කොරේ පිටට මරේ… ජල ගාස්තුත් වැඩි කෙරේ..

February 18, 2017 at 1:20 pm | lanka C news
කොරේ පිටට මරේ… ජල ගාස්තුත් වැඩි කෙරේ..

වසර කිහිපයකින් ජල ගාස්තු සංශෝධණයක් සිදු කර නැති නිසා ඉදිරි දිනවලදී ජල ගාස්තු සංශෝධනයක් සිදු කරන බව ජල සම්පාදන හා නගර සැළසුම් ඇමති රවුෆ් හකීම් මහතා පවසයි.

මහනුවරදී පැවති උත්සවයක් අමතමින් ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ ජල ගාස්තු සංශෝධනයෙන් ඇතිවන ගැටළු සොයාබැලීමට මේ වන විටත් අමාත්‍ය මණ්ඩල අනු කමිටුවක් පත් කර ඇති බවයි.

ඉදිරි දින කිහිපයේදී ජල ගාස්තු සංශෝධනය වන ආකාරය නිවේදනය කරන බවද ඇමතිවරයා වැඩි දුරටත් කීය.

0 views
Main News