‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…

June 14, 2021 at 12:40 pm | lanka C news
‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…

භික්‍ෂූන් වහන්සේ නමක් දඹුල්ල නගරයේ ආර්ථික මධ්‍යෂ්ථානය අසල ඒ-9 මාර්ගයේ මැද වාඩි වූ විරෝධතාවක නිරත විය.

දිඹුලාගල ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන මාතලේ ශාසනරතන නම් භික්ෂුන් වහන්සේ නමක් මෙසේ විරෝධතා දැක්වීය.

හිමියන් පාර මැද ඉදගෙන රට අරින්න යැයි හඑ හඬින් කෑ ගසමින් ඉල්ලිම් කල අතර දඹුල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඉවත් කිරිමට උත්සහ කලද නොහැකි විය.

අනතුරුව දඹුල්ල මහනගර සභාවේ නගරාධිපතිවරයා පැමිණ කරුණු විමාසා සිටි අතර ජනපති කාර්යාලයේ පුද්ගලයකු සම්බන්ධ කරන්න යැයි භික්‍ෂුව නගර සභාවට නැදවාගෙන ගියේය.

අනතුරුව නගර සභාවේදි දුරකතනයෙන් ලේකම්වරයකුට කතා කිරිමේ අවස්ථාව ලැබුණු බවත් පසුව ප‍්‍රකාශයක් ගන්න යැයි පොලිසියට ගෙන ගියේය.

කෙසේ වෙතත් පොලිසියෙන් අත්වඩංගුවට නොගන්න බවද කට උත්තරයක් ලියාගත් බවද හිමියන් පැවසූහ.

උන්වහන්සේ‍ගේ ඉල්ලිම වුයේ ‘රට වහනවානම් කඩ අරිනවානම්, සල්ලි ගනුදෙනු වෙනවානම් මෙහෙම වහලා වැඩක් නෑ රට අරින්න. නැතිනම් හොදටම වහන්න. නැතිනම් බොරු නොකර රටම අරින්න’ යන්නයි.

ජනාධිපතිවරයාටද එහිදී හිමියන් විසින් දැඩිව දෝෂාරෝපන කරන ලදී.

– මහින්ද   උදයසිරි රත්නායක

74,946 views

37 Comments to “‘කොරෝනා පිස්සුව නවතා රට අරින්න’ භික්‍ෂූවක් පාර මැද වාඩි වී විරෝධතා… දැඩිව බැණ වදිති…”

  1. Nawodhi says:

    Lock down is very old and failed strategy for c-19. No evidence lockdown will reduce C-19. Open country train people to live with C-19.

    • Sam says:

      Who said that? NZ/Aus are good exmples. But lockdown wont help weak economies like SL, Ind etc.

      Best is the lock down properly and limit international movements.

  2. බමුණා says:

    මාස්ක් නැතුව අත්අඩන්ගුවට ගත්තේ නැත්තේ ඇයි? නීති දෙකක් ද?

  3. කොටා says:

    බස්නායක උන්නැහේගෙ උවමනාවට ජනාධිපති පාරට බැහැල යන්න අවශ්‍ය නෑ. මේ රජයේ වැරදි අනන්තයි. ඒත් මිනිස්සු වෙනුවෙන් හොද දර්ශනයක් තියන මොන පක්ශයක එකෙක්වත් නැ නේද.

  4. ගෙම්බන්පිල says:

    මුරුත් තෙට්ටුවගේ දෙක මූ

  5. Amda says:

    බුද්ධ චීවරය දරනවානම් එයට අගෞරව නොවන ලෙස හැසිරිය යුතුය.

    ජනතා චන්දයෙන් පත්වූ නායකයෙකුට සහ රටේ මුල් පුරවැසියාගේ තනතුරට අගෞරව නොකල යුතුය.

  6. වැක්සීන් සමාගම says:

    දේශීය හෝ ආයුර්වේද වෛද්‍යවරුන්ට කොරෝනා මර්දනය කිරීමට වැට බඳිමින් කොරෝනා රෝගය ආරක්ෂා කරන , අප සමාගම් ආරක්ෂා කරන
    බටහිර ඇලොපති වෛද්ය ගැත්තන්ට අපගේ හෘදයාංගම ස්තූතිය!

Main News