කොරෝණා වයිරසයට බිය නොවන්වැයි කිලිනොච්චි වැසියන්ට දන්වයි..

July 19, 2020 at 8:02 am | lanka C news
කොරෝණා වයිරසයට බිය නොවන්වැයි කිලිනොච්චි වැසියන්ට දන්වයි..

ශ්‍රී ලංකාව තුල පවතින වත්මන් කොරෝණා අවධානම සම්බන්ධයෙන් කිලිනොච්චියේ වැසියන්ට බිය විය යුතු නැති බවට කිලිනොච්චිය දිස්ත්‍රීක් දිසාපතිනිය රූපවතී කේදීස්වරන් මහත්මිය පැවසුවාය.

දිසාපතිනිය මේ බව පවසා සිටියේ කිලිනොච්චිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ දිසාපතිනිය පවසා සිටියේ,

‘දුකුණේ පවතින වත්මන් කොරෝණා අවධානම සම්බන්ධයෙන් කිලිනොච්චිය ජනතාව බියගැන්වෙන විවිධ වූ ප්‍රචාරයන් ව්‍යාප්ත වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතු බවටත් කොරෝණා වයිරස් කාරකයින් දිස්ත්‍රීක්කයට ඇතුලත් නොවන අයුරින් සෞඛ්‍ය නිලධාරීණ් මෙන්ම පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ විසින් විශේෂ වැඩපිළිවලක් දියත් කොට ඇති හෙයින් ජනතාව බිය විය යුතු නැති අතරම ඉදිරියේදී පැවත්වෙන මැතිවරණය වෙනුවෙන්ද සෞඛය ආරක්ෂිත නීති අකුරට පිළිපදිමින් කටයුතු කරන ලෙසට ඇය වැඩි දුරටත් පැවසුවාය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

235 views
Main News