කොන්දේසි දමා භාණ්ඩ විකුණන බවට ඇමති බන්දුලට චෝදනා… එය නීති විරෝධීයි..

November 5, 2021 at 5:30 pm | lanka C news
කොන්දේසි දමා භාණ්ඩ විකුණන බවට ඇමති බන්දුලට චෝදනා… එය නීති විරෝධීයි..

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය.

කොන්දේසි දමා භාණ්ඩ විකිණීමට වෙළද ඇමතිගේ උත්සහය නීති විරෝධීයි.

සතොස අලෙවිසැල් හරහා සීනි හා සහල් මිලදී ගැනීමට නම් වෙනත් භාණ්ඩ මිලදී ගතයුතු බවට වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් පසුගියදා කළ ප්‍රකාශය 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතට සම්පූර්ණ පටහැනි ප්‍රකාශයකි. කිසිදු කොන්දේසියක් දමා භාණ්ඩ විකිණීම උක්ත නීතියෙන් තහනම් කොට ඇත.

ඒ පිළිබදව 2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තියේ පැහැදිලිව සදහන් කර ඇත. පනතේ එසේ සදහන්ව තිබියදී එම නීතිය උල්ලංඝණය කිරීමට උත්සහකිරීම අප සංවිධානය දැඩිව හෙළාදකින අතර ‌2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනත හොදින් කියවන ලෙස අප වෙළද අමාත්‍යවරයාට අවධාරණය කරන අතර මීට පෙර සතොස ආයතනය පාරිභෝගිකයින්ට කොන්දේසි දමා භාණ්ඩ අලෙවි කිරීමක් පිළිබදව අප විසින් කරන ලද පැමිණිල්ලකට අනුව අධිකරණය විසින් දඩ නියමකර ඇත.

කිසියම් වෙළෙන්දෙකු හෝ ආයතනයක් භාණ්ඩ අලෙවි කිරීමේදී කුමන හෝ කොන්දේසියක් දමන්නේනම් පාරිභෝගික අධිකාරියේ 1977 දුරකතන අංකයට පැමිණීල කරන ලෙස අප පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිමු.

2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු අධිකාරී පනතේ 16(ආ) වගන්තිය

ගැණූම්කරු විසින් භාණ්ඩයෙහි මිල නොපමාව ගෙවිය යුතු යුතුය යන කොන්දේසිය හැර වෙනත් යම් භාණ්ඩයක් මිලට ගැනීම නියම කිරීමේ හෝ යම් සේවාවක් වෙනුවෙන් යම් ගෙවීමේ කිරීමේ කොන්දේසියකට හෝ වෙනත් යම් කොන්දේසියකට හෝ යටත්ව ඒ් භාණ්ඩය විකිණීම සදහා ඉදිරිපත් කිරීම නොකළයුතුය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

16,175 views

5 Comments to “කොන්දේසි දමා භාණ්ඩ විකුණන බවට ඇමති බන්දුලට චෝදනා… එය නීති විරෝධීයි..”

  1. John the baptice says:

    Bandu Please Go Home.

    • wimalasena H.D. says:

      bandu please sell my pork borns at your CWE stores. i will pay you a good commision for it.

  2. Alapaluwa says:

    මනුෂ්‍යන්ගේ නෝයෙක්, නෝයෙක් පේර ක්‍රියාකලාපයෙදී සිදුකළ පිං,පවු දෙක අනුව කර්මය මත නැවත මනුෂ්‍ය ආත්මයක් ලැබුවත් ඒ කලකම්වලට පවුගේවිමට මිහිපිටදීත් පඩිසන් දේනවා අපි නෝයෙක්,නෝයෙක් අවස්ථාවලදී දැක ඇත අසා ඇත… ඒ අනුව කොතැනක හෝ තමගේ සුවරුපයේ අඩුවක් හෝ උපතින්ම,ලෙඩරෝග.බහුලව උපදිනබවද අසා ඇත දැක ඇත.,මේ බන්දුලත් ඒ අණුව තම මුහුණේ සුවරුපය සමනය මනුෂ්‍ය රූපයකට වඩා වෙනස් පිළිබිඹුවක් දිස්වෙනවාද දෑක ඇත.මේනිසා තමන්ට නොයෙක් නොයෙක් දේනාගෙන් නින්දා අපහාස පාවාද අසන්නට සිදුවී ඇතිබවත් ඔබ දන්නවා ඇත.නමුත් තමන් එබව දැන,දැනත් මේ ආත්මයේදීත් ඒ පවම කරමින් යන්න හදන්නේ මතු ආත්මයේදීත් මෙම කර්මයම ගෙනයාමටයි.තමන්ට මේ ආත්මයේදී ගෙවා නිමකරගන්න බැරි තවත් විශාල පාපකර්මයකටයි ඔබ මේ යමින් සිටින්නේ!!!!බලන්න ඔබගේ මුවින් කියාපු එක දේයකින්වත් ජනතාවට සහනයක් වූබව නම් අපි දන්නා කලයකදිවත් අසා නැත.එමනිසා මුසාවාද නෝකියා මේ අහිංසක අසරණ ජනතාව නොමරමරා කළුකඩ මුදලාලිලා වේනුවෙන් සහායෝගය නොදී, ඔවුනට සෝරකම් කිරීමට උපකාරිනොවී, අහිංසක ජනතාවගේ අහාහාර සුරක්ෂිතව තබා සැමට සේත සළසනමේන් කාරුණිකව ඉල්ලා සිටිමි.එයින් ඔබේ එළොවට සහා ජීවත්වෙලා සිටින තාක්කල් මෙලෝවටද යහපතක් වේවි.Alapaluwa from SA

  3. wimalasena H.D. says:

    me uru moonaa bandulayawa vahaama askorala hireta yawanu. ema dhurayata moota wadaa dahs vaarayak
    accountswalin ugath muslim ayek othanata vahaama daanna. neththam rata yanne vala pallatai.

  4. නාරද says:

    හිනස්සන බන්දුටත් වඩා රට හිනස්සන බන්දු ගේ දැනගැනීම පිණිසයි. මේ දවස්වල හොරා නොකන අහිංසක මිනිසුන් දුප්පත් වෙලා ඉන්නේ, රුපියලත් හොයන්නේ අමාරුවෙන්. දවසට කීයක් හරි හොයාගත්තම පොඩි දේවල් ටිකක් ගන්න යනකොට ඒකටත් කොන්දේසි දැම්මම ‌කොහොමද යකෝ කන්නේ. ලබ්බා පලයන් අයින්වෙලා. මු ගියත් කවුරු ආවත් කෙලවෙන්නේ අපිට හොර තක්කඩි රැලවල්

Main News