කොරෝනාවෙන් අකර්මන්‍ය වූ ලෝකය ජේසු දහමින් පිබිදවිය හැකියි..- ජනපති

December 25, 2020 at 10:40 am | lanka C news
කොරෝනාවෙන් අකර්මන්‍ය වූ ලෝකය ජේසු දහමින් පිබිදවිය හැකියි..- ජනපති

අද නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කර නත්තල් දින පණිවුඩය මෙහි දැක්වෙයි.

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බඳු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත්කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කරගන්නා, නොමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කරගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක් ද වන්නේය.

ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ් කොට ගනී. පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ. කොවිඩ් – 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගි කොට ගත හැකිය.

මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසරකට මඳක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක සිදුකළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත් දරාගෙන බව අප අමතක නොකළ යුතුය. එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවත්හි නිරත වීමට සියලු දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකිවී තිබේ. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ද එලෙසින් ම සිදුවනු ඇත.

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ ශුභාරංචිය ලොව පැතිරේවා! ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවා! යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපති

5,665 views

11 Comments to “කොරෝනාවෙන් අකර්මන්‍ය වූ ලෝකය ජේසු දහමින් පිබිදවිය හැකියි..- ජනපති”

  1. ක්‍රිමිනල් says:

    මේකට කුප්ප කතා ගොඩක් කියන්න තිබ්බත් , අද නත්තල් දවස ,සන්ධ්‍යාව ! මේ මොහෙතේ , මාත් එක්ක මරාගත්ත , බැණගත්ත , එකගවෙච්ච , සියළුම සී නිවුස් වාසීන්ට සහ කාර්‍ය මණ්ඩලයට ශුභම ශුභ නත්තලක් වේවා !
    සැම දෙනාටම ශුබ සුභ දවසක් වේවා !

    • රිටිගල උකුසු බිත්තර කටු ගංජා තලපය says:

      නත්තල් තෑග්ගක් විධිහට තලපෙන් ඩිංගක් එවන්නද උඹට… ?

    • kamal says:

      ඵළ මචං අද ලාවට ෂොටක් දාලා පාඩුවෙි ඉමු. හෙට ඉදං ආපහු ගේමට බහිමු. ඔබටත් සුබම සුබ නත්තලක් වෙිවා. බොක්කෙන්ම කිවෙි හරිය.

  2. some one says:

    APe sanga rathnaya num kiyanne budu dahama thamai samma dhittika, anik agam miththiya drustikai kiyala. Dharmayen rata paalanaya karana janadhipathi thuma mehema kiyaddi budu dahamath, christhiyani agamath, ratey diyunuwath, manussayage jiwithayath awilla school eke periods walata kadala thiyena subjects wage.

    • The PEOPLE says:

      Ler us all pray for speedy recovery of the Covid-19 infected patients in the Christian countries like America,U. K, France,Canada,Italy etc.

    • Love nature says:

      ලෝකය නිර්මාණය කළේ කවදා ද?

      දෙවියන් වහන්සේ ලෝකය නිර්මාණය කරන ලද්දේ ක්‍රි.පූ.4004 ඔක්තෝම්බර් මස 26 වැනිදා බව ‘අර්මාග්’ (Armagh) හි අග්‍රරජගුරු පියතුමා පවසා තිබිණි. බයිබලයේ ලෝකෝත්පත්තිය හැර වෙනත් ලෝකෝත්පත්ති කථාවක් තිබුණේ නැත. එහෙත් ඩාවින්ගේ සොයා ගැනීම් නිසා මිනිස් ඇටකටුවල ෆොසිල (fossil) වසර මිලියන ගණනක් පැරණි බව ඔප්පු වන්නට විය.

  3. රිටිගල උකුසු බිත්තර කටු ගංජා තලපය says:

    විරුද්ධයි !

  4. ajith prasanna says:

    යුද්ද කරපු මට කොරෝනා කජ්ජක්ද කියලා අන්තිමේදී සැමන් පරිප්පුවත් හරියට අඩුකරගන්න බැරිවුනා

    • සිරා අයියා says:

      කිසිම දෙයක් කරගන්න බැරි උන මං ටොයියෝ අන්දල අවුරුදු 5ක් හම්බකොරගෙන උන්ට _කේ ඇරලා ෂේප් එකේ මාරු උනා.

  5. දිලිත් says:

    අපි හිතුවෙ සිංහයෙක් කියාල.. බලගෙන ගියාම පූස් පැටියෙක්

  6. ගොන් බයියා says:

    සුබ නත්තලක් වේවා.

Main News