කොරෝනාවට හැදූ ධම්මික පැණිය ඇතුළු ආයුර්වේද ඖෂධ ජනතාවට දීම කඩාකප්පල් කරලා..

March 4, 2021 at 12:00 pm | lanka C news

කොරෝනා වෛරසය මර්දනය සඳහා සකස් කරන ලද ධම්මික පැණිය ඇතුළු ආයුර්වේද ඖෂධ කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන බවට ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කරති.

ඔවුන් පෙන්වා දෙන්නේ දේශීය ඖෂධ කීපයක් සඳහා ආයුර්වේද සූත්‍ර කමිටු විසින් පරීක්ෂාකර අනුමැතිය ලබා දුන්නේ දැනට මාස තුනකට පමණ පෙර බවය.

ඉන් අනතුරුව ඉදිරි පියවර ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා සායනික පරීක්ෂාවන් සිදු කිරීමට සැලසුම් කලද යම් පිරිසක් විසින් මෙම කටයුත්ත කඩාකප්පල් කළ බවටද ඔවුහු චෝදනා කරති.

ඉන් පසුව ධම්මික පැණිය පිළිබඳ සායනික පරීක්ෂාවන් කිරීමට බටහිර වෛද්‍ය ක්‍රමයට බාර දුන් නමුත් දැනට එහි සායනික පරීක්ෂාවන් සිදු කිරීමේදී අදාළ පැණිය ලබාදී ඇත්තේ දිනකට රෝගීන් දෙතුන් දෙනෙකුට පමණක් බවද ඔවුන් පවසති.

එසේ සිදු කරමින් සායනික පරික්ෂා අවසන් කිරීමට නොහැකි බව කීමෙන් ජනතාවට ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කරමින් ඇති බව ද අනෙකුත් දේශීය ඖෂධ පිළිබඳ මෙතෙක් කිසිදු විධිමත් සොයාබැලීමක් වත් සිදු නො කරන බවත් ආයු වෛද්‍යවරුන් චෝදනා කරති.

20,316 views
Main News