කොඩියේ මන්ත‍්‍රීකමට තුවක්තුත් එලියට අදී.. හිමිනමක් පැහැරගෙන පිස්තෝලයෙන් පහර දීලා.. ඥාණසාර හිමිට චෝදනා..

August 17, 2020 at 10:02 pm | lanka C news
කොඩියේ මන්ත‍්‍රීකමට තුවක්තුත් එලියට අදී.. හිමිනමක් පැහැරගෙන පිස්තෝලයෙන් පහර දීලා.. ඥාණසාර හිමිට චෝදනා..

අපේ ජනබල පක්ෂය මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුව මුල් කරගනිමින් තමන්වහන්සේ පැහැරගත් බව පූජ්‍ය අරඹේපොල රතනසාර හිමියන් සඳහන් කරති.

තමන් පැහැරගන්නා ලද්දේ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සහ අපේ ජන බල පක්‍ෂයේ සභාපතිවරයා විසින් බවද උන්වහන්සේ පවසති.

තමන් වහන්සේ පැහැරගෙන ඔවුන් පිස්තෝලයකින් භාරදුන් බවද එනිසා තමන්ට තුවාල සිදු වූව ද උන්වහන්සේ මාධ්‍ය වෙත කියා සිටියහ.

කොළඹ ස්ථාන කිහිපයකම තමන් වහන්සේ හිර කර රඳවා තබා ගනිමින් පක්‍ෂයේ ලේකම් හිමියන් ගැන තොරතුරු විමසූ බවද උන්වහන්සේ පැවසූහ.

කොළඹ පිහිටි ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලයට මේ සම්බන්ධයෙන් ලිපියක් භාර දීම සඳහා පැමිණි අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

48,666 views

31 Comments to “කොඩියේ මන්ත‍්‍රීකමට තුවක්තුත් එලියට අදී.. හිමිනමක් පැහැරගෙන පිස්තෝලයෙන් පහර දීලා.. ඥාණසාර හිමිට චෝදනා..”

  1. උපාසක says:

    අපොයි සාසනේට ගිය කල.

Main News