කොන්ද පණ නෑ කියා කීවේ ජනාධිපතිට නොවේ.. එය ඔහු පිලිගත්තාට මං මොනව කරන්නද..- අගරදගුරු

July 31, 2019 at 3:50 pm | lanka C news
කොන්ද පණ නෑ කියා කීවේ ජනාධිපතිට නොවේ.. එය ඔහු පිලිගත්තාට මං මොනව කරන්නද..- අගරදගුරු

තමන් නායකයන්ගේ කොන්ද පණ නැති බව සඳහන් කළේ ජනපති හෝ අගමැති ඉලක්ක කරගෙන නොමැති බවත් ජනපතිවරයා එය පිළිගන්නවානම් තමන්ට කිරීමට දෙයක් නොමැති බවත් කොළඹ අඟරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවැසූහ.

“මම ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කියලා එහෙම කිව්වේ නෑ. පිටකොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න කිව්වේ තීරණ ගන්න වෙලාවට හරි තීරණ ගන්න කෙලින් ඉන්න කියලයි. එතුමා ඒක පිළිගත්තානම් මම මොනවා කරන්නද?

අපි පල්ලිය තුළ මනුෂ්‍යාගේ ප්‍රශ්න වෙනුවෙන් කථා කරනවා. මම කථා කළේ තුවාල වුණ මනුස්සයින් වෙනුවෙන්. ඒ මිනිස්සුන්ට දුන්න වදය ගැනයි මම කථා කළේ. වරදක් වෙන කොට ඇත්ත නැත්ත පෙන්වා දීම ආගමික නායකයෙකුගේ වගකීමක්. ඒකයි මම එහෙම කිව්වේ.

ඒක එක්කෙනෙකුට කියලා මම කිව්වේ නෑ. නමුත් දේශපාලන ලෝකයේ තියෙන අවිනිශ්චිතභාවය කෙලින් වැඩ කරන්න බැරිකම අපි අවුරුදු 70ක කාලයක් දැකලා තියෙනවා. නැවෙන ගතිය අද එකක් කියනවා. හෙට එකක් කියනවා. ඉතිහාසය පුරාවටම තිබුණා. එක එක නායකයෝ ඒක ඔළුවට අරගෙන දාගත්තට මට කරන්න දෙයක් නෑ.”

– ada

42,769 Viewers

12 Comments to “කොන්ද පණ නෑ කියා කීවේ ජනාධිපතිට නොවේ.. එය ඔහු පිලිගත්තාට මං මොනව කරන්නද..- අගරදගුරු”

  1. අපේ රට says:

    සැබැ සත්‍යය බුද්දියෙන් විමසමු

  2. අංකූරා says:

    අගරදගුරු හිමියන්ගේ ප්‍රකාශය හරියටම හරි !, රාජ්‍ය නායකයන්ට අනුශාසනා කිරීම ආගමික නායකයන්ගේ වගකීමයි , එය අපක්ෂපාතීව කලයුතුයි. එවිට රාජ්‍ය නායකයන් නිවැරැදිව තීරණ ගෙන රාජ්‍යය පාලනය කල යුතුයි !!. ඇත්තටම දැන් රටට වගකියන පාලකයෙක් නෑනේ !!!.

    • JOHN says:

      මේ මොනවා කියනවද පබයකුට ,බටලන්දේ වදකයකුට පුලුවන්ද රටක් පාලනය කරන්න ..එකටම ගැලපෙන මීහරක් රැළකුත් සිටිනවා

  3. Sun says:

    Thank you father for your intelligent contribution to the Sri Lankan society as a great thinker who can see lot of things beyond the eyes. I appreciate your greatness in this corrupted societies mainly due to the politicians who knows nothing at all of politics. Some are just puppets and no brains and strength to see through what is going to happen to these societies due to western interference in the decision making process. It is hard to go through all these barricades due to low level experience in the world politics.

  4. මාමේ මූ මීමා says:

    ඕනෑ වෙලාවට ගානට නමන්න කොන්ද තියෙනවා මුන්ට!. නැත්තේ ඔළුව තමයි මුන්ට !!. අගරදගුරු හිමි ඒකත් නිවැරැදි කලා නම් හොඳයි !!!.

    • හින්බබා says:

      ජිනිවා ගිහින් දෙමල කොටි ඩයස් පෝරාවට කොන්ද නමලා වැදලා ,අපේ විරෝධාර රණවිරුවන් පාවා දුන් මේ පාලකයන්ට දේව සාපය ලැබේවා
      පිට කොන්දක් ,බුද්ධියක් නැති මේ පාලකයන් ගැන කවුද නොදන්නේ ? ගමරාල දිව්‍ය ලෝකේ සිහින මවනවා අලි වලිගෙ එල්ලිලා

  5. Vesamuni says:

    heenamanayen pelena thaenaeththa ahaka yana wiwechanath baragannawa thama waedagathek yayi hangawanta. adaradaguru himiyan owagaena nosalakahaeriyama iwarai.

  6. Gamarala says:

    Thousand Apologies! I thought hat is fit to my head!

  7. Gotaimbara says:

    For once, Janadhipathi is correct.

  8. Akila says:

    Fearless and only unbiased religious leader in SL. He said that he will not entertain any presidential candidate from any party until they all get together and find the real culprits of Easter attacks

  9. Gayantha says:

    පොර එහෙම තමා. කයිවාරු විතරයි වැඩ නෑ. උදේ කියපු එක නෙමේ රෑට කියන්නේ.
    අනික මව් භාශාව හරියට කතා කරන්න බැරි සිහලයෙක් ඇගමති වුන රටක් මේක. වැඩේ කියන්නේ පොර දශක ගනනාවක් දේශපාලනය කරනවා හැබයි මනෝ ගානේශන් පොරට වඩා හොදට භාශාව කතා කරනවා. භාශාව බැරි මිනිහා කොහොමද රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදන්නේ !

  10. Sun says:

    Thank you father for your contribution. Everybody is keeping mouths shut in this so called democratic country. I do not see the freedom. All are playing a hide and seek game as the leaders’ modelling. I cannot understand the what has happened to the people in the country. I know most of them are following the principle of survival without thinking of the country. Even the so called democratic leaders are not genuine, exactly opposite. I think now the world is rotating in opposite direction due to cause and effect of the people in the world.

Main News