කොන්ද පණ තියෙන නායකයෙක් ඕනෑ.. නැතිනම් කඬේ වහලා දාල අපි යන්න ඕනෑ..- චන්ද්‍රිකා
November 27, 2017 at 10:00 am | lanka C news
අද වන විට රටට කොන්ද පණ ඇති නායකයන් උවමනා කර තිබෙන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහතත්මිය පවසයි.
රට ඉදිරියට ගෙන යාම සදහා නම් රට කරවන අයට දර්ශණයක් තිබිය යුතු යයිද ඇය පෙන්වා දෙයි.
ගම්පහ වේයන්ගොඩ ප්‍රදේශයේ බැවති උත්සවයක් අමතමින් ඇය මෙම අදහල් පල කලාය.
‘දර්ශණය මම හැදෙන්න නොවෙයි. මගේ සාක්කු හා මගෙ සහෝදර සහෝදරියන්ගෙ සාක්කු පුරවන්නත් නොවෙයි.
අපේ දර්ශණය වෙන්න ඕන රට ඉදිරියට ගෙනයන වැඩපිලිවෙල මොකද්ද කියන එක. ඒ දර්ශණය ක්‍රියාත්මක කරන්න අපිට පැහැදිලි ක්‍රියාදාමයක් තිබෙන්න ඕන. දර්ශණයක් විතරක් තිබිල මදි.
ඒ සියල්ල කරන්න කොන්ද පණ ඇති නායකයො අවශ්‍යයි. එක්කෙනෙක් නොවෙයි ඔක්කොම නායකයො. උඩ ඉදන් පහලටම’
මෑතකදී කඩා වැටුනු මීතොටමුල්ලේ කුණු කන්ද ගැන තමන් දැනට වසර තුනකට කලින් ආණ්ඩුවට දැන්වූයේ යයිද කී ඇය එය ගණන් නොගෙන කඩා වැටෙන තුරුම සිටි බවද සදහන් කලාය.
‘පක්ෂවත් වෙන මොකක්වත් නොවෙයි රට වෙනුවෙන් වැඩ කරන වැඩ කරන ඕනම කෙනෙක්ට සහයෝගය දෙන්න. එහෙම නැතිව මේ රට කරන්න බෑ. ඒත් බැරිනං ඔක්කොම ක්ලෝස් ෆො බිස්නස් කියල වහල දාල අපි යන්න ඕන’
මැඩම් කියන්නේ එක්කෝ ආච්චි ගානට වයසට ගිය සුද්දියන්ට. නැත්නම් ගණිකා නිවාස ගෙන යන අයට. එකැස් කුවේණි?
දැන් නම් ඔයාගෙ කඩේ වහලා දාන්න, කොච්චර කොන්ද පණ තිබ්බත් මොකෝ? මයිනහම අදිනවා වගේ ඇති.
ayi path karana kota atha gala baluwe nadda konda pana thiyanawada kiyala. ilaga ekkenawa path karanakota thamunwa wada ganna kiyala balanawa konda pana thiyena wada kiyala.
Whose shop has to be closed?? Spell it out……………….
What did you with Mangala/ Jayampathy promise the Diaspora in 2013 in Singapore??
Is the delivery getting delayed????????
Before you close shop return the money you looted from the people when you were President..
තොට බොම්බ වැදිලා මැරිලා ගියේ නෑනේ අපේ කරුමයට .
ඇයි බොල ……….. දැන් ඔය ඉන්න හුටං අපිද ගෙනාවේ ?
රට වෙනුවෙන් වැඩ කරලා මම හැදෙන්නයි, මගේ සාක්කු පුරවන්නයි, මම වර්ටර්ස් එඩ්ජ් විකුනල ඒකෙන් කොමිස් ගහුවෙ.
ඔය නොකියා කිව්වේ ඡනවාරි 8 දා මෙයා ගෙනාවේ කොන්ද පණ නැති නායකයෙක් කියලද…?
`Closed for Business’ කියල bar එකේ ඉස්සරහින්
ගැහුවට ඔබ තුමියට whiskey case එකක්, දෙකක් පස්ස
දොරෙන් ගන්ඩ කරදරයක් වුනේ නෑ නේද නෝනෙ?
මේ මූන දැක්කහම මට මැවිල පේන්නෙ නවනින්දා
පිල්ලෛගෙ මූනමයි. හැබෑට මට විතරද එහෙම පෙනෙන්නෙ?
සුනිල්, දෙන්නගෙම පෙනුම නම් එක වගේම තමයි. බලන්න හිරිකිතයි. ඒත් නවනින්දා පිල්ලෙ මෙයාට වඩා හොඳයි. තමගෙ ජාතිය වෙනුවෙන් බොරු හරි කිය කිය වැඩ කලා. මෙයා ඉපදුන රට ජාතිය වත් නොදන්න ,වයිර සොර නයිකාවක්.