කොම්පඤ්ඤවීදියේ අක්කර අටක් විදෙස් සමාගමකට දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..

January 29, 2017 at 7:07 am | lanka C news
කොම්පඤ්ඤවීදියේ අක්කර අටක් විදෙස් සමාගමකට දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..

කොම්පඤ්ඤවීදියේ පිහිටි අක්කර අටක ඉඩමක් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට විදේශ ආයෝජනයක් ඇති පුද්ගලික සමාගමකට බදු සහන සහිතව පවරා දීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මේ සදහා වූ අති විශේෂ ගැසට් පත‍්‍රය සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙද ඇමති මලික් සමරවික‍්‍රම මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ඇමැති ගයන්ත කරුණාතිලක විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

කලම්බු ප්‍රොජෙක්ට් (ප‍්‍රයිවට්) ලිමිටඞ් නම් සමාගමට මෙම ඉඩම පවරන්නේ ඩොලර් මිලියන 429.5 (රුපියල් මිලියන 64425) ක මුදලකටයි.

මේ සදහා ඇමති මණ්ඩල අනුමැතියද ලැබී ඇති බව ගැසට් නිවේදනයේ දැක්වෙයි.

0 views

One Comment to “කොම්පඤ්ඤවීදියේ අක්කර අටක් විදෙස් සමාගමකට දෙයි.. කැබිනෙට්ටුවේ අනුමතයි..”

  1. ඇත්ත says:

    මේ සියලු නීති ගැට ගහන්නේ පුද්ගලික සම්බන්ධතා මත ජනතාවගේ මුදලින් යැපෙන නීතිපති දෙපාර්තමේන්තුවයි. වෙනත් රජයේ දෙපාර්තමේන්තු සහ පරිපාලන ආයතනවලට නිලධාරීන් තෝරා ගන්නා ආකාරයට නීතිපති දෙපාර්තමේන්තුවට නිලධාරීන් ගන්නේ නැත්තේ ඇයි…ආයතන සංග්‍රහය නීතිපති දෙපාර්මේන්තුවේ ඉන්නා ජනතාවගේ මුදලින් පඩි ගන්නා නීතීඥවරැන්ට අදාල වන්නේ නැද්ද? නීතිපති දෙපාර්මේන්තුවේ තනතුරැවලට තෝරාගන්නා විට රජයේ පරිපාලන සේවයට ගන්නවා වගේ ගැසට්කර විභාගයක් පවත්වා තෝරා ගන්නේ නැත්තේ ඇයි? පසුගිය කාලයේ නීතිපති දෙපාර්තමේන්තුවට පුද්ගලික සම්බන්ධතා,…,ඥාති සම්බන්ධතා මත තෝරාගෙන සිටින අය ගැන ජනාධිපති කොමිසමක් පත් කරන ලෙස මෛත්‍රෙගෙන් ඉල්ලා සිටිමු…

Main News