කොරෝනාවට බියෙන් ඉන්දියානුවන් මන්නාරමට පැන එති..

May 31, 2021 at 12:40 pm | lanka C news
කොරෝනාවට බියෙන් ඉන්දියානුවන් මන්නාරමට පැන එති..

ඉන්දියාවේ පවතින දඩි කොරෝනා අවධානම හේතුවෙන් ඉන් බේරීමට මන්නාරමට ඇතුල් වීමට උත්සහ දැරූ ඉන්දීය ජාතිකයින් 40 දෙනෙකු රැගත් යාත්‍රා 4 ක් ආපසු ඉන්දියාවටම යැවීමට නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

ඉන්දියාවේ පවතින කොරෝනා අවධානම හේතුවෙන් උතුරු, උතුරු මැද නාවික විධානය විසින් සිදුකරන ලද සෝදිසි මුර සංචාරයන් අතරතුරදී මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු තීරයේදී ඉන්දීය ධීවර යාත්‍රා යොදාගනිමින් ධීවරයින් ලෙසින් පැමිණි පුද්ගලයින් 40 දෙනෙකු මන්නාරමට ඇතුල්වීමට ගත් උත්සහයක් නවතා දැමීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

පැය 24 පුරාවට මුහුදු සීමාවේ ආරක්ෂාව තර කොට ඇති අතර මන්නාරම් මුහුදු සීමාවේදී නාවික හමුදා භාරයට පත් ඉන්දීය ජාතිකයින් පිළිබඳව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයට සහ ඉන්දීය වෙරලාරක්ෂක බලකායට දැනුම් දී ආපසු යැවීමට පියවර ගත් බවට නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

21,940 views

5 Comments to “කොරෝනාවට බියෙන් ඉන්දියානුවන් මන්නාරමට පැන එති..”

  1. මෝඩ බයියා says:

    මේකට චීන්නු එනව ඉන්දියන් කාරයො එනව සරණාගත තම්බිලා එනව නියම අම්බලම .

  2. අපි තමා හොඳටම කරේ..හා නැද්ද ? says:

    අපෝ කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපේ ස ට කියක් හරි අත මිට මොලවන්න පුළුවන් නම් එච්චරයි. ඔව්ව මොනාද මල්ලි සල්ලි වලට මුළු බටහිර වෙරලටම ඉල්ලන් කෙලව ගත්තු රටක් අපි. ඉතින් ක්රෝනා කියන්නේ අපිට හරි පොඩි දේවල්. ඉතින් මේ කොරෝනා ලෙඩ්ඩු අපිට නතින් මල්ලි.

  3. Ravana parapura says:

    කෝ දැන් රාමගේ හනුමන්ලාගේ වීර කම් අන්තිමට රාවණාගේ පිහිට තමයි.

  4. chula super model says:

    shoot

  5. ණාගතයන්සේ ශ්‍රී ලංකාවට විශාළවශයෙන්.. says:

    මුසල්මානුවන් සරනණාගතයන්සේ
    ශ්‍රී ලංකාවට විශාළවශයෙන් මුහුදුමාර්ග ඔස්සේ පැමිණීම නියමිතයි.ආරකෂක අංශ සූදානමින් සිටින්න..!

Main News