කොරෝනාවලට ගොඩ වෙදකම් තහනම් කරයි..

November 11, 2020 at 9:20 am | lanka C news
කොරෝනාවලට ගොඩ වෙදකම් තහනම් කරයි..

කොරෝනා වෛරසය ආසාදනව වූවන් සඳහා වෛද්‍ය විද්‍යාත්මකව අනුමත කර නොමැති ප්‍රතිකාර ක්‍රම හෝ කෙම් ක‍්‍රම පොලිස් ස්ථාන වල හෝ කාර්යාල වල ක්‍රියාත්මක කිරීම සම්පූර්ණයෙන්ම නවත්වන්නැයි නියෝග කරමින් පොලිස්පති සී.ඩී. වික්‍රමසිංහ මහතා විසින් විශේෂ දැනුම් දීමත් සියලුම පොලිස් ස්ථානවලට කර තිබේ.

මීට එරෙහිව ක්‍රියා කරන නිලධාරීන්ට එරෙහිව නිරෝධායනය නීතිය ක්‍රියාත්මක කරන බවද අවධාරණය කර ඇත.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර ඇති විශේෂ පණිවුඩයේ සඳහන් වන්නේ වෛරසය ආසාදනය වූ නිලධාරීන්ට විවිධ පුද්ගලයන් විසින් හඳුන්වා දෙනු ලබන විවිධාකාර ප්‍රතිකාර සහ කෙම් ක්‍රම භාවිතා කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

කිසිවෙකු විසින් එවන් ප්‍රතිකාර ක්‍රමයක් හෝ ප්‍රතිශක්ති වඩවන ඖෂධයක් ලබා දෙන්නේ නම් ඒ පිළිබඳව පොලිස් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතු බවද නිවේදනයේ දැක්වෙයි.

50,273 views

30 Comments to “කොරෝනාවලට ගොඩ වෙදකම් තහනම් කරයි..”

  1. රන්බණ්ඩා says:

    කාලකණ්නි යූ එන් පී හැත්ත මකබෑවිලා ගියාට පස්සෙ අපි හිතුවා මේ රට යන්තමින් හරි ගොඩ යන්න පටන් ගනීවි කියලා.
    ඒත් ඉතින් ඒකත් හීනයක් වෙලා බොලව්.
    ‘ආරෝග්‍යා මරමා ලාභා’ යන බුදු වදන පෙරදැරි කොටගෙන බුද්ධදාස රජතුමාගෙන් උපරිමයට දියුණු වුණු මේ හෙළ වෙදකම අදටත් නොනැසී පවතින්නේ, පත අට එකට සිඳුවා හදා ගන්නා කෂායේ සන්යුතිය ගැන විවාදයක් නැත්තෙත්, ඒවායෙහි ගුණාගුනයක් ගැන නවීන විද්‍යාවෙන් යැයි කියා ගන්නා හිවලුන්ට හරියටම නිගමනයන්ට එළඹීමට නොහැකි වී තියෙන්නෙත්, ඒවා මේ හෙළ වෙදකමට දායාද කළ උත්තමයන් සාමාන්‍ය පෘතග්ජන චින්තනයෙන් නිදහස්ව සොබාදහමට අනුගතව හුදී ජනයාගේ සියලු රෝග මූලයන් නිට්ටාවටම සුව කිරීමෙහිලා කළ ප්‍රාතිහාර්‍ය නිසාමැයි.
    ඉඳින්, බටහිර පන්නයට නිර්මාණය වූ මේ නපුන්සක පොතේ දොස්තරලාට අපේ හෙළ වෙදකම ගොඩ වෙදකමකි.
    මෙවා කියන්නට හෝ අහන්නට එකෙකු දැන් නොමැත.
    සොබාදහමම කාලානුරූපීව මෙය විසඳාවි.

    • Nila says:

      Oyatai, gedara ayatai hedunoth desheeya ewa karaganna. Hospital walata yanna epa.
      Oya hoyagatta beheth pitarata yawamuda ?
      Lankawama goda yanna puluwan..

  2. sunimal says:

    මේ අය NGO කාරයෝ වෙන්න පුලුවන්

  3. Dilshan says:

    කනගාටුවට කාරනයකි.කියන්න වෙන දෙයක් නැත.හිතෙනව කවදාහරි ඇත්ත තේරුම් ගනී කියල.රෝග ව්‍යාප්තිය වැඩි උනොත් අපි ආදරය කල වැඩිහිටි පරපුර අපිට නැතිවන බවයි.

  4. Rony says:

    දේශීය වෛද්ය ක්රමයට මේ විදිහට සලකන්නේ එය ඉරානයෙන් ආපු නිසාද ?

Main News