කොරෝනාවෙන් අසාධ්‍ය වූ ලොක්කෙක් KDU රෝහලේ දැඩි සත්කාර ඒකකයට..

August 23, 2021 at 10:02 pm | lanka C news
කොරෝනාවෙන් අසාධ්‍ය වූ ලොක්කෙක් KDU රෝහලේ දැඩි සත්කාර ඒකකයට..

මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා කොරෝනා වෛරසය ආසාදනයෙන් අසාධ වීම හේතුවෙන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ.

වෛරසය ආසාදන ඉන්පසු ඒ මහතා මහනුවර පිහිටි තම නිවසේ නිරෝධායනය වෙමින් සිටියදී හදිසියේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාවයක් මත තෙල්දෙණිය රෝහලට ඇතුළත් වී තිබේ.

පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා තෙල්දෙණිය රෝහල සිට කොතලාවල විශ්ව විද්‍යාල රෝහලට මාරු කර තිබේ.

එහි දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර කොමසිරිස්වරයාට ඔක්සිජන් ලබා දෙමින් ඇත.

ඔහුගේ තත්වය තරමක් යහපත් අතට හැරී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියා සිටී.

179,680 views

9 Comments to “කොරෝනාවෙන් අසාධ්‍ය වූ ලොක්කෙක් KDU රෝහලේ දැඩි සත්කාර ඒකකයට..”

  1. සවාධීන says:

    මැතිවරණ කොමසාරිස් ලට උදව් කරන්න. ඒවා ඉතින් පින්. මැතිවරණ තියෙන්න ඕනේ.

  2. Ajith says:

    ඔය රෝහලේ VIP එවුන්ට රජයේ මුදලින් (නොමිලේ) ප්‍රතිකාර කරන්න ICU ඇඳන් 100ක් වෙන්කරලා තියෙන්නේ. සාමාන්ය ජනතාව සියගණන් රෝහල් වල බිම මැරෙනවා. මුන්ට හෙන අටම ගහන්න ඕනේ

    • නයා says:

      හිතලු කියමින් මිනිස්සුන් නොමග යවන්න එපා.
      කොතලාවල රෝහලේ ඇත්තේ ICU වාට්ටු පහයි
      ඉන් වාට්ටු හතරක් කෝවිඩ් රෝගීන්ට වෙන්කර ඇත.
      ඒවායේ ඉන්නේ සාමාන්‍ය රෝගීන් තමයි.

      ඔය ඇඳන් 100 ඇත්තේ අනුර කුමාරගේ ගෙදර වෙන්න ඇති

    • Saji says:

      අර හිඟන සංගමයේ දොස්තරට විතරක් පේන VIP ඇඳන් 100 උඹත් දැක්කද අං ගොජියො 😡😡😡

  3. Voter says:

    Why special treatment only to the comm. of election? All should same when fell sick or before the law!

  4. 3% ට බය බයියා. says:

    එන්නත් කරගෙන නැතුව ඇති .

  5. Susantha says:

    Mahanuwara kiyapu gaman loku sathutak aawa Mahindaananda kiyala, balinnam mako

  6. Felix says:

    Ape Gewal Walata Tikak Eha, Pol Kadana Ayek Asadya Wee Indala, Ragama Hospital Eke Bed Ekakuth Nethiwa Innawa Kiyala Mata Ahanna Labuna.

  7. සමනා says:

    මොන ඇදන්න බං දිනපතා දවස් 7ක් යකිනාරංකොළයක් නැතිනම් දෙහි කොළයක් හපහපා ඉන්න කියපං. දේශිය ප්‍රතිකාර අරහං නං අනික හැම මිනිහම සමාන වෙන්නේ මාරයාට විතරයි බං

Main News