කොන්ද පණ ඇති නායකයෙක් ඔ්නෑ.. මට ජනාධිපති වෙන්න බෑ කියලා දැනගෙනයි මං ඡන්දෙ ඉල්ලන්නේ..

November 8, 2019 at 8:02 am | lanka C news
කොන්ද පණ ඇති නායකයෙක් ඔ්නෑ.. මට ජනාධිපති වෙන්න බෑ කියලා දැනගෙනයි මං ඡන්දෙ ඉල්ලන්නේ..

මෙරටට අවශ්‍යය කොන්ද පණ ඇති නායකයෙකු බවත්, මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වි සිටින කිසිදු අපෙක්ෂකයෙකු 50% ජන්ද ප්‍රතිශතයට ලගා නොවන බව යාපනය දිස්ත්‍රික් පා.ම එම්.කේ සිවාජලින්ගම් මහතා පැවසිය.

හැටන් ප්‍රදේශයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් සිවාජලින්ගම් මන්ත්‍රිවරයා එ බැව් කියා සිටියා.

8 වෙනි ජනාධිපතිවරණය මේ මාසේ 16 දින පැවැත්වෙනවා, මේ ජන්දේ තරගේ තියෙන්නේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා අතර, ගෝඨාභය රාජපක්ෂ  සහ සජිත් ප්‍රේමදාස අතර.

දෙන්නගෙන් එක් කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ,

ඇයි මේ දෙමල කෙනෙක් ජනාධිපති අපෙක්ෂක විදිහට ඉල්ලන්නේ? , මට ජනාධිපති පුටුවේ ඉද ගන්නබැ කියලා දැනගෙන තමයි මන් තරග කරන්නේ, ඇයි එහෙනම් මම තරග කරන්නේ?

ජනාධිපතිවරණ 7 පැවැත්වෙලා තියෙනවා එ වුනාට තාම දමිල ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලැබිලා නැ, එ නිසා තමයි දෙමල ජනතාව වෙනුවෙන් තරගට ඇවිල්ලා ඉන්නේ.

මෙතන තරගේ යන්නේ සිංහල බෞද්ධයා කවුද කියන එක, සිංහල බෞද්ධයා කවුද කියලා සිංහල ජනතාවටම තිරණය කරන්න පුළුවන්.

ආගමික නායකවරුන් සහ විශ්ව විද්‍යාලය මහචාර්යය වරුන් , සිවිල් සංවිධාන සාකච්ඡා කලා දමිල පොදු අපෙක්ෂකයෙක් දාන්න ඕනි කියලා. එකට සම්බන්ධන් මහතා , විග්නේෂවරන් මහතා එක්ක වගේ හැමෝම එක්කම සාකච්ඡා කලා.

ප්‍රධාන පක්ෂ දෙකම දෙමල ජනතාවට මුකුත් දෙනවා කිව්වේ නැ, අපේ ජන්දය විතරයි ඕනි, එ විතරක් නෙවෙයි මේ රටේ මිනිස්සුන්ටවත් මුකුත් නැ,  කොටි ගණන් දුෂණ වංචා සිදු වෙනවා.

එවා නතර වුණොත් සමාන්‍යය ජනතාවගේ ජිවන තත්වය ඉහල දාන්න පුළුවන්,

මේ රට ආරක්ෂා කරන්න ගිහින් තිස්දහසකට වැඩි රණවිරුවෝ ජිවිත පරිත්‍යාග කරලා තියෙනවා, ගොඩාක් අය අත්පය නැතුව ඇවිදින්න බැරුව ඉන්නවා. එක අතකින් යුද්ධෙන් අවතැන් අපේ ජනතාව ඉන්නවා.

සජිත් ප්‍රේමදාස මහතා හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධෙන් විශාල පිරිසකගේ ජිවිත අහිමි කරා එ නිසා සජිත් ප්‍රේමදාසට තමයි ජන්දට දෙන්න ඕනි කියලා, එතුමා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නෙවෙයි යුද්ධය අවසන් කලේ එයාලා එක්ක ඉන්න හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියලා.

– හැටන් රංජිත් රාජපක්ෂ

34,415 Viewers

11 Comments to “කොන්ද පණ ඇති නායකයෙක් ඔ්නෑ.. මට ජනාධිපති වෙන්න බෑ කියලා දැනගෙනයි මං ඡන්දෙ ඉල්ලන්නේ..”

  1. kamal says:

    රජයට කියන ඒකම අධයාපන ප්‍රතිපත්තිය අධ්‍යාපනය අනිවාර්යය කරන්න ඒපා නමුත් සුදුසුකම් කියා පටිපාටියක් ගෙන්න නමුත් අධයාපනයෙන් නෙවෙයි රැකියාවෙන්

  2. kamal says:

    සිවාජිලංගම් උඹගේ මනුස්‍යත්වය මම තේරුම් ගත්තා නමුත් උඹ වගේ මනුස්‍යයෝ අඩුයි. උඹට නිවන් සුව පතනවා මිට කමල්

  3. kamal says:

    අධ්‍යාපනය අනිවාර්යය කරපු එක තමයි නිදහසින් පසුව කල වැරද්ද ගුරු ගෝල සම්බන්ධයෙන් ඉගෙනගන්න පුලුවන් රැකියා පුහුණුව මගින් නමුත් නිති විදයාලයට වැඩ පිලිවෙලක් සිංහල නිතිය තුල ගේන්න ඔනෙ එය හදන්නෙ මම නෙවෙයි බුදු හාමුදුරුවො

  4. Criminal says:

    සිවාජිලිංගම් නොකියා කියන්නේ ගොඨාභය මහත්තයට චන්දේ දෙන්න් කියලද ?

  5. Rider says:

    මූ කොටියා උනත්, කියන්නෙ ඇත්ත කියලා හිතෙන්නෙ මට විතරද ?

    • Criminal says:

      කොහෙන් හිනාවෙන්නද මන්දා ! 😂😂😂

      • Mervin says:

        Do you have another organ for smiling other than your mouth?

        May be it is possible that your rectum and mouth are both same and therefore capable of performing the same functions!

  6. kamal says:

    මම කියන්නෙ නියමිතආර්ථික ප්‍රතිපත්තිය ජේ ආර්ගේ ආර්ථික ප්‍රතිපත්තියට යටත් නැ නමුත් ඒ වගේ අධ්‍යාපනයයි සෞඛ්‍යයයි පමණයි රජය මගින් කරන්නෙ තවද රටක මරමස්ථාන වරායවල් ගුවන්තොටුපල හා රේගුව පමණක් රජය මගින් කරනවා. ජාතික ආරක්ෂවායට සම්බන්ධ පොලිසි හමුදා ආදිය ආණ්ඩුව යටතේ පවති. තවද නිතිය සම්බන්ධ අයලුවන් රජයේ පඩි අනුව වැඩ කරයි.මෙතනදි අහිංසකකමක් හදුනවා දෙනවා ඒ තමයි සමථ මණ්ඩල ක්‍රමය. නිතිඤ්ඤයන්ට මුදල් හමුබුකිරිම තහනම්. අවශ්‍ය සමථ මණ්ඩලය රජය මගින් සපයනු ලැබේ.අනිත් ඒවා ඔක්කොම පෞද්ගලිකකරණය කරනවා නමුත් එකක් තියෙනවා මනුස්‍යත්වය මගේ තිබ්බෙ එහෙම නෙවෙයි නමුත් සෝවාන් වුනාට පසුව එහෙමයි. පැන්සන් අහෝසි කරනවා ඊ පි ෆ් විතරයි බාල පරම්පරාව විසින් වැඩිහිටි පරම්පරාව රැක බලා ගත යුතුය. නමුත් අවරුදු 2කින් සියලුම ෆැන්සන් අහෝසිකරනු ලැබේ. තවද ගුවන් සේවය හා නැව් ඇතුලු නාවික සේවා රජය මගින් පවත්වාගෙන යනු ලැබේ

  7. Raterala says:

    අපි පොහොට්ටුවෙන් දාලා තියෙන්නෙ කොන්දක් තියෙන නායකයෙක් ⁣එයාට ඡන්දය දීලා අපේ රටෙි අපි හැම දෙනා සහෝදරත්වයෙන් ජීවත් වෙමු,ගෝඨාභය දිනවමු. Thank you mr,Siwajalingam.

  8. samanathawaya says:

    obata obe prasna wisadiya haki edithara nayakayek onenam GR ta chande denna.

Leave a Comment

Main News