කොඩියේ මන්ත‍්‍රී මමයි.. නම ගැසට් කලාම එලියට එනවා..- ලේකම් හිමි සැගවී සිට කියති…

August 10, 2020 at 3:50 pm | lanka C news
කොඩියේ මන්ත‍්‍රී මමයි.. නම ගැසට් කලාම එලියට එනවා..- ලේකම් හිමි සැගවී සිට කියති…

මෙවර මහ මැතිවරණයේදී ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වූ අපේ ජන බල පක්ෂයට එම මන්ත්‍රී ධුර ලබා ගැනීමට පස් දෙනෙකු අතර තියුණු සටනක් ඇතිවී තිබේ.

පූජ්‍ය අතුරලියේ රතන හිමි, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ඥානසාර හිමි, පක්ෂයේ නායකයා, පක්ෂයෙන් තරග කළ සුනේත්‍රා සමරකෝන් යන අය මන්ත්‍රී ධූරය ඉල්ලා සිටින් නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ.

මේ අතර අපේ ජන බල පක්ෂය මහ ලේකම් වූයේ වේදිනිගම විමලතිස්ස හිමියන් තමන් මන්ත්‍රීවරයා බව පවසමින් මැතිවරණ කොමිසමට ලිඛිතව දන්වා ඇත.

ඒ හේතුව මත පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් වී මහ ලේකම් ධුරයෙන් විමලතිස්ස හිමියන් ඉවත් කර ඇත.

මේ අතර මැතිවරණ කොමිසමට තමන්ගේ නම යෝජනා කර ගැනීමෙන් අතුරුදහන්ව සිටින වේදියගම විමලතිස්ස හිමියන් සඳහන් කරන්නේ මන්ත්‍රීධූරය සඳහා පක්ෂය පස්දෙනකු පොරකන නිසා එම ගැටළුව විසඳීම වෙනුවෙන් තමන්ගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කළ බවයි.

තමන්ගේ මන්ත‍්‍රී ධුරය කිසිවෙකුට අවලංගු කල නොහැකි බවත් තම නම මන්ත‍්‍රීවරයෙක් ලෙස ගැසට් කල පසු දැනට ආරක්‍ෂිතව සැගවී සිටින ස්ථානයෙන් එලියට එන බවත් උන් වහන්සේ සදහන් කර ඇත.

1,421 views

42 Comments to “කොඩියේ මන්ත‍්‍රී මමයි.. නම ගැසට් කලාම එලියට එනවා..- ලේකම් හිමි සැගවී සිට කියති…”

  1. Aa ryaawa says:

    Naanasaarayai Rathanayai dhennama epaa.

  2. Ajith says:

    ඉස්සර නම් මම ඥානසාර හාමුදුරුවන්ට අකමැතියි. ඒත් මුස්ලිම් අන්තවාදී ප්‍රශ්නෙදි හාමුදුරුවෝ වසර ගණනාවකට පෙර කියපු සියලු දේම පාස්කු ප්‍රහාරයෙන් සනාත වුනා. ඒ නිසා මම දිවිහිමියෙන්ම දැන් උන්නාන්සේට කැමතියි. උන්නාන්සේ කියපු දේවල් ඇහුව නම් රට මෙවැනි ආගාධයකට වැටෙන්නේ නැහැ. රට ජාතිය වෙනුවෙන් පෙනී සිටින උන්වහන්සේ පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ කෙනෙක්. වහල්ලුන්ට බයියන්ට සමලිංගිකයන්ට මේවා තේරෙන්නේ නැහැ

  3. Hela Karumaya says:

    Involving Buddhist Monks in party politics is the obituary notice in advance of the death of the religion and the nation!

  4. Kalana says:

    මොන කාලකන්නින්ද මේ? මුන්ගේ සිවුරු ගලවල එලවල දාන්න ඕනේ

  5. Rsk says:

    ඃනසාර හාමුදුරුවෝ පාර්ලිමේන්තුවට තෙරුනේ නැත්තම් ඒ පක්ශයටත් අබසරනයි

Main News