කොපමණ වැස්සත් බලාගාර පිරී නෑ.. විදුලිය භාවිතය පිරිමැස්මෙන්..
June 11, 2017 at 5:30 pm | lanka C news
විදුලි බලාගාර ආශ්රිත ජලාශවලට ප්රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම හේතුවෙන් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති ඇමති රංජිත් සියඹලාපිටිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
බොහෝ ප්රදේශයන්වලට වැසි ලැබුණත් විදුලි බලාගාර ආස්න ජලාශවල ජල ධාරිතාව සැලකිය යුතු තරමින් ඉහළ ගොස් නැතැයිද ඇමතිවරයා සදහන් කරයි.
මේ තත්වය මත අඛණ්ඩව විදුලි බලය ලබා දීම සදහා තාප තාප විදුලිය උපයෝගී කර ගනිමින් සිටින බවද ඇමතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.