කොරෝණාවෙන් රට බේරා ගන්න විශ්‍රමික දමිළ හමුදා සෙබලා දින 108 ක් උපවාසයක..

July 15, 2020 at 2:02 am | lanka C news
කොරෝණාවෙන් රට බේරා ගන්න විශ්‍රමික දමිළ හමුදා සෙබලා දින 108 ක් උපවාසයක..

ශ්‍රීලංකාව තුල ව්‍යාප්ත වූ කොරෝණා වසංගතය පාලනය කිරීමට ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ වෙතට සෙත් පතා යාපනයේ විශ්‍රාමික දමිල යුද හමුදා සෙබලෙකු විසින් දින 108 ක් පුරාවට ඇරඹු උපවාසය යාපනය ආරක්ෂක සේනා මූළස්ථානයේදී නිම කරන ලදි.

සිංහතම්බි නඩරාසා නැමති 81 හැවිරිදි විශ්‍රාමිදමිළ ක යුද හමුදා සාමාජිකයා යාපනය කරවෙඩ්ඩි ප්‍රදේශයේදී කොරෝණා ව්‍යාප්තියත් සමග එය පාලනය කිරීමට අවස්ථාව ලැබේවා යන බලාපොරොත්තුවෙන් උපවාසය ආරම්භ කොට දින 108 ක් උපවාසය සිදු කොට යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය මහතා ඉදිරියේදී උපවාසිය නිම කරන ලදි.

සිංහතම්බි නඩරාසා විසින් උපවාසය ආරම්භ කරනු ලැබුවේ කොණ්ඩය හා රැවුල කපා කරවෙඩ්ඩි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිල් භූමියක් තුලදී වූ අතර උපවාසයේ යෙදී නිම කරන ලද හිටපු දමිල යුද හමුදා සාමාජිකයාට යාපනය ආරක්ෂක සේනා ආඥාපති තුමන් විසින් ප්‍රශංසා කරන ලදි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

51 views
Main News