කොරෝනා වෛරසය මඩින්න දේශිය ඖෂධ වර්ග 37 ක් අනුමැතියට ඉදිරිපත් කෙරේ…

December 30, 2020 at 10:40 am | lanka C news
කොරෝනා වෛරසය මඩින්න දේශිය ඖෂධ වර්ග 37 ක් අනුමැතියට ඉදිරිපත් කෙරේ…

කොරොනා වෛරසයට මුහුණ දිම සදහා දේශිය ඖෂධ 37 ක් පිලිබදව දේශිය ආයුර්වේද අමාත්‍යංශයේ විද්වත් කමිටුවක් පත් කර ඇති බව දේශීය වෙදකම ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යය සිසිර ජයකොඩි මහතා පැවසිය.

රාජ්‍යය අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ දේශිය ඖෂධ වර්ග 108 ක ඖෂධ මංජුසාවක් (29) දින උදුවප් පොහෝ දින 2020-2021 වර්ෂය සදහා ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ විමෙන් පසු පුජා කිරිමෙන් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවේ සිට මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යවරයා කියා සිටියේ.

දේශිය වෛද්‍යය අමාත්‍යංශය හැටියට රට අද මුහුණ දිලා ඇති වසංගත තත්ත්වයෙන් ඉක්මණින් මිදිලා නිරෝගි භාවය ලැබේවා කියන ප්‍රාර්ථනාව එක්ක ඖෂධ වර්ග 108 කින් යුත් මංජුසාවක් දින 14 ක් පුරා දිවයින පුරා වෙහෙර විහාරස්ථාන ,සිද්ධස්ථාන වල පුජ උපහාරයට ලක් කලා.

උදුවප් පොහෝ දිනයේදි ශ්‍රි පාද පත්මයට ඖෂධ මංජුසාව පුජා කරනු ලැබුවා.

ආයුර්වේදයේ භාවිතා නව හෙල වෙදකමේ තියෙන ඖෂධ වර්ග 108 ක් තමයි භාවිතා කරන්නේ.

කෙරොනා පැණිය පිලිබදව අපි සායනික පරික්ෂන ආරම්භ කරලා තියෙනවා,

දේශිය ඖෂධ වර්ග 37 පිලිබදව අපි පරික්ෂණ කරගෙන යනවා කොරොනා වෛරසයට මුහුණ දෙන්න සුදුසුයිද කියලා.

කොරොන සදහා විවිධ පාන වර්ග ,ඖෂධ වර්ග , බෙහෙත් වර්ග ඒ සැම දෙයක් සම්බන්ධයෙන් අධ්‍යනයක් කරනවා.

ඒ සදහා විද්වත් කමිටුවක් පත් කරලා තියෙනවා දේශිය ආයුර්වේද  අමාත්‍යංශයෙන්.

– හැටන් රංජිත් රාජපක්ෂ

13,654 views

7 Comments to “කොරෝනා වෛරසය මඩින්න දේශිය ඖෂධ වර්ග 37 ක් අනුමැතියට ඉදිරිපත් කෙරේ…”

  1. Nimal says:

    හෙලයන්ට ජය

  2. අජානීය ඉස්කූටර් says:

    පළමුව ඉතා නිර්භීත මැති ඇමැතිවරු 37 දෙනෙකු සොයා ගන්න. ඔවුන් එක් එක් කෙනාට මේ දේශීය ඖෂධ එක බැගින් පොවා කොරෝනා ආසාධිත රෝගීන් සමඟ මුඛ ආවරණ නොමැතිව දින කිහිපයක් රඳවා තබන්න. 37 දෙනාගෙන් කොරෝනා නොහැදුණු මැතිතුමා / මැතිතුමන්ලා බිව් බෙහෙත හෝ බෙහෙත් මිනිස්සුන්ට බොන්න දෙන්න නිර්දේශ කරන්න

    • වයි දිස් කොලවෙරි says:

      ගොන් පාට් නොදා හිටපන්. සායනික පරීක්ශණ කරල තමයි වැක්සින් එක උනත් යුරොපා සන්ගමය පාවිච්චියට ගන්නේ. වැක්සින් එකත් 100%ක් සාර්තක නෑ.

  3. කාන්තාර පළඟැටියා says:

    // උදුවප් පොහෝ දිනයේදි ශ්‍රි පාද පත්මයට ඖෂධ මංජුසාව පුජා කරනු ලැබුවා. // ඊට වඩා හොඳයි ලොක්ඩවුන් කරලා ඉන්න ගෙවල්වල මිනිස්සුන්ට කොත්තමල්ලි පත්පාඩගම් පැකැට් එක ගණනෙ බෙදලා දුන්නා නම්. ඔය මංජුසා සේරම වරුවෙන් දෙකෙන් මහගිරිදඹෙන් අනිත් පැත්තේ පහල හෙලේ තමා නවතින්නේ..

  4. truth says:

    why PCR and antigen test.

    can;t a god do some engineering and bring some new investigations to find corona patients?

    and why only corona? there is AIDS, cancer, pressure, sugar etc.

    dear gods what have you done so far? there are lot of helayas but no gods to be seen.

  5. COOL says:

    ඇමති තුමෙනි, එකඒකා ආණ්ඩුව පාච්චල් කරනකොට චන්දේ ගහපු අපිට ලැජ්ජයි, ඒ නිසා එක දවසට එක එක නොකියා පිචන් නොකර වැඩක් කරන්න.

  6. ක්‍රිමිනල් says:

    සිසිර ජයකොඩිලා යන්නේ කොහෙද මල්ලේ පොල් එක එක ජාවරම් කාරයො මෙයාව අල්ලේ තියලා නටොනවා . මෙයත් අර රූකඩේ වගේ වැනෙනවා. මේ රටේ ආයූර්වේද ප්‍රතිපත්තියක් තියෙනවා ,ප්‍රතිපාදන තියෙනවා පහසුකම් තියෙනවා , ඔය ඉන්න ස්වදේශීය වෛද්‍යවරු එක්කාසූ කරලා කොවිඩ්19 මඩින්න උත්සාහයක් දෙනවා වෙනුවට එක එකා ප්‍රමොට් කරගෙන රෙදි ගලොගන්නවා.

Main News