ඇති ලිපි ලේඛන පෞද්ගලික ආයතනවලින් ලබාගත් ඒවා බව ද පොලිසිය පවසයි. මෙම දියමන්තිය මැණික් හා ස්වර්ණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර එහි තක්සේරු වාර්තාවක් ගෙන නොතිබූ බව ද විමර්ශනවලින් හෙළිවී තිබේ.
දියමන්තිය අත්අඩංගුවට ගැනීමෙන් පසු පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් එය මැණික් හා ස්වර්ණාභරණ ආයතනය වෙත ඉදිරිපත් කර තක්සේරු වාර්තාවක් ලබාගැනීමට ඊයේ කටයුතු කර තිබිණි.
දියමන්තියේ නියම වටිනාකම ලබන 11 වැනිදාට ලබා දෙන බව එහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කර ඇත.
මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් මත පාතාල කණ්ඩායමක් විසින් මෙම දියමන්තිය මහරගම ඇරැව්වල ප්‍රදේශයේ පදිංචි මැණික් ව්‍යාපාරිකයාගේ නිවසින් කොල්ලකා තිබුණේ ඉකුත් නොවැම්බර් මාසයේදීය.
මෙම මැණික් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබුණේ තමන් සෞදි අරාබියේ රැකියාවක් කළ කාලසීමාවේදී මෙම දියමන්තිය පස් ගොඩක තිබී හමුවූ බවයි. එම පස්ගොඩ දකුණු අප්‍රිකාවෙන් රැගෙන ආ ඒවා බව ද මැණික් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර තිබිණි.
තමන් මෙම දියමන්තිය සෞදි අරාබියේ සිට හොර රහසේ ශ්‍රී ලංකාවට රැගෙන ආ බවත් එය රැගෙන ඒම සඳහා කිසිදු බලපත්‍රයක් හෝ රේගු ගාස්තුවක් නොගෙවූ බවත් ව්‍යාපාරිකයා පොලිසියට ප්‍රකාශ කර ඇත.
රේගු නීති රීති උල්ලංඝනය කරමින් මෙතරම් වටිනා දියමන්තියක් හොර රහසේ මෙරටට ගෙන ඒම බරපතළ ක්‍රියාවක් බව පවසන පොලිසිය මෙම දියමන්තිය බොහෝ විට රාජසන්තක කිරීමට ඉඩ ඇති බව ද කියා සිටියි.
මෙම දියමන්තිය කොල්ලය මෙහෙය වූ මාකඳුරේ මධුෂ්ගේ ප්‍රධානතම ගෝලයා බව කියන කැලුම් ඉන්දික නමැත්තා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු නවාතැන් ගෙන සිටි කාමරයේ සඟවා තිබියදී දියමන්තිය සොයා ගැනීමට හැකි විය.
– divaina
මෙය විකුණා ගන්නා මුදල්වලින් වැඩිහිටි නිවාස සාදා දෙන්න ලොකු පිනක්
ඒ කාලෙනම් කෙලින්ම රාජ සන්තක නෙවේ රජ පවුල සන්තක වෙනවා.
ඒක තමා. අපේ නායක තුමා නම් එහෙම නෑ.
ඕක රාජ සන්තක කල සල්ලි වලින් බ්‍රේස්ලට් ගහල බෙදනව කියල හන්දියේ ජෝන් අයියා කිවුවා.
මාත් සිදාදියට යනවා වේටින් ලිස්ට් එකට මගේ නමත් ඉක්මනටම දාගන්න.
බ්‍රෙස්ලට් නෙවේ බන් කීයක් හරි ඉල්ලගෙන ගෙදරට ලැට් එකක් හදාගනින්. 😀
ලැට් හදන්නත් ලක්ෂ 400ක් ද කොහෙද වෙන් කරාලු.
හැබැයි ඉතින් ඒවා පක්ෂේ ඉහල උදවියටනේ හම්බවෙන්නේ.
නායක තුමාව අදුරනවනම් මටත් කියක් හරි දෙන්න කියනවද?
මාත් පෝස්ටර් ගහන්න එහෙම උදවු වුනා.
රෝසී නොනා දන්නේ නැතිව ඇති නේද? නැතිනම් දේවකට ගානක් දෙනවා දත දාගන්න
තාමත් බත් කන්න පටන්ගෙන නැද්ද.තණකොල කකා ඉන්නකොට අහල පහල් කෙනෙක්වත් කියන්නෙ නැද්ද ඔහොමම හරකෙක් වෙන්න එපා කියල …
උබ වගේ හැමෝම තණකොල කනව කියල හිතුවද? හරකා. 😀
..if no proper evaluation is done, how does anybody know this is rupees Kooti 700 worth? Is this not close to US 40 million ?
Diamond eka Kiri waana galak wenawa Sattai…..
රාජසන්තක කල කුඩු වලට වෙන දේ ඕකටත් වෙයිද දන්නෙ නෑ.
රාජ සන්තක කල ඇත්දළ ටික පන්සල් වලට දෙන්න කිව්වාම නම් ගිනි තියලා පෙන්නුවා.
Oya gewanna thiyena naya tikawath gewala rate naya oken wath tikak hari adu unoth
meya wikuna lebena wisala mudalin parliment eke inna hara nuugath nadaye deemana. padinadi wedi karaganilla janapriya wenna ranil thama me balu weda karanne
API KROTAN ,MURUNGA KOLA KANNAM UMBALA GANILLA
තව ටික දවසකින් කියාවි හමුවී තිබෙන්නේ වටිනා කමක් නැති ගල් කැටයක් කියා, දියමන්තිය තව ගමනක් යයි!