කොරෝනාවලට ආයුර්වේදයේ බෙහෙත් ඇතැයි කීම පට්ටපල් බොරු..- දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදේශක, ආයුර්වේද වෛද්‍යවරයා කියයි..

November 9, 2020 at 3:28 am | lanka C news
කොරෝනාවලට ආයුර්වේදයේ බෙහෙත් ඇතැයි කීම පට්ටපල් බොරු..- දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදේශක, ආයුර්වේද වෛද්‍යවරයා කියයි..

කොරෝනා වෛරසය සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර ඇතැයි කීම පට්ටපල් බොරුවක් බවත් එය සම්පූර්ණයෙන්ම මුදල් ගරා ගැනීමේ ජාවාරමක් බවත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතා සඳහන් කරයි.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ කිසිතැනක කොරෝනා වලට ඖෂධයක් සොයා ගෙන නැතැයිද පවසන ඒ මහතා බෙහෙතක් සොයාගෙන ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීම අවශ්‍ය බව ද පවසයි.

කෙසේ නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කෙනෙහෙලිකම් එල්ල වන බවත් අද ද IDH රෝහලේ රෝගීන්ට කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර ක‍්‍රම බවත් ඔහු සඳහන් කළේය.

ගංගා වලට මුට්ටි දමා මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් පාලකයන්ට මොලය පහළවේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

51,061 views

21 Comments to “කොරෝනාවලට ආයුර්වේදයේ බෙහෙත් ඇතැයි කීම පට්ටපල් බොරු..- දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදේශක, ආයුර්වේද වෛද්‍යවරයා කියයි..”

  1. සමාජය දැනුවත් කරපිය..! says:

    චමුදිත සරම වික්‍රම…!
    “කංසා” ශාකයේ ඖෂධීය වටිනාකම, සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව සමාජය දැනුවත් කරපිය..!

  2. අජානීය ඉස්කූටර් says:

    මේ ආණ්ඩුවේ චොර සීන් රටට ලෝකයට පෙන්නන කොන්ත්‍රාත් එක මේ චමුදිත කියන හාදයා භාරඅරගෙන තියෙන්නෙ

  3. Prem says:

    චමුදිතට ලොකු අමාරුවක් හැදිල වගනම් පේනව

  4. GAMINI SENANAYAKE says:

    PRANAJEEWA is a fraud of broad day light. Don’t misuse social media. On the other hand, this.oil had made up by one monk who stayed opposite this WEDAS office. That monk gave that oil for any desease around 25 years ago then this man had stolen it and Now say that is his own as A qualified Wadek. No patient was heal. Don’t squander money from poor people.
    Main weakness of Sinhala medicine is no process of clinical proof. Hence, counterfeit drugs is in everywhere.

  5. ආයුර්වේදයේ කිසිම බෙහෙතක් නැත යන්න පිළිගත හැකිය. එයට හේතුව නම් මොහු ආයුර්වේද වෙද වට්ටෝරු භාවිතයෙන් බෙහෙත් සපයන කාර්මික නිලධාරියෙක් මිස දක්ෂ බුද්ධිමත් වෙදෙක් නොවීමය. මෙම ඉන්දියානු වෙදකමේ හැකියාව එසේ වීම අමුතු දෙයක් නොවේය. ඒ කුහක ඉන්දියානු වන්ගේ ක්‍රමයයි.
    හෙළ වෙදකම මෙයට හාත්පසින්ම වෙනස් ක්‍රමයකි. ඉගුරු කොත්තමල්ලි සිට සියලුම කසාය භාවිතය හෙළ වෙදකමට සම්බන්ධ දේවල් ය. මේවා මගින් පැහැදිලිවම ශරීරයේ ප්‍රතිශක්තිය වැඩිකර වයිරසවල ප්‍රභල තාවය හා එමගින් සිදුවන හානිය අවම කල හැක. මේ සංසිද්දිය වසර දහස් ගණනක සිට සිංහල සමාජය තුල අත්දුටු හා ප්‍රත්‍යක්ෂ ක්‍රමයකි. අවාසනාවකට කරුණ නම් රටේ මෝඩයන් පිරිසක් මගින් වෙදකම් ක්‍රම දෙකක් එකක් ලෙස සලකා කටයුතු කිරීමය. හෙළ වෙදකම හා ආයුර්වේද වෙදකම යනු දෙකක් මිස එකක් නොවේය. හෙළ වෙදකමට කළහැකි බොහෝදේ ආයුර්වේදයට කල නොහැක. එලෙසම ආයුර්වේද වෙදෙකුට හෝ බටහිර වට්ටෝරු දොස්තර කෙනෙකුට හෙළ වෙදකමේ හැකියාව හෝ නොහැකියාව සම්බන්ධයෙන් කතාකිරීමට සදාචාරාත්මක අයිතියක්ද නැත.

  6. ඩපයා says:

    කොරෝනාවට ආයුර්වේද බේහෙත් නැහැ කියන මූම කියනවා “අද ද IDH රෝහලේ රෝගීන්ට කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර ක‍්‍රම ” කියලා! ගොන් පණ්ඩිත චමුදිතයා ඒපාර තමුන් කියන දේට තමුන්ම විරුද්ධ වෙන මෝඩ බස්සෙක්ව අල්ලාගෙන. උපදේශක මගේ පුක.

  7. ජගත් says:

    මූ මොන පිංපියෙක්ද.
    කොරෝන වලට අවුරුදු දහස් ගණනක් පැරණි වට්ටෝරුවකින් ශාකසාර චූර්ණයක් හදල තියෙන්නේ.
    මූ බටහිර බෙහෙත් වලින් කොමිස් කන කාක්කෙක්

  8. kkuruwita says:

    සුජීව උන්නැහැ ආයුර්වේද මූල දැනීමක් වත් නැති බව පෙනෙන්වවා මේ කියන අදහස් වලින් . මෙහෙම අයගෙන්ද උපදෙස් ගන්නෙ ඇමතිතුමා ?

  9. Hudson says:

    Janadhipathige bambu vdanaya thamay. panic wenn epa, insist karanawa, gon part president.

  10. Araliya says:

    Kana pathe paharannek men thaman ugath wedakaata niga dena meyawa UPADESHAKA kele kawurunda?

Main News