කොරෝනාවලට ආයුර්වේදයේ බෙහෙත් ඇතැයි කීම පට්ටපල් බොරු..- දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදේශක, ආයුර්වේද වෛද්‍යවරයා කියයි..

November 9, 2020 at 3:28 am | lanka C news
කොරෝනාවලට ආයුර්වේදයේ බෙහෙත් ඇතැයි කීම පට්ටපල් බොරු..- දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදේශක, ආයුර්වේද වෛද්‍යවරයා කියයි..

කොරෝනා වෛරසය සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර ඇතැයි කීම පට්ටපල් බොරුවක් බවත් එය සම්පූර්ණයෙන්ම මුදල් ගරා ගැනීමේ ජාවාරමක් බවත් දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන උපදේශක ආයුර්වේද වෛද්‍ය සුජීව විතානගේ මහතා සඳහන් කරයි.

ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ කිසිතැනක කොරෝනා වලට ඖෂධයක් සොයා ගෙන නැතැයිද පවසන ඒ මහතා බෙහෙතක් සොයාගෙන ඇත්නම් ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දීම අවශ්‍ය බව ද පවසයි.

කෙසේ නමුත් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට බටහිර වෛද්‍ය ක්‍රමයෙන් කෙනෙහෙලිකම් එල්ල වන බවත් අද ද IDH රෝහලේ රෝගීන්ට කරන්නේ ආයුර්වේද ප්‍රතිකාර ක‍්‍රම බවත් ඔහු සඳහන් කළේය.

ගංගා වලට මුට්ටි දමා මෙම ප්‍රශ්නය විසඳිය නොහැකි බවත් පාලකයන්ට මොලය පහළවේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමඟ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

51,061 views

21 Comments to “කොරෝනාවලට ආයුර්වේදයේ බෙහෙත් ඇතැයි කීම පට්ටපල් බොරු..- දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ උපදේශක, ආයුර්වේද වෛද්‍යවරයා කියයි..”

  1. බෝල says:

    මේ බෙහෙත අත්හදා බලන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන අය නැද්ද

  2. ක්‍රිමිනල් says:

    හෙළ වෛද්‍ය විද්‍යාවෙන් කරන්න පුළුවන් දේවලුත් තියෙනවා ,බැරි දේවලුත් තියෙනවා . නිකං අර එලියන්ත වයිට්ගේ මුට්ටිය වගේ , කෛය විතරයි ,වැඩ නැති චන්න ජයසුමනගේ පැණිය වගේ මන්ද මෝල් විකාර නොකර , හෙළ වෛද්‍ය විද්‍යාවෙන් ගන්න පුලුවන් දේ අරගෙන , පම්පෝරී ,කෛවාරූ නැතුව මේ තත්වය පාලනය කරගන්න සහයෝගයක් දීපල්ලා. නිකං අරක නිට්ටාවට සුව කරන බේත් හොයලා තියෙන්නේ කියාගෙන ,බොරු පම්පෝරී නැතුව.

    • ක්‍රිමිනල් says:

      ඔය අර වේද මේ වේද නැතුවට අපෙ පකනිල් තුමාගෙ බේත් අපට හොඳා. එතුමා හැර ඕකට නිට්ටාවට බේතක් කිව්වෙ වෙන මොකාද.. අපේ ස ගෙ බේත් අපිට හොඳා අපි එතුමගෙ සැබෑ වහල්ලු.

      • ක්‍රිමිනල් says:

        අපේ සජිත් ස කියනවනම් පකනිල් නෙමේ Pad හෝදපු වතුර හරි අපි බොනවා, එතුමා ඇරුනම වෙන නායකයෙක් මේ රටට නෑ. නියම කොන්ද කෙලින් නායකයා අපේ සජිත් ස

  3. Sam says:

    ආයුර්වේද ප්‍රතිකාර නැති වුණාට හෙල වෙදකමේ බෙහෙත් තිබෙනවා 😎

  4. Hiran says:

    ජනතාව දැනුවත් කිරීම වෙනුවට තමන්ගේ බැංකු ගිණුම් තරකර ගැනීමේ යටිඅරමුණින් කරන මේ සාකච්ඡා block කිරීම තමා වඩා සුදුසු බවටයි මගේ අදහස

    • kkuruwita says:

      මාද ඔබේ අදහසට සියයට සීයක්ම එකඟයි. මෙහෙම පුස් වෙඩි දාල අපිව අන්දන්නයි හදන්නෙ උන්ගේ ගතමනාව හොයා ගන්න.

  5. Local Traditional Medicine system can cure Covid 19. This man is ………………………

  6. kkuruwita says:

    සුජීව විතානගේ උන්නැහැට ආයුර්වේදයේ ත්‍රිදෝෂ මූල ධර්ම ගැනවත් දැනීමක් නැති වග පෙනෙනවා. එහෙම තිබුනා නම් මෙහෙම ගොං පඬි අදහස් කියන්නෙ නැහැ.

    • Mahesh says:

      Oba Hari. IIM eke hariyata lectures enne nethiwa repeat wewi idala yantham hamudurukenekge wattoruwak nisa goda Giya desapalanayata kade yana thawath manussayek me

  7. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    චමුදිත වගේම කයිවාරු කාරයෙක්,අඟේ ඉඳන් කණ කන එකෙක්.

Main News