කොඩියේ මන්ත‍්‍රී ධුරයට මැතිවරණ කොමිසයේ නිදි වරාගෙන සාකච්චා.. රතන හිමිත්, සභාපතිත් ගිහින්.. නීතිපති උපදෙස් නොතකලා..

August 21, 2020 at 6:28 am | lanka C news
කොඩියේ මන්ත‍්‍රී ධුරයට මැතිවරණ කොමිසයේ නිදි වරාගෙන සාකච්චා.. රතන හිමිත්, සභාපතිත් ගිහින්.. නීතිපති උපදෙස් නොතකලා..

අපේ ජන බල පක්ෂයට මැතිවරණයෙන් හිමි වූ ජාතික ඇති මන්ත්‍රීධුරය වෙනුවෙන් සාකච්චා ඉකුත් දිනවල රාත්‍රී 8 පමණ තෙක් මැතිවරණ කොමිෂන් සභාවේ දී පවත්වා ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

පක්ෂ සභාපති සමන් පෙරේරා, පූජ්‍ය අතුරලියේ රතන හිමි සමග නීතිඥවරුන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිට ඇත.

කෙසේ නමුත් මේ වන තෙක් අපේ ජාතික මන්ත්‍රීධූරය ගැසට් කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභාව අවසන් තීරණය ගෙන නැත.

කොමිෂන් සභාවේ එකගතාවය නොලැබීම නිසා මෙම මන්ත්‍රී ධුරය ගැසට් කිරීමට නොහැකිවීම මත සභාපති වරයා සහ රත්නජීවන් හූල් මහතා එකඟ කරවාගෙන එය කැසට් කරවා ගැනීමට උත්සාහයක් දරමින් සිටින බව ද සඳහන්ය.

පක්ෂයේ මහලේකම්වරයා වන වේදිනිගම විමලතිස්ස හිමියන් මන්ත්‍රීධුරට තමන් නම් කරමින් කොමිසම වෙත ලිඛිතව දැනුම්දී ඇති අතර නීතිපතිවරයාද දැනුම් දී ඇත්තේ මැතිවරණ පනතට අනුව කටයුතු ලෙසයි.

34,905 views

4 Comments to “කොඩියේ මන්ත‍්‍රී ධුරයට මැතිවරණ කොමිසයේ නිදි වරාගෙන සාකච්චා.. රතන හිමිත්, සභාපතිත් ගිහින්.. නීතිපති උපදෙස් නොතකලා..”

  1. Alapaluwa says:

    මේ මලපෙරේතයා කුමකටද මෙතරම් ඇල්මක් බැඳීමක් මේ මන්ත්‍රිධුරයට මේකා අවුරුදු 15 පමණ සිටියා කුමක්ද කළේ කිසිමදෙයක් නොකොට ඌගේ ජිවිතයේ සුකවිවරණයට මාර්ගය සලසා ගත්තා පමණි නේද?මුට කිසිසේත් මේ මන්ත්‍රීධුරය දෙන්න සුදුසු නැහැ.අනිවාර්යෙන්ම මේ මදාවි දාමරිකයට නොදිසිටින්න සියලු ජනහඬ අවදීකලයුතුයි.සසනයටත් නිගාකරමින් මේ කරණ විකාරවලට දඩුවම් කළයුතුයි.කොමේ මහාලොකුවට කියාගන්නා නිකායවල්?කතාකරපල්ලා මේවටත් බොරුවට අනිත් දේවල්වලට කට තිබුණු පළියට උගුර බෙරියන් දෙන්න කෑගැසුවාට කෝ මේවට හඬ??

  2. පොල් බූරුවා says:

    යකෝ සිවුරැ ගලවල හෙළුවෙන් පලයල්ලා සාසනේ කන්නේ නැතිව. නොදකින් මෙහෙමත් කාලකන්නි.
    නායක හිමිවරුනි, පිං සිද්දවේවි මේ කාලකන්නින්ව සාසනෙන් එලවල දාන්න.

  3. fto says:

    පක්ෂයේ ලේකම්වරයා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්න්ධයෙන් පක්ෂයේ තීරණය මැතිවරණ කොමිසම වෙත දැනුම් දිය යුතුය. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්න්ධයෙන් පක්ෂයේ තීරණය දැනටමත් ප්‍රකාශ කර ඇත. පක්ෂයේ ලේකම්වරයා අත්තනෝමතිකව ක්‍රියා කරමින් පක්ෂයේ එම තීරණය මැතිවරණ කොමිසම වෙත දැනුම් දී නැත.

  4. ඇත්තටම මටනං ලැජ්ජයි අන්‍ය ආගමිකයන් ඉදිරියේ බෞද්ධයෙක් විදියට .

    මොකක්ද සාසනයට යි ආගමට යි මේකරන නින්දා ව.???

    මේ මහානායක කියාගන්න හාමුදුරුවරුන්ට මේවා පේන්නෙ නැද්ද???

    සාසනයට හැදිගෑවුනත් උන්වහන්සේ ලට කමක් නැද්ද එතකොට ..????🐺🐺