කොරොනා නිසා ලංකාව අන්ත දිලිදු බවට වැටෙනවා..- ලෝක බැංකුව

April 4, 2020 at 6:28 am | lanka C news
කොරොනා නිසා ලංකාව අන්ත දිලිදු බවට වැටෙනවා..- ලෝක බැංකුව

කොරෝනා වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන ආර්ථික කඩා වැටීම හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු දකුණු හා නැගෙනහිර ආසියානු රටවලට දරිද්‍රතාවේ වේදනාව අත්විදීමට සිදුවනු ඇති බව ලෝක බැංකුව අනතුරු අඟවයි.

දැනටමත් මෙම කලාපයන්හි කෝටි දෙකහමාරක පමණ ජනතාවක් වසංගතය හේතුවෙන් දරිද්‍රතාවයේ පතුලටම ඇදවැටී ඇති බවද ලෝක බැංකුව නිවේදනය කරයි.

මේ තත්ත්වය මත මෙම වසරක කාලය ඇතුළත කලාපය තුළ තවත් මිලියන 11 ක පමණ ජනතාවක් දිළිඳු බවේ සීමාවෙන් පහතට ඇද ගත්තු ඇති බවද මහ බැංකුව පුරෝකථනය කරයි.

කෙසේ නමුත් මින් පෙර නොවූ ආකාරයේ කැපවීමක් සහ වේගයක් සහිතව කටයුතු කළහොත් මෙම ආර්ථික අර්බුදයෙන් යම් තරමකට හෝ ගොඩ ඒමට අවස්ථාවක් ඇතැයි ද නිවේදනයේ තවදුරටත් සඳහන් වෙයි.

493 views

40 Comments to “කොරොනා නිසා ලංකාව අන්ත දිලිදු බවට වැටෙනවා..- ලෝක බැංකුව”

  1. prasanna wimal says:

    hooooo hoooo ……viyathmaga aarthika osthaarla ko?

    • Kalana says:

      Mee harakek, meke prathipalaya kisima nishpaadanayak nethi kama, me mee harakatath hoo kiyaa ganna wenne. Eka wiyathmagata maasa 3n karanna puluwan dheyak nemeyi. Thope Ranil la thamayi rata keewe. Awurudu 5 k monawada kale?

    • Me says:

      මීහරකාට උම්බෑ හඬින් සද්ද කරන්න බෑනේ. ඒත් කොහොමද නරි හඬින් හූකියන්නෙ?

    • ඊනියා සංවර්ධිත රටවල් මේ වන විට ආර්ථික අවපාතයට ගොස් හමාරයි.. Recession …
      ඊයේ වන විට ඇමෙරිකාවෙ අලුතින් රැකියා විරහිත ගොන්නට එක්වූ සංඛ්‍යාව මිලියන 6 ට වැඩියි…බ්‍රිතාන්‍යය ඇතුලු යුරෝපයේ ත් එහෙමයි..ඔවුන් කොරෝනා මඩින්නට මුලින්ම පසුබට වූයේ මෙම ආර්ථික අවපාතයට ඇති බයෙන් නමුත් දැන් මිනිස් ජීවිතත් බිලි දී, ආර්ථික අවපාතයත් කිහිප ගුණයකින් වැඩි වෙලා..
      සතුටුවෙන්න අපට රැකියා නිර්මානය කළ හැකියි..කෘෂිකර්මාන්තයේ සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ . පුටු රත් කරන රැකියා නම් නැතිවෙයි..හැබැයි රට දියුනු කරන්න පුලුවන් රැකියා නම් හැදෙයි..

    • ranil sajith says:

      yako ithin aarthika ostharla hitiye ape aanduwene, ara brainless harsha the slivala wage.

  2. සුනාමි ආ වෙලාවෙත් ඔය ඊනියා වෙස්ටර්න් පොරවල් කිව්වෙ මළ මිනී කුණු වෙලා මේ රටේ නොයෙක් වසංගත බෝවෙයි කියල. ඒත් පැය දෙක යනකොට රටේ හතර වටෙන් මිනිස්සු බත් පාර්සල් ද ඇදුම් ආදී අනිකුත් දේවල් ද අරගෙන විපතට පත් අය වටා රොක් උනා..එක මිනියක් කුණු වෙලා ගද ගැහුවෙ නෑ..මේ රටේ මිනිස්සු විපතකදි එකමුතුයි..
    මේ කොරෝනා වසංගතය අපට ආ වෙස් වලාගත් ආශිර්වාදයක් කොට සළකගෙන, රෝගය පැතිරීම වලක්ව ගෙන, දේශීය නිෂ්පාදන බහුල ස්වයංපෝෂිත ආර්ථික ක්‍රමයකට ගියොත් ඔය ලොක්කන්ගෙ පුහු උපකල්පන සියල්ල බොරු වෙනවා..මෙදා සැරේ නැගිටින්නෙ ආසියාව..වැටෙන්නෙ බටහිර..

    • Independent Buwa says:

      එකෙන්ම, දියුණුව ආර්ථික විතරක් වෙච්චි එවුන්ට වඩා

    • RAW Agent says:

      ඇයි කැඩුන රේල් පාර හදන්න අවුරුදු 2 යනවා කියලා ජර්මනිය කිව්වේ.
      අපි මාස 4ට අඩු කාලෙකින් හැදුවා.
      අම්මපා මුන්ගෙ බැරි බැරියාව මැද්දෙ යුරෝපෙ මෙහෙම තියෙනවා ඇති

  3. chandana says:

    ඔික අමුතු දෙයක් නොවෙි.රටේ ජනතාව එදා ඉදන්ම බිලිදුයි.දෙශ පාලු හොරැ ටික Rich.

  4. Rene says:

    Wb is wrong we will stand strong

  5. අක්බාර් ලොක්කා says:

    ඉතිං මොන ලබුගෙඩියකටද මුන් බලයට පොර අල්ලන්නෙ කියල හිතෙනවා

  6. ගෝලීයකරණයට අනුව නම් එහෙමයි. ඒත් දූපත් මානසිකත්ත්වයේ ස්වයංපෝෂණයට ගොඩයා හැකිමයි. විශේෂයෙන්ම අපේ ආහාරවලින් ස්වයංපෝෂණ මට්ටමට යා යුතුමයි. එය කළ හැකි දෙයක්. කාලීනව හා දීර්ඝ කාලීනව සැලසුම් සහගත විය යුතුයි. හැබැයි සාර්ථකත්ත්වයට ළඟා වෙන විට වඩා පරිස්සම් විය යුතුයි, පැරැණි පාඩම් වලින් ඉගෙන ගෙන. කුමන්ත්‍රණවලට අසු නොවී.

  7. ගෝලීයකරණයට අනුව නම් එහෙමයි. ඒත් දූපත් මානසිකත්ත්වයේ ස්වයංපෝෂණයට ගොඩයා හැකිමයි. විශේෂයෙන්ම අපේ ආහාරවලින් ස්වයංපෝෂණ මට්ටමට යා යුතුමයි. එය කළ හැකි දෙයක්. කාලීනව හා දීර්ඝ කාලීනව සැලසුම් සහගත විය යුතුයි. හැබැයි සාර්ථකත්ත්වයට ළඟා වෙන විට වඩා පරිස්සම් විය යුතුයි, පැරැණි පාඩම් වලින් ඉගෙන ගෙන. කුමන්ත්‍රණවලට අසු නොවී. මෙදා සැරේවත් හොරකම වංචාව දුරින්ම දුරු කරමු. සංචාරක ව්‍යපාරය කෙරෙහි තැබූ අචල විශ්වාසය අතහරිමු. මත්පැන් සහ මත්ද්‍රව්‍ය සහ මුලින්ම තුරන් කරමු. ඒවායින් රාජ්‍ය ආදායම් පියවා ගැනීමේ අමන අපේක්ෂාවන් පිටු දකිමු.

  8. Aurora says:

    කොරෝනා වලට පමණක් නොවේ වෙනත් රෝගවලටත් පාර කපන මිනිසුන් දුප්පත්කමට වට්ටන ලංකා දුම්කොළ සමාගමේ ශ්‍රී ලංකාව තුල සිගරට් විකිණීම තහනම් කරමු. විදේශිකයන්ට ඕනනම් ඩොලර් වලින් ගෙවලා ගන්න පුළුවන්, විධියට කෝටා එකකට පමණක් දුන්නට කමක් නැහැ. ඒත් පිටරටින් ගෙන්වීම තහනම් කල යුතුයි.

  9. අක්බාර් ලොක්කා says:

    ලෝක බැංකු වල න්‍යායපත්‍රයක් මත රඳා පවතින ආනයන මත රඳා පවතින ලිබරල් ආර්ථික ක්‍රමයෙන් දැන්වත් මිදී ස්ව්‍යංපෝෂිත කෘෂිකාර්මික දිශානතියකට ආර්ථිකය හැරවූවොත් ඔය කියන අන්ත දුගී තත්ත්වයට අපේ රට පත්නොවී බේරාගත හැක

  10. jonana says:

    මේ යක්කුන්ට ඕනෙත් රට ගිල්වලා දාන්න. එකයි නිෂ්පාදනය වැඩි කරන්න කියන්නේ, ඕකුන් ආදරේට ණය දෙන්නේ නැහැනේ. අපිට GMOA කියන වැඩිවන Analyze record එක බලාගෙන හිටගෙන ඉන්න තියෙන්නේ

Main News