‘කොමිස් රුසියා’ රුසියානු තෙල් එපා කියයි…

August 14, 2022 at 9:20 am | lanka C news
‘කොමිස් රුසියා’ රුසියානු තෙල් එපා කියයි…

ලංකාව තෙල් ප්‍රශ්නයෙන් ගලවා ගැනීමට රුසියාවෙන් අලුත් උත්තරයක් ලබාදී ඇත. මෙම උත්තරය ලංකාවේ ඉන්ධන ප්‍රශ්නයට ඛනිජ තෙල් ඇමැතිවරයා දුන් උත්තරවලට වඩා හාත්පසින්ම වෙනස් එකකි. එය මාසිකව ඩොලර් මිලියන 300 ක් වටිනා ඛනිජ තෙල් වසර දෙකක ණය පදනමක් යටතේ ලබා දීමටයි. මේ සම්බන්ධව රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ ලෝක වෙළෙඳපොළේ පවතින මිලට වඩා සියයට පහළොවත් තිහත් අතර මිලකට අඩුවෙන් ඉන්ධන ලබාදීමට එම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර ඇති බවයි.

රටේ පවතින සෑම ගැටලුවකටම මුල ඩොලර් හිඟය බව පුංචි දරුවකු පවා දන්නා කාරණයකි. පසුගියදා රුසියාවේ ඉන්ධන සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ඉදිරිපත් කළ ගිවිසුම අපේ රටට අතිශය වැදගත් වේ. නමුත් මේ රටේ අහේතුවකට පහළ වූ ‘කොමිස් කාක්කන්’ හට රුසියා උත්තරය වහකදුරුමය. පසුගිය කාලයේ අපේ රටේ තෙල් පෝලිම්වල සිදු වූ මරණ විස්සකට අධිකය. පාසල් අධ්‍යාපනය, රටේ සේවය යථා පරිදි පවත්වාගෙන යෑම, කර්මාන්ත, කෘෂිකර්මාන්තය පවත්වාගෙන යෑම ආදියට ඉන්ධන නොමැතිකමින් පසුගිය කාලයේ මුළු රටම එකතැන නැවතුණි. රජය මගින් හඳුන්වා දුන් ූඍ ක්‍රමය ඉන්ධන පෝලිම් අවසන් කිරීමට සමත් වුව ද, ත්‍රිරෝද, පෞද්ගලික බස් හිමියන් එයින් සෑහීමකට පත් නොවන බවට දක්නට ඇත. සැබවින්ම ත්‍රිරෝද රථ සඳහා සතියකට ලබාදෙන ඉන්ධන ලීටර් පහක කෝටාව ඔවුන්ට කුලී ගමන් සඳහා ප්‍රමාණවත් නොවේ. පෞද්ගලික බස් රථ හා අනෙකුත් ප්‍රවාහන සේවයන්ට ලැබෙන ඉන්ධන ප්‍රමාණය ද ප්‍රමාණවත් නොවීමෙන් ඔවුන් ද අද නඟන මැසිවිලි අප්‍රමණය. පිරවුම්හල්වලට තෙල් නොලැබීම හා නැවත තෙල් නැවක් මෙරටට පැමිණෙන දිනය වැනි ගැටලුවලට නිසි පිළිතුරක් දීමට අදාළ බලධාරීන්ට නොහැකිව ඇත.

මෙරට ඉන්ධන හිඟයට කදිම නිදසුනක් රුසියානු සමාගමක් මගින් ඉදිරිපත් කර ඇත්තේ මෙවැනි වතාවරණයක් තුළය. අපේ රටට බොහෝ අවස්ථාවල ඉන්ධන ලබා ගත්තේ යම් සැපයුම්කරුවකු හරහාය. ඕමාන් රාජ්‍යයෙන් තෙල් මිලදී ගන්නේ කටාර් රාජ්‍යයේ තෙල් සැපයුම්කරුවකුගෙනි. එම සමාගමේ මූල්‍ය අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ අපේ රටේ දේශපාලනඥයකු බවට තොරතුරු ලැබී ඇත. ඔහු ගැන හිටපු ඇමැතිවරයකු වරින්වර ප්‍රකාශ ද නිකුත් කළේය. ඉන්ධන සැපයුම්කරු සමාගම් හරහා ඉන්ධන ආනයන කිරීමේදී සාමාන්‍ය මිලට වඩා මිල ඉහළ යෑමක් සිදුවන්නේ කොමිස් මුදල් ගෙවීමට සිදු වීමෙනි. මේ ගෙවීම් සියල්ල සිදු කරන්නේ ඩොලර්වලනි.

රුසියාවෙන් තෙල් මිලදී ගැනීමේදී අලෙවි කරනු ලබන්නේ රූබල්වලටය. මේ හේතු නිසා කොමිස් මුදල් නැති වීම බලවත් පිරිසකට අද ගැටලුවකි. එයට හේතුව රුසියාවේ ඉන්ධන අපනයනය කරනු ලබන සමාගම් රැසක් ඇතත් ඒවායෙන් වැඩි ප්‍රමාණයක් රුසියානු රජයට අයත් වීමය. රාජ්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමේදී කොමිස් මුදල් ගසාකෑමක් සිදුකළ නොහැකි වීමෙන් රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට අදාළ බලධාරීන්ට නොහැකි වීමෙන් බාධාවක් වී ඇති බව වර්තා වී ඇත.

රුසියාව තෙල් බැරලයක් අලෙවි කරන්නේ ඩොලර්වලින් ගණනය කළහොත් ඩොලර් 69 ත් 80 ත් අතර මිලකටය. ඉන්දියාව පසුගිය කාලය තුළ ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අපට ඉන්ධන ලබාදුන්නේ ඩොලර් 150 ක් වැනි මුදලකටය. එසේ ලබාදුන්නේ ඔවුන් ඩොලර් 67 කට ලබාගත් ඉන්ධන බව වැඩි දෙනා කියන කාරණයකි. වැඩි මුදලකට තෙල් ගැනීම යනු අපේ රටේ ඇති බරපතළ ගැටලුවකි.

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර මුදලක් ගෙවා ඇත. විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා මේ බව පැවසුවේ පසුගියදා පාර්ලිමේන්තුවේය. එම අතිකාල දීමනා කාහටද යැයි සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද හෙතෙම පැවසීය. පසුගිය කාලය තුළදී රටේ තෙල් නැතුව තෙල් බවුසරයක්වත් දුවන්නේ නැතුව පිරිපහදුව වසා තිබුණු කාලයක් ඔබට මතක ඇති. මෙවන් රටේ අර්බුදකාරී වාතාවරණයක් තිබියදී රටේ ධනය නිකරුණේ වැය කිරීම ජාතියේ අපරාධයකි. තත්ත්වය දැන් පැහැදිලිය. වසා තිබූ පිරිපහදුවේ සේවකයන්ට හා සංස්ථා සේවකයන්ට කෝටි ගණන් දීමනා ගෙවන මුවාවෙන් ඛනිජ තෙල් සංස්ථාවේ බලධාරීන් මේ කරන්නේ බලවත් කොමිස් ගැහිල්ලකි. නමුත් කළ යුත්තේ රුපියල් කෝටි ගණන් කොමිස් ගසාකෑම නොව රුසියාවේ තෙල් සහනය ලබා ගැනීමයි.

රුසියාවෙන් අපේ රටට ඉන්ධන ලබාදුන්න ද මුදල් ගෙවීමේදී අපේ රටට ප්‍රශ්න රාශියකට මැදි වීමට සිදු වී ඇත. ඉන්දියාව රුසියාව අතර මුදල් සම්බන්ධව ගිවිසුමක් ඇති නිසා ඔවුන්ට ගැටලුවක් නොමැත. එහෙත් ලංකාවට තවමත් එවැනි ගිවිසුමක් නොමැති නිසා එයට පිළිතුරු සෙවීමට අපේ රටේ බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතුය. ඉන්ධන හිඟයට තවමත් තිරසාර ගිවිසුමක් නැත. අප ඉහත කී ‘කොමිස් කාක්කන්ට’ යට නොවී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වහා පියවර ගත යුතුව ඇත.

රමින්ද ලසන්ත මාවතගේ
– දිවයින

 

88,172 views

13 Comments to “‘කොමිස් රුසියා’ රුසියානු තෙල් එපා කියයි…”

  1. HARAMANIS says:

    MEWAGE AWASTHAWAKADI JVP EKA MAGA ARINNE MOKADA ???? ARAGALA KARUWAN PERATTAN ANTHARE PERATA PAMINIYA YUTHUI.

    • Boo says:

      උන් තමයි කොමිස් කාක්කො. ඒකයි ප්‍රශ්නෙ. මිනිස්සු උන්ට අහුවෙනවා.

  2. Sandun Dhammika says:

    We need to let GIJOE to inspect all the Russian Cobra Industries installations.
    Cobra Industries oil company we should never trust.
    Major Matt Mason is completely against this.
    Cobra Industries oil company (CIO ) based petrol sheds should be banned from Sri Lanka.

  3. කුලියට පුප දෙන ක්‍රිමිනල් says:

    ජෙප්පන්ටයි අරගලයට සහයෝගය දුන් උන්ටයි බැන බැන හිටපල්ලා..උන් එකා දෙකා අල්ලලා හිරේ දාපල්ලා …අරගලයට සහයෝගය දුන් පක්ශ තහනම් කරපල්ලා….රාජපක්ෂලාට රනිල්ට ඕනි විදියට මේක කරන්න දීපල්ලා…..කොයි වෙලාවෙහරි නාමල් කුමරයා ජනාධිපති වෙලා මෙක ගොඩ දානවා එකෙන්ම

    • Oil Boils says:

      අරගල හොරුන් සහ අනුර කුමාර පණුවා රුසියාවට විරුද්ධව ඇමෙරිකාව පැත්තේ ඉන්නේ. ඌත් හාම්පුතාලට බයේ රුසියාවෙන් තෙල් ගන්නවාට විරුද්ධයි.
      ඌ බය පිටරට තියෙන ගෙවල් නැතිවෙයි, ජවිපෙ එකවුන්ට් එක විගණනයට ලක්වෙයි කියලයි.

  4. Balana Rala says:

    Disgusting!! Why do we have a government in place? The minister who is responsible for this should have taken a greater interest and explore the possibility of taking forward the Russian proposal. This isn’t the time to listen those currupted officials. They are after a commission and the government should expose these currupted officials so that their dirty acts will be known to everyone. If the government is powerful and the minister is clean, why can’t they question these currupted officials? We are facing a national crisis and it’s the responsibility of each Citizen of this country to work towards a better future. Now these currupted officials are so greedy and selfish wolves that they think only about their commission not about the future of this country. Disgusting, disgraceful and shameful people. Shame on you. Shame on you . Shame on you.

  5. Godaya says:

    මේවා කරන එවුන්ට හෙන නැතුව වෙන මොනවා ඉල්ලන්නද?

  6. අමිල says:

    ට්විටර් කංචනයගෙන් මේ ගැන ඇහුවාම උගේ කට ගොළු වෙනවා.

  7. janaka says:

    මේ අවස්ථාවේ මීට වඩා වැදගත් ප්‍රශ්ණ ජනාධිපතිවරයාට විසඳීමට සිදුව ඇත. රන්ජන් රාමනායක නිදහස් කිරීම, තහනම් කල දමිල එන් සංවිධාන වල තහනම ඉවත් කිරීම, 22 ගෙනෑඒමෙන් ජනාධිපති බලතල අඩුකිරීම, සමලිංගිකත්වය නීතිගත කිරීම, විනාශවූ මන්ත්‍රී නිවාස සකස්කරදීම, IMF එකෙන් ඩො. බි. 3.5 ණයට ගැනීමට ආණ්ඩුවේ ආයතන විකිණීමේ ලැයිස්තුව හැදීම, ආසනික් පසට කෑමට කලවම් වන ග්ලයිකොපොස්පේට් නැවත රටට ආනයනය කිරීම වගේ ලොකු වැඩ එතුමාට තියෙනවා.

  8. ලෙව්කේ says:

    රුසියානු බොරතෙල් 😆😆😆😆.
    රුසියාවෙන් රාජතාත්‍රික මට්ටමින් සාකච්ඡා කරලා බොරතෙල් ගෙනල්ලා කංචනට හරි මහන්සි ඇති නේද? මොකද පොර රුසියාවෙන් බොර තෙල් ගෙනාවා කියලා පෝස්ට් එකක් දාලා.

    මොකක්ද මෙතන ඇත්තටම වෙන්නේ. ශ්‍රී ලංකා රජය කිසිදු අයුරකින් රුසියාවෙන් තෙල් මිලදී ගැනීමක් සිදුකර නැහැ. තෙල් සංස්ථාව මැදපෙරදිග සමාගමකින් තෙල් මිලදී ගෙන තිබෙනවා. එම තෙල් සමාගම තෙල් මිලදී ගනුයේ රුසියාවෙන්. එය එම සමාගමේ කටයුත්තක් මෙන්ම එහි වාසිය හිමි වෙන්නේත් එම සමාගමටයි.

    මෙහි ඇති විශේෂත්වය වනුයේ මැදපෙරදිග සමාගම් පවා රුසියාවෙන් බොරතෙල් මිලට ගනිද්දී මෙරට රජය මේ දක්වා කිසිදු පියවරක් රුසියාවෙන් තෙල් ආනයනයට ගෙන නැහැ.

    ඒ වෙනුවට මොවුන් වෙනත් සමාගම් රුසියාවෙන් තෙල් ආනයනය කර අපිට විකුණද්දි රජය එම තෙල් ආනයනය කල බව හැගවෙන මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමග අරිනවා.

  9. සාටක බල්ලන් අතුගා දැමියයුතුයි,.! says:

    සාටක බල්ලන් අතුගා දැමියයුතුයි,.!

    පැහැදිලිලෙසම සියට සීයක් රටේ ආර්ථික ගැටළුවට වගකිවයුතු බොරතෙල් මාපියාවේ අධිපති, ලබ්බා සමඟ සමස්ත සාටක බල්ලන් අතුගා දැමියයුතුයි,.!

    • පි දෙනිය says:

      . මෙන්න නියම කතාව …සාටක බල්ලෙක් මුගේ මවු පාර්ශවයට ඇරලද කොහෙද

  10. Lalla says:

    ලක්ෂ 15 ත්‍රී රෝද රථ වලින් භාගයක් ඉවත් කරන්න. රටේ අපචාරත් 40%ක් වත් නතර වෙයි.නිකම් ඉඳල සල්ලි හොයන්න ගිය මාර්ගයකට හොඳම උදාහරණය ත්‍රී රෝද රථ. තරුණ පරපුර විනාශයට එක් මගක්….

Main News