කොරෝනාවලට පෙත්තක් හෝ එන්නතක් සොයා ගත්තොත් මැතිවරණය ජූනි 20 පවත්වනවා.. නැතොක් පරක්කු වෙනවා..- මැකොස

June 10, 2020 at 12:02 am | lanka C news
කොරෝනාවලට පෙත්තක් හෝ එන්නතක් සොයා ගත්තොත් මැතිවරණය ජූනි 20 පවත්වනවා.. නැතොක් පරක්කු වෙනවා..- මැකොස

කොරෝනා වෛරස සදහා බෙහෙත් පෙත්තක් හෝ එන්නතක් සොයා ගතහොත් ජූනි 20 වෙනිදා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ කිසිදු කොරෝනා රෝගියෙක් නැති බවත් කිසිවෙකු කොරෝනා නිසා මිය යන්නේ නැති බවටත් සහතිකයක් දිය හැකිනම් මැතිවරණය පෙර පරිදිම පෙර නම් කළ දිනයට පැවැත්විය හැකි බවද ඔහු පැවසීය.

එසේ නොවන තත්ත්වයක් යටතේ මැතිවරණය පැවැත්වීමේ දී සෞඛ්‍ය නිර්දේශයන් අනුව පැවැත්වීමට සිදුවීම නිසා යම් කාලයක් ගතවන බවද ඔහු සඳහන් කළේය.

කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.

378 views
Main News