කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..

June 3, 2020 at 12:00 pm | lanka C news
කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..

ඉන්දියාවේ මේ දින වල සීග්‍රයෙන් ව්‍යාපත්වන කොරෝණා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02) දින භාර වී ඇත.

අදාල පියා මීට පෙර මන්නාරමේ පදිංචි අයෙකු වුවද යුද ගැටුම් හේතුවෙන් 1990 වසරේදී ඉන්දියාවට ගොස් තමිල්නාඩුවේ සරණාගත කඳවුරක නැවතී ඔහු බිරිඳ හා දියණියන් දෙදෙනෙකු සමග දිවි ගෙවා ඇත.

අනතුරුව පවතින කොරෝණා වයිරසයේ දැඩි අවධානම හේතුවෙන් ඊට බිය වී සරණාගත කඳවුර අතහැර බොට්ටුවක් මාර්ගයෙන් තම වැඩිමල් දියණිය සමග තලෙයිමන්නාරම් මුහුදු තීරයට පැමිණ ඇත්තේ පසුව බිරිඳ හා බාල දියණිය රැගෙන එන අපේක්ෂාවෙනි.

කෙසේ වෙතත් පැමිණි පියා හා දියණිය පළමුව නිරෝධායන කඳවුරක් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති අතර එම කටයුතු අවසන් වූ පසු නීතිවිරොධීව සංක්‍රමණය පිළිබඳව පරික්ෂණ සිදු කිරීමට මඩු පොලීසිය විසින් පියවර ගෙන ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

48,612 Viewers

11 Comments to “කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..”

  1. RANGA BANDARA GELIOYA NOW IN SINGAPORE says:

    manawa himikam rakimu , owun baragamu. kopana awath , eth minissu

  2. LION says:

    දෙමළ භාෂාවෙන් “කල්ල” යනු හොරුයි. “තෝනි” යනු “ඔරුවයි” ඔරුවල බෝට්‌ටුවල ආධාරයෙන් ශ්‍රී ලංකාවට හොර රහසේ …එන අයට කියන්නේ කල්ල තෝනි උතුරේ ඉන්න සියලුදෙනාගේ පරම්පරාව මේ අයයි.

  3. The Citizens says:

    The Navy, air force must be vigilant about illegal immigrants ,as border protection is a obligatory duty of any
    goverment.

  4. ඊරි යකා says:

    වෙල්ලකම් ටු ශ්‍රී ලංකා..මෙහි ඉපදුණු සියලු පුරවැසියෙකුට ම නැවතත් තම මව් රටට පැමිණීමට කිසිදු බාධාවක් නැත.

    • රස්තියාදුකාරයා says:

      උඹ මෙතන ඉංග්‍රීසියෙන් කියන්නේ මොන ඉලව්වක්ද ? කියන මඟුලක් දන්න සිංහලෙන්ම කියහංකො.

  5. Ananda says:

    This may subject to be a bad precedent as other indians may adopt saying to escape corona in India. Watch And observe in any case.

  6. Mel says:

    කිසිම ශ්‍රී ලංකිකයෙක් ඉන්දියාවේ සරනාගත කදවුරුවල නැත. ඔය ඉන්නවායි කියන සරනාගතයින් තම එකම මව්බිම වන තමිල්නාඩුවට ආවාපමනි. ඉන්දියාව ඔය සෑම දෙමලෙක්ටම පුරවැසිකම දියයුතුයි. බස්නාහොර, උතුර, නැගෙනහිර මුහුදු නාවික හමුදාව පැය 24ම තිවුනුව ආරක්ෂාකල යුතුයි.

  7. Kalana says:

    Korona samagin Hamba ratakata aluth paara…

  8. Lol says:

    Ehenam maladiwaine inna ape sinhala kollotikata kiyanna thiyenne warella demalu wage muhuden mun baragannawa kiyala