කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරුද්දව ඡන්දය දෙන බව විමල්ගේ පක්‍ෂය ආණ්ඩුවට දන්වයි…

July 10, 2021 at 10:18 pm | lanka C news
කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරුද්දව ඡන්දය දෙන බව විමල්ගේ පක්‍ෂය ආණ්ඩුවට දන්වයි…

පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබූ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත තුල තිබූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ සලසන ප්‍රතිපාදනය ඉවත් නොකරන්නේ නම් තම පක්ෂය ඊට විරුද්ධව ඡන්දය පළකරන බව ආණ්ඩුවෙ හවුල්කාර පක්‍ෂයක් වන ජාතික නිදහස් පෙරමුණ දන්වා තිබේ.

අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට තමන් මේ බව දැනුම් දුන් බව එම පක්ෂයේ නියෝජ්‍ය සභාපති රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කළේය.

එම පනතට එරෙහිව ඇතිව තිබෙන විරෝධතාවය හා තම පක්ෂය දැක්වූ ස්ථාවරය හේතුවෙන් අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම අගෝස්තු මාසය දක්වා කල් දමා ඇති බවද ඔහු පැවසීය.

අගෝස්තු මාසයේ දීද ඉදිරිපත් කරන පනතින් පෞද්ගලික විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කිසිදු ආකාරයකින් තම පක්ෂයට එකඟවිය නොහැකි බවද ඒ මහතා තව දුරටත් සඳහන් කළේය.

87,032 views

36 Comments to “කොතලාවල විශ්ව විද්‍යාල පනතට විරුද්දව ඡන්දය දෙන බව විමල්ගේ පක්‍ෂය ආණ්ඩුවට දන්වයි…”

  1. යකා says:

    20 වැනි සංශෝධනයට් විරුද්ධ වුනා වගේ ද

    • Sorry.com says:

      කොහෙද ඉතින් බස් ගිණිතිබ්බ ඇරෙන්න වෙන කරපු දෙයක් නෑ. අධ්‍යාපනයක් තියෙන එකෙක් විරුද්ධ වුණා නම් අවුල්

  2. Dimple kupadiya says:

    ඔව් ජනතාව ගෙ බදු මුලින්ම නොමිලේ උගන්වල ආණ්ඩුවේ රස්සා දීලා දුප්පතාගේ බදු
    වලින් පඩි බාටා ඕ ටී දීලා, පිටරට විශ්ව විද්‍යාල පෝසත් කරලා ඩොලර් එලියට යවල රටම අගාදයට ඇදන් යන ගමන නවත්තන්න හොඳ නෑ.

    • Rabok says:

      Ratte minissunge salli walin iganagen Aanduwe rakiya hoyamin bura bura – rakiyawa labunain passe ice gahamin OT karamin,wadawarjana karamin thamunge rajakaariya athapasu karamin kaale iwara unain passe pension kamin rtte income eken 60% withara kabasiniya karana lada aparuwanta wada Private Univta gersity ekakata gihilla Aanduwata saha rattata barak novee yamkisi sewayak karana kattiya rattata watinawa

      viruddha wiruddha wena harakta thiyana rudawa mokdakada – eun viyadam karanne nahane –

  3. කෙප්ප බිමලේ says:

    ඇයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලට විතරක් විරුද්ධ. ප්‍රමිතිය තියනවනම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල ප්‍රශ්නයක් නෑ නේද. මේ තනිකරම ලංකාවේ ඉගෙනගත්තු දොස්තරලාගේ තියන අමු කුහකකමට කරන දේවල්. වෙන කෙනෙකුට සුදුසුකම් තිබුණත් ඉගෙනගන්න දෙන්නෙ නෑ.හැබැයි කතාව නිදහස් අධ්‍යාපනය රැකගන්න.

  4. රටට හිතැති says:

    රට ගොඩ නගන්නනම් මේ විමල් ගම්මන්පිල නලින් සිල්වා සහ ජේවීපී එක ලංකාවෙන් තුරන් වෙන්න ඕන.

  5. Rabok says:

    Please do not withdraw this act at any cost – Wimal is trying to go with other anti government idiots who are already shouting against this act – just to become popular – Let all these guys fly a kite and bring in the act

  6. Darshana abayakoon says:

    මාවර මන්ඩියෙ කම්යුනිකශන් එකක් දාගෙනා අමාරුවෙන් ජීවත් වෙච්ච වීරවන්ශ සහොදරයා මැදමුලනේ වලව්වෙ සට්ටැබිකම් කරල යන්තම් ගානක් හොයාගෙන හොකන්දර සැප ගෙදරක් හදා ගත්තා. ජෙප්පෙක් වෙල හිටිය නම් ඔය සැප නෑ නෙ. හැබැයි වලව්වේ බල්ල දැන ගන්න ඔනේ ඉන්නෙ වලව්වෙ වුනාට බල්ල බල්ලමයි කියලා. හාමුට උඩින් යන්න ගියොත් පයින් ගහලා එලවනවා කියලා. බල්ල වගේ 20ට අත උස්සල දැන් බොරුවට දේශප්‍රෙමි ටොක්ස් දෙනව

  7. නිදහස් අද්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගත්ත, පොහොට්ටු සට්ටබියෝ, කොතලාවල පනත කියන්නේ කියන්නෙ මොකක්ද කියලා දන්නෙවත් නැතිව, ඊට පක්ශව උඩුබුරනවා…මස් කට්ට ලොවන්න, කෑදර කමට!රටට ආදරය කරන සෑම පුරවැසියෙක්ම,දේශපාලන බේදයකින් තොරව, මෙම පනතට විරුද්ද විය යුතුය. විමල් ඔබට අපගේ උත්තම ආචාරය.අවලම් පොහොට්ටු පක්කලි බල්ලො උඩ බිරුවදෙන්!අපි ඔබ සමග!
    !

  8. කොතලාවල පනතටත්, ඊට එරෙහි වන ජාතික පෙරරමුනේ නායකයින්ටත් එරෙහි වන, අබේකෝනා ශුවර් එකටම කකුල් හතරේ බත් බුදින, දෙපතුල් ලෙවකන, අමන, ගොන් වස්සෙක් බව ඌ ලියල තියන comments වලින්ම පේනවා! නොදකින් වහල් හැතිකරේ!

  9. සවාධීන says:

    1000 % ක් ම හොද දෙයක්.
    අනිවාර්යයෙන්ම ලංකාවේ පෞද්ගලික වෙදය විශ්වවිද්‍යාලය ආරම්භ කල යුතුමයි. ඒකේ දෙකක් නෑ

  10. Manjula says:

    Everywhere in the world have privet medical universities. Why not in Sri Lanka. This creasy idiotic attitude must change to develop this country.

Main News