කොඩිකාර පවුල පිටින් ජනපති තුරුලට..?
August 14, 2018 at 3:16 am | lanka C news
බස්නාහිර පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී උපාලි කොඩිකාර, මහරගම හිටපු නගරාධිපති එහි වත්මන් මන්ත්රීනී කාන්ති කොඩිකාර මහත්මිය ඇතුළු කොඩිකාර පවුල සහ ජනාධිපතිවරයා අතර රහසිගත හමුවක් ආසන්න දිනකදී සිදුව ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙයි.
රාත්‍රී භෝජන සංග්‍රහයකට පවා මෙම පවුල ජනාධිපතිවරයා සමඟ සහභාගී වී ඇති බවත් ඉදිරියේ දේශපාලන කටයුතු ශ්රීලනිපය සමග කරන බවට ඔවුන් ජනාධිපතිවරයාට සහතික වී ඇති බවත් එම වාර්තාවන් හි දැක්වෙයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා සඳහන් කර සිටියේ තමන් හෝ තම පවුලේ කිසිවෙකු කිසිම අවස්ථාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග කිසිදු සාකච්ඡාවක් සිදු කර නැති බවයි.
එසේම ඉදිරියේදී ද ඔහු සමග කිසිදු සාකච්ඡාවක් කිරීමට අදහස් කර නොසිටින බවත් ඔහු කියා සිටියේය.
තමන් නොව තම බල්ලාවත්, බල්ලාගේ පැටියාවත් වත්මන් ජනාධිපතිවරයා මුණ ගැසීමට නොවන බවද කී ඔහු තමන් දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා සමග මිස අන් කිසිවෙකු සමඟ නොවන බවද ඉදිරියේ දීද එය ස්ථිරවම එසේ සිදුවන බවටද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
Mawa yewwe mahinda.
If this couple, willingly or unwillingly joining the present President is a not a blessings in disguise but a blessings given to the public of Maharagama. These two individuals ruined Maharagama, deploying all corrupt, stooges of their club. They destroyed Municipality Maharagama, allowing massive scale scams and rough administration, Mr President Please take them, you will loose over 20,000 voters like Mahinda lost. Take my word
Its very good for SLPP. With the current trend in SLPP, these two stooges have no place. They are mostly rejected and ignored. So they may be looking for new socket to get plugged. They really messed maharagama
Dear President Maithripala… Please take these people to you…. Its a great help….
ඒකාබද්ධ විපක්ෂය ක්‍රමක්‍රමයෙන් පිරිහෙන බවයි මගේ හැඟීම,එක පැත්තකින් එක පැත්තකින් පක්ෂය තුළ ගැටුම් උග්‍ර වෙලා .තවත් පැත්තකින් රටට ඉදිරිපත් කරන පැහැදිලි වැඩපිළිවෙලක් නැහැ. දැන් වෙලා තියෙන්නේ ගිලෙන නැවෙන් මීයෝ පනිනවා වගේ එක එකා ජනාධිපතිට එකතු වෙනවා .උදාහරණයකට කියනවා නම් ඥානසාර හාමුදුරුවන්ගේ සිර දඬුවම ලිහිල් කර ගැනීමටවත් පක්ෂයට වැඩපිළිවෙළක් නැහැ.
Hitha hada ganin malayo….Next chande enakan…. Api dennam thopita……Me kodikaraya chanda thiyena ekekda….lori moona….
හහ්……හහ් …..හා.. ඇත්තද අනේ
ජනාධිපති තුමෝ දෑන් ඉතින් එක එක්කෙනා ගත්ත කියලා වෑඩක් නෑ. මහින්ද රාජපක්ෂව ගත්තත් වෑඩක් නෑ. මිනිස්සුන්ට මේ ආන්ඩුව එපාම එපා වෙලා තියෙන්නෙ. විකල්පය තියන තෑනට මිනිස්සු යනවා.
very well said !!