කොරෝනාවෙන් අප හැම බේරුවේ ජනපතියි.. එහි සම්පූර්ණ ගෞරවය ඔහුටයි.. වෙන කිසිවෙකුට නොවේ..- අගමැති

June 30, 2020 at 6:48 pm | lanka C news
කොරෝනාවෙන් අප හැම බේරුවේ ජනපතියි.. එහි සම්පූර්ණ ගෞරවය ඔහුටයි.. වෙන කිසිවෙකුට නොවේ..- අගමැති

කොරොනා වෛරසය පාලනය කිරීමේ සම්පූර්ණ ගෞරවය යන්නේ වෙන කිසිවකුට නොව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරයා විසින් ද වඅවස්ථා කිහිපයක දී ගන්නා ලද සෘජු තීන්දු නිසා මෙම තත්ත්වයට ලංකාව පැමිණි බවද ඔහු පැවසීය.

ලොව කිසිදු රටක් කොරෝනා පාලනය සඳහා යුද හමුදාව කැඳවීමටත් ප‍්‍රථම ශ්‍රී ලංකාව එම කටයුත්ත සිදු කල බවත් ඔහු පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මුස්ලිම් සම්මේලනය අමතමිනි.

14,484 Viewers

23 Comments to “කොරෝනාවෙන් අප හැම බේරුවේ ජනපතියි.. එහි සම්පූර්ණ ගෞරවය ඔහුටයි.. වෙන කිසිවෙකුට නොවේ..- අගමැති”

  1. Aurora says:

    “කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා මෙරට නිරෝධායන මධ්‍යස්ථාන ඇති කිරීම සම්බන්ධයෙන් මුල්ම යෝජනා ඉදිරිපත් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.” ඒ අනුව සියලුම අසාදිතයෝ සමාජයට නොයවා සුවකරගන්නත්, තවත් අයට බෝනොවන්නත් ගත් පියවර ඇති විශිෂ්ඨයි. අපේ සහ රටේ වාසනාවට අද අපේ ජනාධිපති තුමා නිවැරදි තීරණ නිසි වෙලාවට ගන්නවා, පත්තරෙන් දැනගන්නේ පොදු ජනතාව වන අපි.

    • Darshana abayakoon says:

      ඔය කියන්නේ අර ලෙඩ්ඩු 28ක් ඉද්දි රට වහන්න පුලුවන්ද අහපු හාදයානේද? මැතිවරන කොමිසම තිබ්බේ නැත්තම් අප්‍රේල් වල චන්දෙත් තියලා. කොරානා පාලනේ කරන විදිහ බලාගන්න තිබ්බ එහෙනම්. කමක් නෑ සෑර් ගෞරවය එයා ගතාවේ. මාස්ක් අතේ මහගෙන, හරි හමන් ආරක්ශිත උපාන්ගවත් නැතුව ඩිවිහිමියේන් කැප වෙලා වැඩකරපු සෞඛ්ය සේවකයො, රණවිරුවො බල්ලට දාමු දැන්. අදටත් සෞඛ්ය සේවකයින්ට අති කාල දීමනා ගෙවල නෑ. නේවි එකෙ රණවිරුවො තාම කොරොන වාට්ටුවේ. කමක් නෑ ඔබ තුමාල ගෞරවේ ලබා ගන්න

      • රට වැසිය says:

        Darshana බලපන් උබේ ඔලුවෙ අං තට්ටුවක් තියේද කියල..හිතෙන හිතෙන වෙලාවට airport වහන්න උබ හිතුවද ඒක තේ කඩයක් කියල ?ඒව වෙලාවට වැහුව.සතුටු වෙයන් කොරෝනා ආපු වෙලාව මේ වගේ මිනිහෙක් රටේ ජනාධිපති වෙලා හිටපු එක ගැන.

      • N සංජීව herath says:

        තොපි තරම් කුහකයෝ මේ ලෝකේ නෑ ඇත්තටම මේ වගේ උන්ගෙ අම්ම අප්ප කොරෝනා හැදිල මැරුනත් මුන් උ අම්පියට කම්ම්බුර ඉන්නවා

  2. Saradiel says:

    සියයට දෙසීයක් ඇත්ත එතුමාට අපේ ප්‍රණාමය බුදු සරණයි.

  3. sampath says:

    බොරැ කියන්න එපා රත තරැවෙන් බෙිරැවෙ

  4. kamal says:

    සෝවාන් ශ්‍රවකයාට ආශ්‍රය කිරිමෙන් තොරව සත්පරුෂ අසත්පුරුෂ තේරුම් ගන්න පුලවන්ද. සොව්න ශ්‍රාවකයෙක් වුන සුමංගල තවුසා කාශ්‍යප බුදු සමයේදි. මිනිසෙක් දැක හොරෙක්ද නැද්ද කියා තේරුම් ගන්න බැරි වුනා. මම කියන්නෙ රහතන් වහන්සේලටාවත් තේරුම් ගන්න බැ. නමුත් ආශ්‍රයෙන් පුලුවන්. හෙට උපදින දරුවා ගැන හිතලා මම ඒක කියන්නම්. ඒ තමයි මනුස්‍යත්වය කමල්ගෙ සෝවාන් නමුත් කපටි ක්ම නෙවෙයි ප්‍රයොග තියෙනවා. නමුත් ශාසනයේ රැකිමට නෙවෙයි කමල්ව මම චන්දයට යෙදුවේ අහිංසකකමට හෙට උපදින දරුවා ගැන හිතන්න ගෝඨාබය ඉන්නවා. නමුත් කමල්ගෙන් මම බලාපොරොත්තු වන්නෙ එක දෙයයි. කෘර කම නැති කරගත්තා වගේ අහිංසකකම නැති කරගන්න. එය තමයි ඊලග ප්‍රශ්නය.ගුරුදෙව් අහිංසකකම ගුරුදෙව්ටත් තියෙනවා සංඝයාට තියෙන දෙයක්නෙ. එහෙනම් පුතේ අහිංසකකම නැති කරගන්න එපා තරග කරන්න ඡන්දයෙන් ජය ගන්න නමුත් හැම තැනම නැති මනුස්‍යත්වයක් පුතාට පිහිටට එනවා හෙට ඒ තමයි ඤාණසාර හිමි. ඥාණසාර හිමි කියනවා දියසෙන් කුමාරයාට ඡන්දය දෙන්න කියා. ඒ තමයි ඤාණසාර හිමිගේ මනුස්‍යත්වය. හෙට උපදින දරුවාගැන හිතන්නෙ නැත්තම් ශාසනය ගැන හිතන්නෙ ඥාණසාර හිමි විතරයි.ඥාණසාර හිමියි මමයි පාර්ලිමේන්තුවට යන්න ඔනේ. අපි දෙන්නාට පුලුවන් රාමඥ්ඤානිකයා ආරම්භ කර නැවත සංඝයාගේ ඒකිය භාවය ඇති කිරිමට.

  5. DocaConsul says:

    එතකොට වෛද්‍යවරු වෙච්චි අපි පොල් ගෑවද?

    • ටොයිය says:

      Doca උබල වැඩ කරන හැටි බලන්න තිබුන ගමරාළ හරි පුතානො හරි ජනාධිපති වෙලා හිටිය නම්.එහෙනම් උබලටත් කොරෝනා අපිටත් කොරෝනා.බලපන් ඇමරිකාවට වෙලා තියන දේ.

    • Herath says:

      ඔව් තොපිට ගාන්න පොල් ගෙඩියක් වත් හොයන්න වෙන්නෙ නෑ ගොටාභය වගේ නායකත්වය තිබ්බේ නැත්නම්

    • Amith says:

      තොපි ලෙඩ්ඩු manage කරන විදියට කළා නම්…. රටටම කොරෝන….ගොබ්බ ඩොකාල.

  6. People says:

    අපිව මේ Mask කරදරෙන් බේරා දෙන්න

  7. ගිරිගෝරිස් says:

    කොරෝනා ජයගත් විදිය ගැන පම්පෝරි ගහන උත්තමයො කියල දෙනවද, කව්ද කොරෝනා වලට මේ රටට එන්න ඉඩදුන්නෙ කියල. වෛද්‍යවරු සහ විපක්ෂය දිගින් දිගටම අනතුරු අඟවද්දි උද්දච්ඡ කමින් ඔලුව උදුම්මගෙන ආණ්ඩුව විසුරුවල නාමයෝජනා කැදෙව්ව. ඒක කරගන්න ඕන නිසා රට ඉබාගාතෙ ඇරිය. මරණ සංඛ්‍යාව අඩු තමයි. ඒත් ලක්ෂ ගනනක් මිනිස්සුන්ගෙ රැකියා නැතිවෙලා. දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු අඩාලවෙලා. වියට්නාමෙ වගේ ජනතාව ගැන හිතන පාලකයො හියනම් අපිත් අද කරදරයක් නැතිව ජීවත්වෙනව. මේවබයියන්ට නොතේරෙන එක තමයි කරුමෙ.

    • රට වැසිය says:

      ගිරිගෝරිස් දැන් උබ කරදරෙන්ද ජීවත් වෙන්නෙ.උබ ඉන්න තිබ්බෙ ඇමරිකාවෙ,රුසියාවේ,ඉන්දියාවේ,පකිස්තානය වගේ රටක.කරදර මොනවද කියල එතකොට තේරෙයි.3% හරක්

    • හෙට වෙනුවෙන් says:

      සල්ලි අරගෙන කමෙන්ට් දාන බඩ ගැන විතරක් හිතන පොන්න හැත්තට කියන්නෙ… කමෙන්ට් වලට බඩ ගැන හිතුවට කමන්නෑ. ඡන්දෙදි රට ගැන හිතපල්ල….

    • N සංජීව herath says:

      අනේ ගිරිගෝරිස් කියන්නෙ නිකම් නෙවෙයි බූරු පුතා

  8. Gon Athal says:

    Real … gon athal for 2/3. Mewa hondai bath kana mee harakta… Hak..hak..Hak…

    • ජෙප්පා says:

      මෙන්න 3% බුද්ධිමතෙක් කොමෙන්ට් කරන්න ඇවිල්ල.උබල වගේ මී හරක් කොමෙන්ට් කරනෝ ගොසිප් ලංකා එකේ.ඒකට ගියානම් උබට ගැලපෙන මී හරකෙක් හොයාගන්න බැරි වෙන එකක් නෑ.

    • Gon athal nowe says:

      Gon Athal

  9. හෙට වෙනුවෙන් says:

    සල්ලි අරගෙන කමෙන්ට් දාන බඩ ගැන විතරක් හිතන පොන්න හැත්තට කියන්නෙ… කමෙන්ට් වලට බඩ ගැන හිතුවට කමන්නෑ. ඡන්දෙදි රට ගැන හිතපල්ල….

  10. ගිරිගෝරිස් says:

    බයියො කියන්නෙ හරක්ට කියන තවත් නමක්ද කියල හිතෙනව. මුන්ට කඩේ යනවනම් කරුණා අම්මාන් පේන්නෙත් දුටුගැමුණු වගෙයි. රාජපක්ෂලාගෙ දහදුරා වැඩට විරුද්ධ වුනොත් උන් ඔක්කොම එළාරල වගෙයි. නොදකින් මෙහෙම කාළකන්නි.

Leave a Comment

Main News