කොරියාවේ, ඉතාලියේ සිට ආ 2000ක් නිරෝධායනයේ.. කොරෝනා යයි සැක 19ක් උණ රෝහලට..

March 4, 2020 at 12:00 pm | lanka C news
කොරියාවේ, ඉතාලියේ සිට ආ 2000ක් නිරෝධායනයේ.. කොරෝනා යයි සැක 19ක් උණ රෝහලට..

කොරෝනා වෛරසය ආසාදනය වී යයි සැක සහිත පුද්ගලයන් 19 දෙනකු මේ වන විට කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර ප්‍රතිකාර ලබමින් සිටී.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කලේ එම පුද්ගලයන්ගේ ජීව සාම්පල මේ වන විට පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවයි.

ඉතාලියේ හා දකුණු කොරියාවෙන් මෙරටට පැමිණි 2000 පමණ පිරිසක් මේ වන විට නිරෝධනයට ලක්කරමින් ඇතැයි ද ඔහු කියා සිටියේය.

මෙම කටයුත්ත සිදු කෙරෙන්නේ ඔවුන් රැඳී සිටින ප්‍රදේශවල සිටින මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් බව ද ඔහු පැවසීය.

ඉතාලියේ හා කොරියාවේ සිට පැමිණෙන සියලු පුද්ගලයන් වෙනම මධ්‍යස්ථානවල රඳවා නිරෝධායනය කිරීමටද තීරණය කර ඇතැයි ඔහු පැවසුවේය.

141 views

6 Comments to “කොරියාවේ, ඉතාලියේ සිට ආ 2000ක් නිරෝධායනයේ.. කොරෝනා යයි සැක 19ක් උණ රෝහලට..”

  1. sinha le says:

    මුස්ලිම්වරු දවසට 5ස් පාරක් පල්ලියේ සබ්ද විකාසන යන්ත්‍ර වලින් ආගම කියනවානම් අපිත් ක්‍රෝනා වයිරසය නැතිකිරීම සදහා උදේ සවස පිරිත් ඇසීමට කටයුතු කරමු.

    • Susil says:

      Muslims must not emprace each other and kiss cheeks during this Corona time!
      Maulana must issue a temporary decree for banning this tradition of showing brotherhood.
      Very nice gesture but not appropriate at this time.

  2. බත් කන හරක් says:

    විමල් ඇමති තුමා ඉන්න නිසා ලංකාවට කොරෝනා වලින් ප්‍රශ්නයක් නෑ. බොරුනම් දෙරණේ චතුර ගෙන් අහන්න.

  3. Nalinda says:

    මුන්ටත් ලංකාව මතක් වෙලා තියෙන්නේ උණ ගැනුනම. නැත්තම් ඉතින් ලංකාවට වැඩිය පිටරට කොච්චර හොදද කියා කියා FB දාන උන් තමයි ඔය.

    • සනත් ඉතාලිය says:

      Muge kawuruwathma pitarataka naha wage lin madiyek dannawane linmadi maanasikathwe thiyennevkaatada miyala

  4. Bimal says:

    Mu nam niyama pissek.

Main News