රන්ජන් බොරුකාර නළුවෙක්.. පක්ෂ විපක්ෂ කිසිවෙක් කොකේන් ගහන්නේ නෑ..
February 24, 2019 at 6:48 pm | lanka C news
මේ දිනවල මධ්‍යම කදුකරයේ පවතින දැඩි වියළි කාලගුණයත් සමගම ප්‍රධාන ජලාශවල ජල මට්ට්ම පහල බැස ඇතත් විසන්ධි කිරිමකින් තොරව අඛන්ඩව මේ රටේ විදුලි පාරිභොගිකයන්ට විදුලිය ලබාදෙනබ බව විදුලි බල බල ශක්ති සහ ව්‍යපාර සංවර්ධන අමාත්‍යය රවි කරුණානායක මහතා පැවසිය.
රවි කරුණානායක මහතා ඒ බැව් කියා සිටියේ ගිනිගත්හේන පොල්පිටිය ජල විදුලි බලාගාර ව්‍යාපෘතිය සහ එම ව්‍යපෘතිය නිසා අවතැන් වුවන්ගේ වන්දි මුදල් ලබාදිම සමබ්න්ධයෙන් සොයා බැලිමට පොල්පිටිය ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවට එක් වෙමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු රවි කරුණානායක මහතා කියා සිටියේ බොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් අවතැන් වු පවුල් 40 ක් සදහා ගෙවිමට නියමිත වන්දි මුදල් එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට ප්‍රථම ලබාදිමට තම අමාත්‍යංශය කටයුතු කරන බවයි.
බ්‍රොඩ්ලන්ඩ් ජල විදුලි බලාගාර ව්‍යපෘතියේ වැඩ කටයුතු අවසන් අධිරයේ පවතින බවත්, එම ජල විදුලි බලාගාරයේ උත්පාදනය කරන මෙගාවොල්ට් 25 විදුලි ධාරිතාව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරිමෙන් පසු අඛන්ඩව මේ රටේ ජනතාවට විදුලි බලය ලබා දිය හැකි බව රවි කරුණානායක මහතා කියා සිටියේය.
දේශපාලන අධිකාරිය නිසි වේලාවට නිසි තිරණ නොගැනිම නිසා මෙවැනි අර්බුධ පැන නැගි ඇති බවද රවි කරුණානායක මහතා පැවසිය.
රාජ්‍යය අමාත්‍යය රන්ජන් රාමනායක මහතා නළුවෙකු බවත්, ඔහු කරන ප්‍රකාශය අනුව එක්සත් ජාතික පක්ෂය හෝ විපක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයෙකු මත්ද්‍රව්‍යය භාවිතා නොකරතන බවත්, ඔහු කර ඇති ප්‍රකාශ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මගින් පරික්ෂණයක් ආරම්භ කර ඇති බවද රවි කරුණානායක මහතා පැවසිය.
– හැටන් රංජිත් රාජපක්ෂ
I also agree with Ravi regading Ranjan’s prediction.
කරුපයියා ඔක්කොම දිහා දවසෙ පැය විසි හතරෙම බලාගෙනලු ඉන්නෙ. බූහාහා !
රන්ජන චෝදනාව නිසි ලෙස කලා. අපි ජනතාව ඔහු විශ්වාස කරනවා. ඒනිසා සෑම මංත්රීවරයෙක්ම දැන් කලයුත්තේ බ්ලඩ් ටෙස්ට් එකක් කොර ගන චෝදනාවෙන් නිදහස් වෙන එකය්. වාචාල කම් දොඩවලා වැඩක් නැහැ.
චෝදනාවක් කරනවානම් ඒක ඍජුවම කෙනෙක්ගේ නමක් කියලා , ඔප්පු කරන්න පුළුවන් දෙයක් වෙන්න ඕනේ . නිකන් චිත්‍රපටි වගේ ගැලරියට ගහල වැඩක් නෑ. බොරු ෂෝ කොහෙවත් ඉන්න හරකෙක් උම්බෑ ගෑව කියලා රටේ ඉන්න ඔක්කොමටම බ්ලඩ් ටෙස්ට් ගන්න පිස්සුද
A drug test must be made mandatory before starting any job.
රන්ජා බොරු පඩෂෝ එකක් දැම්මේ මිනිස්සුන් ගේ අවදානය වෙනතක යොමු කොරන්න ඔය කුඩු නාටකයේ මහ මොලකරු රනිල් අවුරුදු 5 ඇදගෙන හරි බඩගාගෙන යන්න හරි තමයි මෙගා නටක ගෙන එන්නේ ගොන්ජාට ඔය තරම් ෂුවර් නම් ඇයි නම් ප්‍රසිද්ද නොකරන්නේ තනිකර පඩෂෝ?????????????????.