‘කොඩිය චීනගේ – ඒ්ත් කොඩි ගහ අපගේ’… ඩොලර් නෑ… ජනතාව ජේත්තුකාරකම් අතහැරිය යුතුයි..

November 25, 2021 at 3:21 am | lanka C news
‘කොඩිය චීනගේ – ඒ්ත් කොඩි ගහ අපගේ’… ඩොලර් නෑ… ජනතාව ජේත්තුකාරකම් අතහැරිය යුතුයි..

යම් භාණ්ඩයක් ලංකාවේ නිපදවන මිලට වඩා අඩු මිලකට වෙනත් රටකින් මිලදී ගත හැකි නම් එය එසේ මිලදී ගැනීමට කටයුතු කිරීම විවෘත ආර්ථිකය හරහා සිදු වූ බවත් අවසානයේ නිදහස් දා සුරතේ රැඳෙන ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කිරීමට සිදුවූ බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ අනුව නන්දා මාලනී මහත්මිය විසින් ගයන “කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ” ගීතය කොඩිය චීනගේ ඒත් කොඩි ගහ අපගේ ලෙස සංශෝධනය කළ යුතු ව ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දෙරණ 360 වැඩසටහන හා එක් වෙමිනි.

මෙරටට පිටරටින් බඩු ගෙන ඒමට මුදල් නොමැතිනම් ණයට බඩු ගෙන ආවේ මතු පරම්පරාවට ඒ ණය ගෙවීමට ඉතිරි කරමින් බවත් වත්මන් ඩොලර් අර්බුදය, රුපියල් අර්බුදය හමුවේ හෝ මේ ජේත්තුකාර පුරුදු වලට තිත තැබිය යුතු බවත් බලශක්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

බලශක්ති අර්බුදය, වත්මන් දේශපාලන තත්වය ඇතුළු කාලීන මාතෘකා රැසක් පිළිබඳ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්..

64,214 views

30 Comments to “‘කොඩිය චීනගේ – ඒ්ත් කොඩි ගහ අපගේ’… ඩොලර් නෑ… ජනතාව ජේත්තුකාරකම් අතහැරිය යුතුයි..”

  1. pamudi says:

    ජනතාවට ඇත්ත කියන ඔබ තුමා ගැන ආඩම්බරයි බොරු කියල ජනතාවට හීන පෙන්නන අයට වඩා

  2. sampath says:

    ඒක ඇත්ත

  3. sansala says:

    කොහොමත් අපේ රටේ මිනිස්සු තියනවට වඩා පෙන්නන්න යනව ඊට පස්සෙ පාලකයින්ට බනිනව

  4. Tikka says:

    උඹලට benz ගෙන්නුවේ , අපි රටවල් ගානේ පක්කලි කම් කරලා හම්බ කරගත්ත සල්ලි වලින්. උඹලට ලෙඩ උනාම Mt. Elizabeth ගෙනිච්චේ අපි එහෙම හම්බ කරගත්ත සල්ලි වලින්. එතකොට උඹල කඩේ යන රාජපක්ෂලාගේ පුත්තු ආතල් ගත්තේ අපේ සල්ලි වලින්. එහෙම උඹල ආතල් ගද්දි අපිට තිබ්බේ බඩ වියත රැක ගන්න සොච්චමක් විතරයි. යාන්තන් ලෙව කන්ඩ විතරයි. උඹලගේ නාස්තිය නැත්තන් මෙලහකට අපිත් වහනයක් අරගෙන, ලස්සනට ජිවත් වෙනවා. අපේ සල්ලි ටිකත් හූරන් කාල, උඹලගේ swiss account වල ඒවා දාගෙන අපිට බණ කියන්ඩ යන උඹලට අපි මේ සලකනවා හොද වැඩියි. උඹලගේ සනුහරේ උන් දැක්ක දැක්ක තැන කැති ගාන්ඩ පුළුවන් නන් අන්න එතකොටයි උඹලට සාධාරණයක් වෙන්නේ.

  5. LalithM says:

    ඕව කියල වැඩක් නෑ. බලය ගන්න බොරු කිව්වේ අපි නොවේ. විදේශ විනිමය නාස්ති කලේ අපි නොවේ. අර රත්වත්තේ උත්තමය මේ ලඟදි කිව්වේ ජැපනීස් ක්‍රෙඩිට් ලයින් එකෙන් වාහන ගේන්න කියල මන්ත්‍රීලට. උන්ට ඒ වගේ කරන්න දීල අපිට බණ කියන්න තමුන්ට අයිතියක් නෑ.

  6. Banda says:

    thavath munta kade yana harak innavada

  7. Gihan says:

    Thou naya aragena, kulunu ,suriyawew,maththala hadala bana kiyna sallala para**

Leave a Comment

Main News