කොන්ද නමන්නේ නෑ.. කෙනෙහිලිකම් ඉවසන්න බැරි වුණොත් ගමට ගිහින් කුඹුරු කොටනවා.. – විගණකාධිපති

February 5, 2017 at 2:10 pm | lanka C news
කොන්ද නමන්නේ නෑ.. කෙනෙහිලිකම් ඉවසන්න බැරි වුණොත් ගමට ගිහින් කුඹුරු කොටනවා.. – විගණකාධිපති

ආණ්ඩුවෙන් තමාට සිදුවන කෙනෙහිලිකම් තවදුරටත් පැවතුණහොත් විශ්‍රාම යනතුරු බලා නොසිට තනතුර අතහැර දමා ගමට ගොස් කුඹුරු කොටන බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

තමා රැපියල් 69,000/-ක මාසික වේතනයකට මෙම තනතුරට පැමිණියේ මුලින් දැරූ තනතුරේ මසකට රුපියල් ලක්ෂ 3 ½කට අධික වැටුප පවා නොසලකා හැර බව පවසන විගණකාධිපතිවරයා තමා බලාපොරොත්තු වූයේ මුදල් පිළිබඳවම නොසලකා ජනතා සේවයට කැපවීමේ අදිටනින් කටයුතු කිරීම බවද කියයි. ශ්‍රී ලංකා ගිණුම්කරණ විගණන ප්‍රමිති මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ තමාට විගණනය හා ගිණුම්කරණය පිළිබඳ දේශීය හා විදේශීය වශයෙන් ඉහළම සුදුසුකම් ඇති නමුත් ඇතැම් දේශපාලනඥයන් විගණන වාර්තා විවේචනය කරන්නේ තම වංචා දූෂණ වසා ගැනීමට මිස අන් හේතුවක් නිසා නොවන බව ඔහු අවධාරණය කළේය.

තමාට දැනට ගෙවන වැටුප පවා නිත්‍යනුකූල භාවයට පත්වී නොමැති අතර තමා තනතුරට පත්ව මාස 14ක කාලයක් ගියත් තම වැටුප පාර්ලිමේන්තුව අනුමත කර නොමැති බව ඔහු කීවේය. ඒ නිසා තම වැටුප් මුදල් වෙනම ගිණුමක පවත්වාගෙන යන බවද විගණකාධිපතිවරයා හෙළි කළේය.

මේ රටේ කිසිදු විගණකාධිපතිවරයකුට තමාට තරම් විරුද්ධවාදිකම් ඇතිවී නොමැති බව පවසන හෙතෙම තම වයස අවුරැදු 60 පිරීමට ඇත්තේ තවත් අවුරුදු 2 මාස 2ක පමණ කාලයක් බව කියයි. එම කාලය තුළ පාරදෘශ්‍ය භාවයෙන් සහ ස්වාධීනව තම රාජකාරි කරන අතර කුමන බලපෑම් පැමිණියත් කිසිවිටෙකත් මෙම තනතුර දේශපාලනීකරණය නොකරන බවද පවසයි.

යසවර්ධන රුද්රිගු
-deshaya.lk

96 views

17 Comments to “කොන්ද නමන්නේ නෑ.. කෙනෙහිලිකම් ඉවසන්න බැරි වුණොත් ගමට ගිහින් කුඹුරු කොටනවා.. – විගණකාධිපති”

  1. harshana says:

    ඈ බොල වික්කම සිංහයෝ ,ඈ බොල ලොව එකම එක වර්ගයේ මුදල් ඇමතියෝ තමුසෙලා මහා ලොකුවට දෙසපු යහපාලනය කරන්නේ තමුන් නෙවෙයි නේද ?මෙන්න නියම යහපාලනයට ඔබින කෙනෙක් තමුසෙලාගේ අගමැති අස් කරලා මෙන්න මේ මහත්මයාව ගන්න ඕනා මේ රටේ අගමැති කරලා .
    ජනතාවට බොරු බේගල් කියල බලය අරගෙන දැන් කැපවීමෙන් සත්‍යවාදීව වැඩ කරන රාජ්‍ය නිලධාරීන්ව තම හොරකම් වහගන්න එලවන්න හදනව .කෝ අර තක්කඩි නළු මස් ගොඩ ? කියපන් බලන්න පුලුවන්නම් මේවගේ මහත්මයෙකුට හිරිහැර කරන එවුන්ට හෙන වදිනවා කියල

    • අනේ අපිවගේ මෝඩයෝ says:

      අනේ ඉරිසියාව නිසා අපි කොරගත් හදියක් . එන්ජිඕ කාරයෝ අරකත් බැසිල්ගේ මේකත් බසිල්ලේ අරක නාමල්ගේ මේක නාමල්ගේ අන්න රත්තරන් කෙඳි තියෙන අස්සයා මෙන්න හෙලිකොප්ටර් දෙකක් මෙන්න නාමල්ගේ අලුත්ම හෝටලේ මෙන්න ගොටාගේ ඉස්පිරිතාලේ කියලා ෆේස් බූක් එකේ දැම්මම අපි මෝඩ උනා අපේ ඉරිසියාව ඉහවහා ගියා අනික අපි හිතුවේ අපි බුද්දිමත් කියල පෙන්නන්න ඕනානම් මහින්දට විරුද්දව කතා කරන්න ඕනා කියල .මහින්දට විරුද්දව් කතා කරන කෙනා බුද්දිමත් කෙනෙක් බවත් මහින්දගේ පැත්තට කතා කරණ අය ගොඩේ බයියන් බවත් අපිට ෆේස් බූක් එකෙන් කිව්වේ එන්ජිඕ කාරයන්ගේ ඉත්තෝ බව අපි දැනගෙන හිටියේ නෑ. ඇමෙරිකාවේ තම රට වෙනුවෙන් කතා කරන ට්‍රම්ප් මෝඩයෙක් බවත් හිලරි වෙනුවෙන් පෙනී හිටින අය උගත් නුතන වාදියෝ බවත් සමාජයේ පතිරෙව්වෙත් මෙගොල්ලම බව දැනුයි අපිට තේරෙන්නේ .

      අපිත් අනේ ඉතින් මෝඩයෝ වගේ අපේ රටේ ඔලුව කෙලින් තියාගෙන ජිවත් වෙන්න හැකියාව තියාගෙන අපිම ඉල්ලගෙන අපේම වල කපාගත්තා .අපි අපිට නායකයෙක් කියල කතිරේ ගහලා දිනාගත්තු කෙනා රුකඩ පාලකයෙක් බව තේරෙන්නේ දැන් .උතුරේ ඉන්න අර මුසල මහා ඇමතියා අපිට පාට් දානකොට අපේ ළමයින්ගේ අනාගතය ගැන ඇතිවෙන්නේ ලොකු බයක් හිතට .ඒ බය එන්නේ නැතිවෙන්න ඉන්ෂුවරන්ස් එකක් හැටියට චන්දෙ දීලා පත්කරගත්තු පචයා අපිව ඇන්දුවා
      හනේ අපි කරගත් මෝඩ කමක් .
      එදා මර්වියාට විරුද්දව කතා කරපු අපි බයියන්ව බයිට් කරපු අපිව අද බයියෝ අර අටපාස් කාලකන්නි මුසල නළුවාව පෙන්නලා බයිට් කරනව අනේ අපි කොරගත් ගොන් කමක් .දැන් ඉතින් අපිට අපි කල මෝඩකම් පිලි අරගෙන ආයේ එවැනි මෝඩකම් නොකරන්න හිතහදාගන්න එකවිතරයි කරන්න ඉතුරුවෙලා තියෙන්නේ

      • Nana says:

        Just because This Govt is corrupt and lethargic, We cannot start praising MR and clan as they were also so corrupt, though were smart enough to hide things.

  2. Saman qatar says:

    I don’t have much respect for Chartered Accountant auditors. But Sir, I respect you as now I realised at least one good auditor is there who is really honest.

  3. විශ්ව ව්ද්‍යල සංසදය says:

    කොහොමද යහපාලනයේ තරම. කෝ මේ අර මහාචාර්ය කියාගත් සරත් විජේසුරිය ගොයියා.
    කියන්නකෝ මේ වැඩේ ලස්සනද මෙහෙම රජයේ මුරදේවතාවුන් වන විගනකාදිපති තුමාට කරන වැඩේ. ඕක මහින්දගේ කාලේ එහෙම වුනා නම් ඒක අව ලස්සනයි නේද?

  4. රාජ්‍ය සේවක says:

    නියම අවංක රාජ්‍ය නිලධාරියෙක්, එපා හොරුන්ට හිස නමන්න. ඔබ සමස්ථ රාජ්‍ය සේවාවටම ගෞරවයක්,

  5. Sadda says:

    Rajya niladhariyaku me tharam apahasa vindiya ythuda me maha loku yahapalane kale?. Methuma metharam vera daranne palanya yaha kireemata neda?

  6. Alapaluwa says:

    ප්‍රථමයෙන් මහත්මයාණෙනි ඔබට දීර්ගආයුෂ පතමි. ඒවාගේම මේවන් පුතුන් වැදු හැදු දේමවූපියනටද යෝධබල යෝධ ශක්තියම ලැබේවාකියාද පාර්ථනා කරමි .අද මුදලට යටවුණු මනුෂ්‍යන්ගේ මනුෂත්ව ගිලිහුණු අවදියක ඔබවැනි සාර්ව ධර්මයෙන් අගතැන්වූ කොටසක් සිටීමත් අපි ලබාපු භාග්ගයකි. ඔබට ඔබේ සුවාදිනවා රැකියාවේ නියැලෙන්නට නොදී නීරයට ඇදදමමින් පාපයට යොමුකරන්න උත්සහා කරණ අය ගැන උපේක්ෂාවෙන් බලන්න. ඔබගේ රැකියාකලයේදී ගතකරපු මේ නිර්භීත එඩිතරබාවය එලේසින්ම තබාගන්න.තව ඔබට කොපමණ කාලයක්ද රැකියාවේ නියැලිසිටින්න හැකිවන්නේ? ඒ සුළුකාලයත් තමන්ගේ අත්මගවුරවය කිළිටි නොකොට එය පිරිසින්දුව තබාගෙන විශ්‍රාම යන්න.අද මේ අප වටා සිටින්නේ හිත්පිත් නැති හොඳ නරක නොදනිනන මනුෂ්‍ය වේෂයෙන් ඉපදී සිටිනා අමුනුෂ්‍ය කෝටසකි මොවුන්ගේ පරම අභිලාෂය වන්නේ අන් අයගේ ලේ උරා මස් කමින් සතුටු වන කාම ලොවකට ලෝල්වුණු කොටසකි.මොවුන්ගෙන් අපිට කවදාවත් පිළිසරණක් බලාපොරොත්තු විය නොහැකිය මොවුන්ට අපි ගැන දුකක්ද නොදැනිය තවද මේ අන්ත දුක්විදින අසරණ ජනයාගැන දුකක්ද නොදැනේ මොවුන් ඉපදී ඇත්තේ අපේ අභාග්ගයට මිස භාග්ගයකට නම් නොවේ එය අපි ලබාපු කර්මයකි. මෙවන් යුගයක ඔබවැනි නිර්භීත පුතේකුගෙන් මෙවන් වචනයක් ඇසීමද අද වියසිදුරෙන් එළිය දකින කලාමැදිරිකොටසකි අපි!!!!!

    • jayamal says:

      ඔබතුමා ලක් මෑණියගේ පිනට උපන් උදාර පුත්‍ර රත්නයකි. යමපල්ලන්ගේ අධර්මිෂ්ට කම් හමුවේ නොසැලී එඩිතරව ඔබේ අවංක සේවය මව්බිම වෙනුවෙන් ඉටු කිරීමට ඔබට බල යෝධ ශක්තිය ලැබේවා යි පතමි. ඔබතුමාට ජනතා ප්‍රණාමය සහ ආදරය හිමි බව සිහිපත් කරගන්න. තෙරුවන් ගුණ බල මහා ශක්තියක් වී බලගතු දෙව් මහ රජුන්ගේ දේව අනුහස මහා බලයක් වී ඔබතුමා නිරතුරුවම ආරක්ශා කරත්වා!

  7. VISHNU says:

    We are proud about you. JADAYANAPALAJAYANTA HENA HTHAK WEDIYAN

  8. Critic says:

    It’s a great challenge to this nasty regime.Actually you cannot work with the highly corrupt Govt but you’ve a bright future.We wish you all the best for the future!

  9. පොඩිMAN says:

    කෝ මේ Champa?
    Champa.. Champa…

  10. ExUNPer says:

    Great people still live in Sri Lanka…and people should learn to practice these qualities…
    It is our duty to respect and protect this class of people.
    May God ( or gods ) bless you sir !

Main News