‘කොඩිය චීනගේ – ඒ්ත් කොඩි ගහ අපගේ’… ඩොලර් නෑ… ජනතාව ජේත්තුකාරකම් අතහැරිය යුතුයි..

November 25, 2021 at 3:21 am | lanka C news
‘කොඩිය චීනගේ – ඒ්ත් කොඩි ගහ අපගේ’… ඩොලර් නෑ… ජනතාව ජේත්තුකාරකම් අතහැරිය යුතුයි..

යම් භාණ්ඩයක් ලංකාවේ නිපදවන මිලට වඩා අඩු මිලකට වෙනත් රටකින් මිලදී ගත හැකි නම් එය එසේ මිලදී ගැනීමට කටයුතු කිරීම විවෘත ආර්ථිකය හරහා සිදු වූ බවත් අවසානයේ නිදහස් දා සුරතේ රැඳෙන ජාතික කොඩිය ද චීනයෙන් ආනයනය කිරීමට සිදුවූ බවත් බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

ඒ අනුව නන්දා මාලනී මහත්මිය විසින් ගයන “කොඩිය සුද්දගේ මල්ලි සිංහයා අපේ” ගීතය කොඩිය චීනගේ ඒත් කොඩි ගහ අපගේ ලෙස සංශෝධනය කළ යුතු ව ඇති බවද ඒ මහතා සඳහන් කර සිටියේය .

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ දෙරණ 360 වැඩසටහන හා එක් වෙමිනි.

මෙරටට පිටරටින් බඩු ගෙන ඒමට මුදල් නොමැතිනම් ණයට බඩු ගෙන ආවේ මතු පරම්පරාවට ඒ ණය ගෙවීමට ඉතිරි කරමින් බවත් වත්මන් ඩොලර් අර්බුදය, රුපියල් අර්බුදය හමුවේ හෝ මේ ජේත්තුකාර පුරුදු වලට තිත තැබිය යුතු බවත් බලශක්ති අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

බලශක්ති අර්බුදය, වත්මන් දේශපාලන තත්වය ඇතුළු කාලීන මාතෘකා රැසක් පිළිබඳ උදය ගම්මන්පිල අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වීය.

සම්පූර්ණ වැඩසටහන මෙතනින්..

65,555 views

30 Comments to “‘කොඩිය චීනගේ – ඒ්ත් කොඩි ගහ අපගේ’… ඩොලර් නෑ… ජනතාව ජේත්තුකාරකම් අතහැරිය යුතුයි..”

  1. Kandy Whip says:

    Is Gammanpilla a member of opposition in the parliament? He sounds like that and in the process he attempts to wash his hands of all mistakes and errors of this government. He is a cabinet minister and what is that he has done to arrest the current issues. He is a big talker only. It is time to walk the talk rather than making attempts to fool general public ( especially Biya’s) again and again

  2. Pora says:

    This man is preaching us bana while his wife and children are having a posh comfortable life in Australia.

    • nimal maravila says:

      are you think its a comfortable life… ? can you remember yahapalanaya government try to arrested them.

  3. Gamini says:

    This guy have big talk no work

  4. සැනසුම says:

    ඔබතුමාලා චන්දයට කලින් ඔව්ව කිව්වේ නැහැනේ , කිව්වේ යහපලනයේම වැරදි , දැන් යහපාලනය කරපු දෙයක් වත් ඔහෙලට කරන්න බැහැ වගේ , කෝ ගොටගෙන් බලාපොරොත්තු වෙච්චි විනය , සමුර්ධිය , ආර්ථික දැක්ම මෙලෝ දෙයක් නැහැ , අනේ අපි රැවටුන රැවටිල්ලක්

  5. වජිර says:

    අවාසනාවට ඇත්ත කතාවක්

  6. Rat Trap says:

    දසදහස් ගණනකට මරු කැදවන,තවත් ලක්ෂ ගනන් ජනයා අගතියට පත්කරන, අසරණ භාවයට පත් කරන දෙයක් ලබන ජනවාරියේ සිදුවීමට නියමිතයි.
    ඒ,ආණ්ඩුව ජනතාවගේ ඊරි මාංශය හූරා ජනවාරි මාසයේ ඩොලර් බිලියන 7ක ණය ගෙවීමට ඇති සූදානමයි.
    (පාර්ලිමේන්තුවේ)ඔබ මේ පෙන්වන ගැටුම්,විරසකභාවයන්,බෙදීම් පසෙකලා ඔබ සියල්ල (225) එක්ව ගැටුමකින්,වාදයකින්,බෙදීමකින් තොරව පූර්ණ එකගතාවයෙන්,මහත් භක්තියෙන් එම ඩොලර් බිලියන7 රකුස් කටට හලන බව අපි දනිමු.
    එම ණය ගෙවීමට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ “ගරු පාර්ලිමේන්තුව” එකගද නැද්ද ?
    පාක්ෂිකයනී, අධාරකරුවනී “ජනවාරි මාසයේ ඩොලර් බිලියන 7ක ණය ගෙවීමට ඔබ එකගද නැද්ද” යන ප්‍රශ්නය ඔබ ඔබේ පක්ෂයට,ඔබේ පක්ෂ නායක‌යාට,දේශපාලන ක්‍රියාධරයාට ඉදිරිපත් කරන්න.
    එම ප්‍රශ්නය හමුවේ ඔහුගේ ඇයගේ සැබෑ හදවත,මුහුණ එලිදරව්වනු ඇත.
    එම ප්‍රශ්නය හමුවේ ඔහුගේ ඇයගේ වෙස් මුහුණු ‌බොරු සළුපිලි ගැලවී ඔහු හා ඇය නග්න වනු ඇත.

  7. N.M.Somalal says:

    කොඩි ගහත් අපේ නොවෙයි එිකත් පකිස්ථානෙ

  8. දයා වයමන් says:

    කොන්ද කෙලින් තියන් ඇත්ත කිව්වට ස්තුතියි

  9. nimal maravila says:

    අපි මේ අර්බුදය එක්ව ජය ගත යුතුයි

  10. kasun says:

    ජනතාව ඇත්ත තේරුම් ගත යුතුයි

Main News