කොතලාවල පනත 03 වැනිදා සම්මත කරනවා..- ජනපති

July 21, 2021 at 6:20 am | lanka C news
කොතලාවල පනත 03 වැනිදා සම්මත කරනවා..- ජනපති

මතභේදයට තුඩු දී ඇති කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත අගෝස්තු මස තුන් වැනිදා පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීමේ වැඩමුළුවක් අගෝස්තු මස දෙවැනිදා පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන බවද ජනාධිපතිවරයා පවසා තිබේ. මේ සම්බන්ධයෙන් රටේ වැරැදි මතයක් ඇති වී ඇතැයි ද එය නිවැරදි කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා කියා ඇත.

මෙකී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දිනක විවාදයක් පවත්වා යළි විවාදයට ගැනීම අගෝස්තු මස තෙවැනි සතිය දක්වා කල් දැමුණේ ඊට එල්ල වූ විරෝධය මත ය.

මේ අතර පසුගිය සිකුරාදා (16 වැනිදා) පැවති බෞද්ධ උපදේශක කාරක සභාවේ දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණේ මෙම සරසවිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට පත් කරන බව ය.

– aruna

39,268 views

33 Comments to “කොතලාවල පනත 03 වැනිදා සම්මත කරනවා..- ජනපති”

  1. Lanka says:

    Sri Lankan students go to many other countries, but majority of people sending because they hope they will have a good education. Reality is whole different, fees are high some kids are struggling to pay off their fees, majority of girls/ boys do odds jobs. It is hard life, so why cant we have private universities in Sri Lanka? iF WE HAVE INTERNATIONAL SCHOOLS WE SHOULD HAVE PVT UNI TOO.

  2. සාධාරණ සමාජයක් උදෙසා! says:

    ඉතාම ඉතා හොඳ වැඩක්. කාල කන්නි ජේප්පෝ, අපත කුරැටුගමී බල්ලො මට්ටු කරන්න. සියලු ශිෂ්‍යයන් ට පිටරට නොගිහින් ලංකාවෙ අධයාපන ලබන්න පුලුවන් මෙයින් පසු .

  3. අරුණ කුමාර says:

    විස්ව විද්‍යාල තියෙන්නේ තාප්පවල කුණුහරුප ලියන්න කියලයි ජප්පෝ දන්නේ. පුද්ගලික විශ්වවිද්‍යාලවලට අන්තරේ කට ගහන්න ආවොත් පුකට පයින් ගහල එලවන වග උන් දන්නවා.ලෝකයේ ඕන තරම් හොඳ පුද්ගලික විශ්ව විද්‍යාල තියනවා. නියාමනය කරවන ස්වාධීන ආයතන තියනවා. තරගකාරිත්වයෙන් මේවා පවත්වා ගෙන යා යුතුයි.ආංඩුවට ඔක්කෝම කරන්න බැහැ. තකතිරු සජබ(සජිත්+ජලනි+බල ) යොයි කට උල් පාටියයි කියන ඒව අහන්න ඕන නැහැ. ජප්පොයි පෙරෙට්ටොයි දියව් දියව් කියනවා හැර පංසලක පිංපෙට්ටියටවත් සතයක ආධාරයක් දෙන ජාතියක්ද?

  4. Darshana abayakoon says:

    අති ගරු ජනාදිපති තුමනි සයිටම් ප්‍රශ්නයේදි අපි රාජපක්ශවරු සමග හිට ගත්තා මෙන්ම කොතලාවල ප්‍රශ්නෙදිත් 69ලක්ශයක් ජනතාව කිසිදු කොන්දේසියකින් තොරව ඔබ සමග හිටගන්නවා ඇත. අද මෙම පනතට සහය දක්වනවා වගේම යම් දවසක ඔබ තුමාල විපක්ශයේ සිට මෙයට විරුද්ධ වුනොත් එදාට අපි ඔබ තුමාල සමග මෙයට විරුද්ධ වෙනවා.

    • ගැමුණු says:

      එතකොට ඔය සජිය හරි උගතෙක් කියලද ඔබ කියන්නෙ? මේ වගෙ හරක් රැල ඉන්න උත්තරිතර පාර්ලිමේන්තුව ගැන කල කිරිලයි ජනතාව ඉන්නෙ.

Main News