කොන්ද නමන්නේ නෑ.. කෙනෙහිලිකම් ඉවසන්න බැරි වුණොත් ගමට ගිහින් කුඹුරු කොටනවා.. – විගණකාධිපති

February 5, 2017 at 2:10 pm | lanka C news
කොන්ද නමන්නේ නෑ.. කෙනෙහිලිකම් ඉවසන්න බැරි වුණොත් ගමට ගිහින් කුඹුරු කොටනවා.. – විගණකාධිපති

ආණ්ඩුවෙන් තමාට සිදුවන කෙනෙහිලිකම් තවදුරටත් පැවතුණහොත් විශ්‍රාම යනතුරු බලා නොසිට තනතුර අතහැර දමා ගමට ගොස් කුඹුරු කොටන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

තමා රැපියල් 69,000/-ක මාසික වේතනයකට මෙම තනතුරට පැමිණියේ මුලින් දැරූ තනතුරේ මසකට රුපියල් ලක්ෂ 3 ½කට අධික වැටුප පවා නොසලකා හැර බව පවසන විගණකාධිපතිවරයා තමා බලාපොරොත්තු වූයේ මුදල් පිළිබඳවම නොසලකා ජනතා සේවයට කැපවීමේ අදිටනින් කටයුතු කිරීම බවද කියයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ විගණන ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ තමාට විගණනය හා ගිණුම්කරණය පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් ඉහළම සුදුසුකම් ඇති නමුත් ඇතැම් දේශපාලනඥයන් විගණන වාර්තා විවේචනය කරන්නේ තම වංචා දූෂණ වසා ගැනීමට මිස අන් හේතුවක් නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

තමාට දැනට ගෙවන වැටුප පවා නිත්‍යනුකූල භාවයට පත්වී නොමැති අතර තමා තනතුරට පත්ව මාස 14ක කාලයක් ගියත් තම වැටුප පාර්ලිමේන්තුව අනුමත කර නොමැති බව ඔහු කීවේය. ඒ නිසා තම වැටුප් මුදල් වෙනම ගිණුමක පවත්වාගෙන යන බවද විගණකාධිපතිවරයා හෙළි කළේය.

මේ රටේ කිසිදු විගණකාධිපතිවරයකුට තමාට තරම් විරුද්ධවාදිකම් ඇතිවී නොමැති බව පවසන හෙතෙම තම වයස අවුරැදු 60 පිරීමට ඇත්තේ තවත් අවුරුදු 2 මාස 2ක පමණ කාලයක් බව කියයි. එම කාලය තුළ පාරදෘශ්‍ය භාවයෙන් සහ ස්වාධීනව තම රාජකාරි කරන අතර කුමන බලපෑම් පැමිණියත් කිසිවිටෙකත් මෙම තනතුර දේශපාලනීකරණය නොකරන බවද පවසයි.

යසවර්ධන රුද්රිගු
-deshaya.lk

17 views

17 Comments to “කොන්ද නමන්නේ නෑ.. කෙනෙහිලිකම් ඉවසන්න බැරි වුණොත් ගමට ගිහින් කුඹුරු කොටනවා.. – විගණකාධිපති”

  1. Dayani says:

    Sir, we are very proud to have an Attorney General like you.!!! But we are really sorry to hear that there are some people causing trouble to you.!! We would like to thank you for your straightforward, genuine, unblemished service and appreciate your efforts.
    May the Noble Triple Gem Bless you all the best and in all your endeavours.

  2. nanayakkara says:

    ඉල්ලංකාවේ මෝඩ තකතීරු ගුණමකු මී හරක්ගේ පොදු දේපල රැක ගන්න අද රජයේ අවංක නිළධාරින්ට ආණ්ඩුවත් එක්ක තනි තනියම සටන් කරන්න වෙලා හරක් ටික කොස් කොළ ක්‍රෝටන් කොළ වමාරා කමින්(රජපක්ෂ මැති තුමාට අවලාද නගමින්) අසූචි ගොඩේම ලගිමින් සිටී.අහෝ ලක් මවුනි දේශය අවදි කල මැන.එඩිතර දේශ මාමකයින් මහ උළු ගෙදර සිර කර ඇත.

  3. Nana says:

    Real Hero of our Times.. Very rare nowadays. Lets protect him. Soon, Somebody pls open a facebook page to show public support to him and demand Govt not to harass him. WE ALL WILL JOIN.

Main News