කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා..- වක්කුඹුර

December 15, 2020 at 3:24 am | lanka C news
කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා..- වක්කුඹුර

‘රජය කිසිම කලබලයක් නැහැ පලාත් සභාව තැබීම සම්බන්ධයෙන්. අපිට එහෙම කලබලයක් වෙන්න ඕනෙත් නැහැ ජනාධිපතිතුමා අපේ ආන්ඩුව අපේ ප්‍රාදේශීය සභාව අපේ. ඒ පිළිබදව අපිට කිසිම ප්‍රශ්ණයක් නැහැ. හැබැයි මේ රටේ මැතිවරණ සිතියම හකුලෝල තියනව. මේ රටේ පලාත් සභා ක්‍රමයක් තිබුනා අද පලාත් සභා මන්ත්‍රී වරුන් නැති වූනාට අනෙකුත් සියලුම කටයුතු තියෙනව. අපි නව ආණ්ඩුකුම ව්‍යවස්ථාවක් ගෙනත් ඒ යටතේ මේ පලාත් සභාව තියනවද නැද්ද මේ බලය තව කාටහරි බෙදනව නැද්ද කියන එක එනකම් මේ පලාත් සභාව කාටහරි ඕනේ නැහැ කියන්න පුලුවන්. හැබැයි පලාත් සභාවක යන වියදම මේ මන්ත්‍රීවරුන් නැති වුනාට ඒ ආකාරයෙන්ම යනවා’ යයි අපනයන ප්‍රවර්ඹන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා කීය.

ඒ මහතා මෙම අදහස් පල කර සිටියේ ඇඹිලිපිටියේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිණි.

මෙම අවස්ථාව සදහා ගොවි අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානයේ සභාපති ගයාන් මේනුක දිසානායක මහතාද සහභාගී විය.

මෙහිදී පවැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය වරයා,

ජනතාව තෝරාගන්නා පිරිසක් තමයි ජනතාවට උදව් කරන්න පත්වෙන්නේ. මේ අකුලපු පලාත් සභාව නැවත වරක් එනවනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින් එන්න ඕන. අපිට ඒ දවස්වල බැන  බැන හිටියා පලාත් සභාව තියන්නේ නැහැ කතියල. අපි යම් කිසි වැඩ පිළිවෙලක් කරන්න හදනකොට අහනවා ඇයි තියන්නේ කියල.

දේශීය වෙදකම පිලීබදව අදටත් ගොඩක් දෙනෙකුගේ විශ්වාසය තිබෙනවා. ඒ විශ්වාසය මත පදනම් උන දහස් ගණනක් දෙනා ඒ වෙද මහත්තයා හොයාගෙන යනවා. මේ විපක්ෂය ලෝකයේ අනෙක් රටවල් සොයාගන්න ඒව ගැන මොකුත් කියන්නේ නැහැ. ඇමරිකාව හොයනවා. චීනය හොයනවා එංගලන්තය සොයනවා ඒ හොයන කොටම විපක්ෂයේ අය කියන්නේ ඇයි ඒවා ලංකාවට ගෙන්න ඕඩර් කලේ නැත්තේ කියල. හරියටම ලෝක සේඛ්‍ය සංවිධානයේ නිර්දේශ නොකර විපක්ෂ නායක වරයා පාර්ලිමේන්තුවේදී කියනවා ඇයි ඒක ගෙන්වන්න කටයුතු කරන්නේ නැත්තේ කියල.

මේක ගෙන්නන්නේ නැත්තේ කියන කෙනා දැන් අහනවා මේ පැණිය දීල හරිද කියල. මේක අපේ රටේ කෙනෙක් හොයාගත්තේ. හරියටම මේක විද්‍යානූකූලව පරික්ෂණ අවසන් උනාට පස්සේ  අපි බලමු. මම එතෙක් රටේ සියලු දෙනාට කියනවා මේකට සහයෝගය දක්වන්න. මේ බෙහෙත අපේ රටෙන් සොයාගන්න ලැබුනොත් කොරෝනා වලට බෙහෙතක් හැදූ ලෝකයෙන්ම ප්‍රථම රට බවට අපේ රට පත් වෙනවා. අපිට ඒ ගෞරවය ලැබෙනව. ඒ නිසා අපි විපක්ෂයටත් අනෙකුත් අයටත් කියනවා මේක අවසන් වෙනකම් පුංචි කාලයක් දෙන්න කියල.

දැන් විපක්ෂය බොන්නේ නැහැකියන කට්ටිය අනුන්ට දුන්න කියන අය දැන් චෝදනා කරනවා. දැන් කියනවා ඒ අයට හම්බ උනේ නැහැ කියනවා. මේ අය හොරෙන් මේක බීල ඒ අය ආරක්ෂා වෙන්න හදනවා. හැමදාම විපක්ෂය කලේ මේ වගේ. පැණිය බොන්න ඕනනම් කතානායක තුමාට කියල ඉල්ලන් බොන්න තිබුනා.

– ප්‍රගීත් ජනක

67,588 views

18 Comments to “කොරෝනාවට බෙහෙතක් හොයාගත් ලෝකයේ එකම රට ලංකාව වෙනවා.. ඒ ගෞරවය අපට ලැබෙනවා..- වක්කුඹුර”

  1. Neela says:

    ඇයි අප්පා මේ මන්ත්‍රීවරු පැණියෙම එල්ලෙන්නෙ. කාගෙ නියෝවත් නියෝගයක් ද? දැන් පොල් 120/= සියලු බඩු මිළ වැඩි. ආදායම් වැටිලා. මිනිස්සු බංකොලොත් වෙලා. ආණ්ඩු පක්ෂ විපක්ෂ මන්ත්‍රීලා ගංජා ගහල වගේ. ගංජා දිලිත් ‌කොම්බුවෙන් රට පාලනය කරනවා.

  2. ExUNPer V says:

    කට තියන් ඉන්න බැරුව ගොබ්බ කතා කියා පච වෙනව​.
    තක්කඩියෙක් ගේ බොරු පැණියකට රැවටෙන මේ අය විදෙස් කුමන්ත්‍රන කාරයන්ට කොහොම රැවටෙයිද ?

    • ක්‍රිමිනල් says:

      මුන් රැවටිලා නෑ බං , මුන් දගලන්නේ මුන්ගේ වහල් ගව රොත්ත අන්දන්න , උන් හුලගටත් ඇන්දෙන ජාතියේ උන් කියලා මෙගොල්ලො දන්නවා , ඇන්ටිජන් මෑන්ගේ චැනල් එකේ පන පිහිටොලා ,ගජබින්නාලංකාරය ඇදලා ඇරපු ගමන් මෝඩ පහේ බෛයො ඇන්දෙන්නේ සක සක ගාලා ,අර ඇමට අහුවෙන මාළු වගේ.😂😂😂

  3. Palle says:

    හොද වෙලාවට මේවා ජාත්‍යන්තර මාධ්‍යට නොයන්නේ. නැතිනම් මේ වන විටත් ලෝකයට වැඩිපුරම විහිලු සපයන රට !

  4. Udrich says:

    Viyath maga ugaththu paarata visikarala, meeharak raanak dakkanava Gota

  5. Chaminda says:

    Ammage Redda Thopi Kawada Yako Hoda deyak Keruwe, Minissu Gene Newai Ubalata One balaya witharai Ohoma Yan thawa Aurudu 2 kin Okkoma iwarai Janathawage Rajayak Hoda Nayakyek rata Anawa

  6. Hari says:

    ලෝකේ හොදම දේවල් තියෙන්නේ ලංකාවේ හොදම වරයා, ක්‍රීඩා පිටිය, වන උද්‍යානය සහ හොදම පාර්ලිමේතුව

Main News