කොබ්බැකඩුව හාමුදුරුවන්ගේ තැනට වැටී මහා අප‍්‍රසාදයකට පත් නොවන්නැයි මල්වතු මහනාහිමියන්ට දන්වති..

October 4, 2017 at 2:10 pm | lanka C news
කොබ්බැකඩුව හාමුදුරුවන්ගේ තැනට වැටී මහා අප‍්‍රසාදයකට පත් නොවන්නැයි මල්වතු මහනාහිමියන්ට දන්වති..

නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මල්වතු මහ නාහිහියන් විසින් පසුගියදා දැක්වූ අදහස් සම්බන්ධයෙන් පූජ්‍ය ආචාර්ය මැදගොඩ අභය තිස්ස නාහිමියන් විසින් මාධ්‍ය හමුවක් කැදවමින් මෙසේ පැවසීය.

ඊයේ පෙරේදා මහ නායක හාමුදුරුවෝ සදහන් කරලා තිබුණා අලුත් ව්‍යවස්ථාවක් ඇති කරන්න තමයි ආණ්ඩුව පොරොන්දුවෙලා ඇවිල්ලා ඉන්නේ. බෙදුම්වාදී ව්‍යවස්ථාව් නොවන බව තමන් වහන්සේට විශ්වාසයි ඒ නිසා මෙය සිදු කලාට කමක් නෑ කියලා. අපේ මල්වතු පාර්ශවයේ මහා නායක හාමුරුවෝ කියන්නේ මගෙත් නායක හාමුදුරුවෝ මමත් මල්වතු පාර්ශවයේ හාමුදුරු නමක්. ඒ ගෞරවයෙන් ආදරයෙන් දෙපා නැමද අපි මහා නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මහා නායක හාමුදුරුවනේ මේ අතුරු වාර්තාව ඔබ වහන්සේ ගෙන්වාගෙන කියවන්න. මේ පිළිබද සැකසු ලිපියක් තියෙනවා ඒක දින දින කිහිපයකින් ගිහිල්ලා බාර දෙන්න මම ලැස්තියි.

මීට කලිනුත් උන්වහන්සේ ලිඛිතව ඉල්ලුවා අපි උන්වහන්සේට ලිඛිතව ලබා දීලා තියෙනවා මේ ගැටලුව පිළිබඳ කියවන්න. උන්වහන්සේ මේ ව්‍යවස්ථාව පිළිබද අවබෝධයක් ගන්න අවශ්‍ය නම් නායක හාමුදුරුවෝ, සංඝ සභාවේ ඉන්න විද්වත් හාමුදුරුවන් වහන්සේලා එකතු කරගෙන කිසියම් මණ්ඩලයක් පත් කරගෙන ඒ මණ්ඩලයේ අදහස් යෝජනා අරගෙන ඔබවහන්සේ කටයුතු කරන්න ඔබ වහන්සේ පෞද්ගලික දේශපාලන හෝ මතිමතාන්තර, පුද්ගල පිලිබද ඇති විශේෂතා පුද්ගලයන් පිළිබද තියෙන ප්‍රසාදය මත මේ රටේ ආනාගතය පිළිබද තීරණ ගන්න එපා කියලා අපි වැදලා ඉල්ලා සිටිනවා.

බොහොම ගෞරවයෙන් සිහිපත් කරන්නේ මේක අපේ රට පිළිබද ප්‍රශ්නයක් නිසා. ඔබ වහන්සේ එහෙම නැත්නම් කොබ්බැකඩුව හාමුදුරුවන්ගේ තැනට වැටුනොත් අපි දන්නවා සමහර හාමුදුරුවරු පහුගිය කාලේ මේ රටට වින කරන්න හදපු හාමුදුරුවෝ දැන් ජනතාව අතර කොතරම් අප්‍රසාදයට පත්වෙලා ඉන්නවද කියලා. ඒ නිසා අපේ මහා නායක හාමුදුරුවන්ට එහෙම වෙනවට මම කැමති නෑ. මොකද හේතුව ඔබ වහන්සේලාට පහර දෙන්න ඉන්න සමහර වෙලාවට බෞද්ධයන්ගේ ක්‍රමයට පවා ඇවිත් ඔබවහන්සේලාට පහර දෙනවා. මේ කාරණා දෙස බලලා. ඒ නිසා මහා නායක හාමුදුරුවන්ගෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ පුද්ගලයන් කියන දේවල් උඩින් බලලා පිලිගන්න එපා.

– අරවින්ද අතුකෝරල

57 views

28 Comments to “කොබ්බැකඩුව හාමුදුරුවන්ගේ තැනට වැටී මහා අප‍්‍රසාදයකට පත් නොවන්නැයි මල්වතු මහනාහිමියන්ට දන්වති..”

  1. සරත් says:

    රනිල් කියන්නේ මහා කපටි නරියෙක් හැබයි උගේ කපටි කමෙන් කෙළවන්නේ රටට

  2. වෙල් විදානේ says:

    කුරුදුවත්තේ නිකායට බණ කියන තවත් පොරක් වගේ.

    • darshana says:

      උඹට වැරදිලා! උඹ ඔය කියන්නෙ අඹර දමිල ගැන.

  3. Manel says:

    Merzedes saranan gachchami!, Dollar Saranan gachchami. That’s all Malwaththa understand.

Main News