කොන්දේසි විරහිතව එක්වන්නැයි ශ‍්‍රීලනිපය මහින්ද පාර්ශ්වයෙන් ඉල්ලයි.. කැම්බල් පිටිය පුරවන්න හතර අතේ වැද වැටෙයි..

August 31, 2017 at 1:20 pm | lanka C news
කොන්දේසි විරහිතව එක්වන්නැයි ශ‍්‍රීලනිපය මහින්ද පාර්ශ්වයෙන් ඉල්ලයි.. කැම්බල් පිටිය පුරවන්න හතර අතේ වැද වැටෙයි..

ඉදිරියේ දී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයට මහින්ද රාජපක්ෂ මහතා නැතිව තරග කර එකම ඡන්ද කොට්ඨාසයක් හෝ ජයග්‍රහණය කර පෙන්වන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයන්ට අභියෝග කරයි.

මහින්ද සාධකය නොමැතිව මැතිවරණ ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිහිනයක් පමණක් බවත් රාජපක්ෂ සාධකය සහිත සන්ධානයකට ඉදිරියේ දී පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් හිමිවන බවත් රණතුංග මහතා පවසයි.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ උඩුගම්පොළ දී පැවැති ජනහමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

පිට්ටනියට පිරෙන ඔලුගෙඩිවලින් මැතිවරණ ජයගත නොහැකි යැයි එදා මහින්ද රාජපක්ෂ මහතාට කී අයම අද පක්ෂ සම්මේලනයේ දී කැම්බල් පිටිය ඔලුගෙඩිවලින් පිරවීමට ජනතාවට වැඳ‍වැටෙමින් හතර අතේ දුවනු දක්නට ලැබීම සිනාවට කරුණක් බවත් මන්ත්‍රිවරයා ප්‍රකාශ කළේය.

මහින්ද නොමැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වී ඇති බවත් ඉදිරි මැතිවරණයක දී මහින්ද නොමැතිව තරග කළහොත් සැබෑ නිදහස් පාක්ෂිකයන් සිටින තැන පක්ෂයේ තනතුරුවලට උඩින් පාත් වූ අයට දැනගත හැකි වනු ඇති බවත් රණතුංග මහතා කීවේය.

ඕනෑ කෙනකුට පක්ෂයේ තනතුරු බලෙන් ලබාගත හැකි වුවත් පාක්ෂිකයන් ලබාගත නොහැකි බව පැවසූ රණතුංග මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ගෙන් සියයට 99.9ක්ම අද සිටිනුයේ හිටපු ජනාධිපතිවරයා සමඟ වීම ඊට හොඳම උදාහරණය බවත් පෙන්වා දුන්නේය.

මැතිවරණ පරාජයෙන් බේරීමට නිදහස් පක්ෂයට ඇති එකම විසඳුම එක්සත් ජාතික පක්ෂය සමඟ පූට්ටු වී හංසයාගෙන් තරග කිරීම බව පැවසූ රණතුංග මහතා එසේ වුවත් මහින්ද පාර්ශ්වයට අභියෝග කරන්නට හංස පූට්ටුවටත් නොහැකි වනු ඇති බවටත් විශ්වාසය පළ කළේය.

නියත පරාජයෙන් වැළකීම සඳහා නිදහස් පක්ෂයේ නායකයන් කොන්දේසි විරහිතව මහින්ද පාර්ශ්වය සමඟ එකතු වීමට කැමැත්ත පළ කර ඇති නමුත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධූරය ලබා දෙන තුරු කිසිදු ආකාරයේ එක්වීමකට ඒකාබද්ධ විපක්ෂය සූදානම් නැති බවත් රණතුංග මහතා අවධාරණය කළේය.

කවුරු ගියත් 2020 දක්වා ආණ්ඩු කිරීමට සූදානම් යැයි ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් රණතුංග මහතා කීවේ ඕනෑම කෙනකුට සිහින දැකීමට අයිතියක් ඇති බවය.

2020 තබා තව මාස දෙකක්වත් මේ ආණ්ඩුව ඉදිරියට යතැයි තමන් විශ්වාස නොකරන බව පැවසූ රණතුංග මහතා ආණ්ඩුවේ බලකණු පවා ඉදිරියේ දී ලොකු පිම්මක් පනිනු ඇති බවත් ආණ්ඩු පෙරළියකට ජනාධිපතිවරයාගේ ආශිර්වාදයක් අවශ්‍ය නැති බවත් පැවසීය.

මේ ආණ්ඩුව 2020 දක්වා ගෙන යාමට සූදානම් වන්නේ එක්සත් ජාතික පක්ෂයත් හොර ඇමැති නඩයක් ආරක්ෂා කිරීමේ අරමුණෙන් බව පෙන්වා දුන් රණතුංග මහතා හොරුත් සමඟ හෙළුවෙන් සිටින්නට කැමැති අය ඉදිරියේ දී හෙළිදරව් වනු ඇති බවත් ප්‍රකාශ කළේය.

– ප‍්‍රදීප් අනුර කුමාර

 

32 views

10 Comments to “කොන්දේසි විරහිතව එක්වන්නැයි ශ‍්‍රීලනිපය මහින්ද පාර්ශ්වයෙන් ඉල්ලයි.. කැම්බල් පිටිය පුරවන්න හතර අතේ වැද වැටෙයි..”

  1. gamarala says:

    කැම්බල් පිටිය පුරවන්න යන බත් බැලයෝ රට ජාතිය පාවා දෙන්නෝ

    • සුපුන් දනංජය says:

      ජනාදිපතිය ලජ්ජාවක් කියා දෙයක් තිබේනම් තනතුරින් ඉල්ලා අස්වෙනු තමුන් ඔය තනතුරට ආවේ ඉතාම පහත් ආකාරයටයි .ආප්ප කෑ පිටුපසට පිහියෙන් අනින්නේ ඉතාම පහත් කෙනෙක් පමනයි .තමුන් මහා චන්දය දිනට පෙර කලෙත් පොලව නුහුලන අන්තිම කැත මිනිහෙකුට පමණක් කරන්න පුළුවන් දෙයක් .කලාස් එකෙක් නැති කෙනෙක් ට ආත්ම ගවුරවය ගැන බන දේශනාකර වැඩක් නෑ .තමුන්ට මේ රටේ ගවුරව්‍ය කිසිදා ලබන්න බෑඒ ආරම්භය අශුද්ද නිසා .රටත් ජාතියත් කෑවා ඇති දැන් ඉතින් දුරුවෙලා යන්න

      • Chapa says:

        අපි පැහැදිලිව කියන්න ඕන කාරණය තමයි ගම් මට්ටමින් ජනතාව දන්නවා නෙලුම් පොහොට්ටුව පිටිපස්සේ තියාගෙන පක්ෂයේ නායකයාය කියනවාට වැඩිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත සලකුණ ඉස්සරහ ඉදගෙන කතා කරන ඒ වෙනුවෙන් පෙනී සිටින නායකයා හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපතිත්වය මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ තිබෙනවාය කියන එක හැමදෙනාම දන්නා කාරණයක්.

  2. john the baptice says:

    බත් බැලයන් යනු.

    රටක පාලක පංතිය හා ඔවුන්ගේ සුවච කීකරැ ඇම්බැට්ටයින්ගේ බත් ටිකකට අරක්කු වීදුරැවට. බොරැ රැකියා පොරොන්දු වලට වහ වැටී පාලකයන්ගේ හා උන්ගේ ඇම්බැට්ටයින්ගේ පුක උනත් සේදීමට සෑදී පැහැදී සිටින පිරිසයි.

    • Chapa says:

      ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන ජනතාව හැටියට ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පණපොවන නායකයා හැටියට සඟ වෙද ගුරු ගොවි කම්කරු කියන පංච මහා බලවේගයට ශක්තිය ලබාදෙන නායකයා හැටියට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මේ රටේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියට අරගෙන යන්න ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයා වෙනුවෙන් කැපී පෙනෙන නායකත්වයක් ලබාදෙන නායකයෙක්. ඒ වගේම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව මාවතකට ගෙනල්ල විවිධ ආගම් කුල මල පක්ෂ බේද සියල්ල පැත්තකට කරලා,සියලු ජාතින්, සියලු කුලවල ජනතාව සියල්ල ඒක රාශිකරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයග්‍රාහි මාවතකට ගෙන යන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා තිබෙනවා.

      • ගෙම්බා says:

        සඟ වෙද ගුරු කෙසේ වෙතත් රට කන හොරු සහ හොරිකඩු කියන බලවේගයට නම් කැපී පෙනෙන ශක්තිය දෙන්නේ උඹ ඔය කියන මහ ලොකු ජනාදිපති තමයි.

  3. Aurora says:

    ලොකු හාන්සිපුටු තොගයක් ගෙනත් මුළු පිට්ටනියම වැහෙන්න දුරින් දුරින් දාල, ඩ්‍රෝන් කැමරා ආරක්ෂක හේතුන් කියල පැත්ත පළාතට එන එක නතර කරලා, වටේ තියන උස ගොඩනැගිලි සියල්ලටම පොලීසිය සහ හමුදාව දාල (ඔවුන්ට කැමරා ෆෝන් තහනම්) කිසිම කැමරා කාරයකුට උස තැන් වලට යන්න නොදී හිටියොත් හිටo ඊළඟ අවුල තෙක් ගොඩ. චන්දයක් එනතෙක් ඔහොම යන්. එදාට සීතාම්බර සළුව අන්දනවා.

  4. Mama Sirisena says:

    Prasanna,

    Who said I want SLFP crowed. Keep your bloody SLFP crowed with you. As long as UNP, JVP Muslim and Tamil crowed is with me I can fill any ground except of course Galle Face. Check 2015 presidential election and see the voting pattern.

  5. Dushantha says:

    කෑපුවත් කොළ හූ ඈම් පී කාරයො ටිකකුයි. එන් ජී ඕ කාරයො ටිකකුයි නපුන්සකයො ටිකකුයි දාලවත් ඕක පුරවගන්ඩ බෑරිද?

Main News