කොරෝනාවෙන් අහිකුණ්ඨිකයන් හාන්සියි..

January 31, 2021 at 8:40 am | lanka C news
කොරෝනාවෙන් අහිකුණ්ඨිකයන් හාන්සියි..

සිය වෘත්තිය ලෙස ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණය කරමින්  මුදල් ඉපයීමේ කාර්යයේ නිරතවූ අහිකුණ්ඨක ජනතාව මේ දිනවල රට පුරා බලපා ඇති  කොරෝනා වෛරසය හේතුවෙන්  දැඩි ලෙස පීඩාවට පත්ව සිටීමේ පුවතක් තඹුත්තේගම, කුඹුක්ගැටේ අහිකුණ්ඨක ගම්මානයෙන් වාර්තා වේ.

හිකුණ්ටක කුලය යැයි සලකෙන මෙම කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්‍රාන්තයේ  තෙලිගු ජාතිකයින් බව කව්රුත් නොදන්නා කරුණක් විය හැකිය. පසු කාලීනව මොවුන් ඉන්දියාවේ    සිට අප රටට සංක්‍රමණය වීමෙන් අනතුරුව මුල්ම ජනාවාසය කුඹුක්වැව ජනපදයේ පිහිටුවා ගැනීමෙන් අනතුරුව එහි  තෙලිගු ජාතික  පවුල් 50ක් පමණ වාසය කල බවට ඉතිහාසය මනාව සාක්ෂි දරයි.

කුඹුක්වැව ජනපදයේ පදිංචිව සිටි මොවුන් එවකට ආගම ලෙස වන්දනාමාන කර ඇත්තේ   වෘක්ෂ වන්දනාව, ගිනි දෙවියන් පිදීම, පර්වත වන්දනාව වැනි ස්භාවික වස්තූන්ට මෙලෙස නමස්කාර කිරීමයි.

පසු කාලීනව මොවුන්ගේ වර්ධන වේගයත් සමග මොවුන් බහුතරයක් නොයෙකුත් ආගම් සිප වැළද ගැනීමට සමත්ව ඇති බව කියයි. ඒ අනුව බුද්ධාගමට ප්‍රමුකස්ථානයක් ලබා දෙන අතර, සමහර පිරිස් කතෝලික ධර්මයද අදහමින් සිටින බව කියයි.

මෙම තෙලිගු ජාතිකයින්ගේ ජීවනෝපාය වී තිබුණේ ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණය කර මුදල් උපයා ගැනීමයි එහිදී මොවුන් බූරුවෙකු පිට බැදි තවලමක ආධාරයෙන් ගමින් ගමට ඇවිද යන මොවුන් එක් ගම්මානයක ඉදිකරන කූඩාරමක් සිය වාසස්ථානය බවට පත්කර ගන්නා අතර, එකී කූඩාරම තුල දින හතක් රැදී සිටිමින් අවට ගම්මාන වෙත ගොස් සතුන් ප්‍රදර්ශණය කර දෛනික ආදායම සරිකර ගත් බව කියයි.

එම ප්‍රදර්ශණයන් සදහා විෂ ඝෝර සර්පයින් යොදා ගන්නා අතර, නාගයාට ඔවුන් විශේෂත්වයක් දක්වන බව කියයි. ඒ අනුව රජ කුලය, බමුණු කුලය, ගොවි කුලය, ගැරඩි කුලය, බෙරවා කුලය වැනි කුල වලට අයත් නාගයින් වනාන්තර තුලදී අල්ලා ගන්නේද, සුදු එළවරා නැමති ඖෂධීය ශාකය උපයෝගි කරගනිමින් බව කියයි.

ඊට අමතරව පොළගා, පිඹුරා, රිළවා වැනි සතුන්ද මෙම ප්‍රදර්ශණයට යොදා ගන්නා අතර, සතුන් දර්ශණය කිරීම සදහා යොදා ගන්නා නලාව තිත්ත ලබු ගෙඩියක ආධාරයෙන් සදා ගන්නා මොවුන් එය නයි නලාව නමින් හදුන්වනු ලබයි. නයි පෙට්ටිය කල වැල් ආධාරයෙන් නිමවා ගන්නා අතර, සියළුම සතුන් එම පෙට්ටිය තුල බහාගෙන මෙලෙස ප්‍රදර්ශණ සදහා යන බව කියයි.

එහිදී මොවුන්ගේ විශේෂත්ව වී ඇත්තේ විෂ ඝෝර සර්ප දෂ්ඨය සදහා ක්ණික ප්‍රතිකාර මොවුන් සතුව තිබීම නිසාවෙනි. එම ප්‍රතිකාරය මොවුන් හදුන්වන්නේ නයි ගල හෙවත් විෂ ගල ලෙසිනි. එම විෂ ගල සකස් කර ගැනීම සදහා තුන් මසක් පමණ ගත වන බව කියයි.

නමුත් පසු කාලිනව මොවුන්ට අවශ්‍ය  සියලු යටිතල පහසුකම් සහිත 1971 වර්ෂයේ තඹුත්තේගම කුඩාගම ප්‍රදේශයේ ජන උදාන ගම්මානයක් ඉදිවන්නේ  දිවංගත ආර්.ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුවයි.

එහි පදිංචියට පැමිණි මොවුන් පසු කාලීනව විවිධ තරාතිරම් වල රැකියා තෝරා ගැනීමත් සමග මොවුන්ගේ පාරම්පරික සත්ත්ව ප්‍රදර්ශණය මේ වන විට සීඝ්‍රයෙන් විනාශයේ හිංපෙත්තට ලගා වෙමින් තිබෙන බවට පෙර නිමිති පහළ වෙමින් තිබේ.

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රටේ ජීවත් වන අනෙකුත් ජන කොටස් විවිධාකාර ගරු බුහුමන් සහිත වෘත්තීන් සිදු කරමින් සිටීමත්, තමන් පමණක් සාම්ප්‍රධායිකව සිදුකරමින් පැමිණි මෙම කර්මාන්තය පිලිබද  අද සමාජය  පහත් කොට සැලකීමත්, එකී කර්මාන්තය පිලිකුල් කිරීම වැනි කරුණු කාරනාත්,  තමන්ගේ දරු පරපුර අද වන විට රටේ උසස් ස්ථාන වල විවිධාකාර නිළ තල හොඹවමින් සිටීමත්, පාසල් යන අවදියේ ළමුන්ද තම වෘත්තියට අකැමැති නිසාවෙන් තමන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම තම පරම්පරාවටම සතුන් ප්‍රදර්ශණය කර මුදල් ඉපයීමේ රැකියාව විශාල කැළලක් වී ඇති නිසාවෙන් සිය කර්මාන්තයට සමුදීමට සිදුව ඇති බවයි.

මේ හේතුව නිසාවෙන් දැනට වසර දහයකට පෙර සිට සතුන් ප්‍රදර්ශණය කිරීමේ කලාව කුඩාගම ගම්මානයෙන් වැළලී යාමේ මං සළකුණු ඉස්මතුවෙමින් තිබෙන බවත්, තමන් මෙපණ කලක් පුරාවට පවත්වගෙන ආ මෙම පාරම්පරික රැකියාව නුදුරේදීම සම්පූර්ණයෙන් නවතින බවත්, ඉදිරි පරපුරට  මෙය අහිමිව යාම බරපතල ගැටළුවක් බවටයි. පාරම්පරික වැඩිහිටියන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව කුඩාගම, පාඩුපංචියාව, වව්නියාව ඉරට්ටුකලම්, අක්කරෙයිපත්තුව අලිගම්පෙ, මිහින්තලේ, කලාවැව වැනි ප්‍රදේශවල පදිංචි පවුල් 10000ට ආසන් පිරිසකයෙන් දැනට අල්පයක් පමණ පවුල් 200ක්   මෙම වෘත්තියේ නියෙලෙමින් දැනටත් ආදායම් උත්පාදනය කර ගන්නා බව කියයි.

නමුත් අද වන විට මොවුන් මුහුණපා ඇති ප්‍රධානතම ගැටළුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ  රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයත් සමග ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණයට තහංචි පැනව තිබීම හේතුවෙන් සිය කර්මාන්තය සම්පූර්ණයෙන්ම පහත වැටීම නිසාවෙන් ආර්ථිකමය වශයෙන් දැඩි ලෙස සිය කර්මාන්ත කරුවන් පීඩාවට පත්ව සිටින බවයි.

– පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

24,912 views

6 Comments to “කොරෝනාවෙන් අහිකුණ්ඨිකයන් හාන්සියි..”

  1. Felix says:

    Mee Aya Plibandawa Saadaranayak Itu Wiya Yuthui….. Sirasa TV Ekata Nam Mewa Penenne Nehe….Eeetha Rate Niladarin Mee Gena Balanna.

    • Banda says:

      AI ithin deranata penna epaye gaga deba kargena naya aava dekka ayane .

    • Wise person says:

      Where is your Derana and Hiru TV, are they sleeping? Ah sorry sorry Derana and Hiru is behind Boru news and Rajapasse back side sucking news😂😂😂😂 Grow up child

    • baiya says:

      apo kudu hirui ganja deranai yanda nam epa mae asaranayinwa balanda. giyoth ae minissunge nathi barikam nisa kudu ganja vikunanda yodaa ganee.

  2. මංගලිකා කළුපහන says:

    පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන, බොරු කියන්න එපා අනේ; මේ අය කේරල නෙවෙයි, අන්ද්‍රා ප්‍රදේශ් (සායි බබාගේ රට – බැංගලෝර්). තෙලිඟු කථා කරන්කෙනේ එහේ. අපේ නායක්කර් රජවරු මහනුවර රජ කරන විට පැමිණි අය. කේරල උන් ද්‍රවිඩයෝ, උන් කථා කරන්නේ මලයාලම්.

  3. ක්‍රිමිනල් says:

    අහිගුණ්ඨිකයට පකනිල් පෙත්තක් දුන්නනම් හරිනෙ…කොහෙද ඉතින් ගොන් මෝඩ වහල් ගූ කන ගොන් බයියන්ට තේරෙන එකක් යෑ.

Main News