කොරෝනාවෙන් ජනතාව මැරුණොත් වැරැද්ද අගමැතිගේ..- සජිත් පිල

April 19, 2020 at 3:00 pm | lanka C news
කොරෝනාවෙන් ජනතාව මැරුණොත් වැරැද්ද අගමැතිගේ..- සජිත් පිල

කොරෝනා වසංගතයෙන් නිසි ලෙස පාලනය කර නැති තත්වයක් යටතේ හදිසි මැතිවරණයක් පවත්වා කිසිවකුගේ ජීවිතයට හානියක් වුවහොත් එහි වගකීම අගමැති මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු යැයි සමගි ජන බලවේගය සඳහන් කරයි

අදාල සම්පූර්ණ නිවේදනය මෙසේය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා හදිස්සියේම ප්‍රකාශයක් නිකුත් කර තිබේ. සුපුරුදු පරිදි යහ පාලනයටත් වර්තමාන විපක්ෂයටත් ඔහු අවලාද රැසක් කර තිබේ .

රටේ ණය බර ගැන රාජපක්ෂ මහතා කරන කතාව විහිළු සහගත ය. 2015 වසරේ යහපාලන රජයට අති විශාල ණය කන්දරාවක් උරුම කළේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යි .එකල රට ණය උගුලක සිර කළ ආකාරය රටම දනී.

යහපාලන රජය තුළ 2015 වසරෙන් පසුව කිසිදු රජයක් සිදු නොකළ ආකාරයට රාජ්‍ය සේවකයින්ට මූලික වැටුප දෙගුණ කිරීම,නිවාස ව්‍යාපෘති , රාජ්‍ය ආදායම දෙගුණ කර ගැනීම, මධ්‍යම අධිවෙිගය, දකුණු අධිවේගය හම්බන්තොට දක්වා දික් කිරීම, බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය ඉදි කිරීම, රට පුරා සංවර්ධන ව්‍යාපෘතීන් ග්‍රාමීය මට්ටමින් ඇරඹීම, මොරගහ කන්ද වැනි ව්‍යාපෘතිය නිමා කිරීම වැනි දැවැන්ත සංවර්ධනයක් ක්‍රියාත්මක කළේ රාජපක්ෂ යුගයේ ණය උගුලෙන් රට ගලවා ගනිමිනි.

2015 න් පසුව මහින්ද රාජපක්ෂ යුගයේ ගත් ණය පොලී ගෙවීමට ද රජයට සිදු විය . ඒ සියල්ලම සිදු කරමින් 2018 වසර තුළ දී ප්‍රාථමික ගිණුම් ශේෂයේ අතිරික්තයක් පවත්වා ගැනීමටත් 2019 වසර දක්වා එය පවත්වා ගැනීමටත් යහපාලන රජයට හැකියාව ලැබුණි . එය ජාත්‍යන්තරව රට තුළ මූල්‍ය ශක්තිය පිළිබඳව පිළිගැනීමක් අත්පත් කර ගත්තා පමණක් නොව ණය ගෙවිමේ ශක්තියද වැඩි කරන ලදී . මේ සියල්ල අමතක කරමින් අවලාද සහ බොරුව නැමැති සළුපිළියෙන් සරසා ප්‍රකාශ කිරීමෙි සුපුරුදු උත්සාහය මෙම ප්‍රකාශනය පුරාම දක්නට ලැබේ.

යහපාලන රජය අප්‍රේල් මස දක්වා කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමට අතුරු සම්මත ගිණුමක් සම්මත කොට ක්‍රියාත්මක කිරීමට විධි විධාන යොදා තිබුනේ පත්වන රජයකට අවශ්‍ය පරිදි අය වැය ලේඛනයක් ඉදිරිපත් කිරීමටයි.

එසේ නොවුණද රාජපක්ෂ ආණ්ඩුවට අයවැය ලේඛනයක් ගෙන ඒමට අවශ්‍ය තරම් කාලයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර රැස්වුනි. නමුත් ඒ සඳහා අවශ්‍ය කිසිදු පියවරක් නොගත් මහින්ද රාජපක්ෂ මුදල් ඇමතිවරයා තමා දන්නා එකම ක්‍රියාදාමය වන මැසිවිලි නැගීම දිගින් දිගටම සිදු කරයි .ආරම්භයේ සිටම තුනෙන් දෙකක බල සිහිනයේ රැදුණා මිස රට ගොඩනගන ආර්ථික වැඩපිළිවෙලක් හෝ දර්ශනයක් නොතිබුණි

ඉදිරි කාලය සඳහා අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට විපක්ෂය අවකාශය සලසා නොදුන් බවට තවත් මුසාවාදයක් සමාජ ගත කිරීමට ඔහු උත්සාහ දරයි. රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙි ණය සීමාව වැඩි කරගැනීමට කළ යෝජනාවට හැර අනෙකුත් සියලුම යෝජනාවන්ට සහාය දෙන බව විපක්ෂ නායකතුමා පැහැදිලිවම පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී. එදින හැන්සාඩ් වාර්තාව කියවන ඕනෑම අයෙකුට එය සනාථ කර ගැනීමට පුළුවන .

කොරෝනා වෛරසය මීළඟ මැතිවරණයේදී තම දේශපාලන න්‍යාය පත්‍රයේ ව්‍යාපෘතියක් බවට පත් කර ගැනීමට දරන උත්සාහය මෙම ප්‍රකාශය පුරාම දක්නට ලැබේ. කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවට එල්ල විය හැකි බලපෑම පිළිබඳ ව 2020 වසරේ ජනවාරි මාසයේදීත් පෙබරවාරි මාසයේදීත් පාර්ලිමේන්තුවේදී විශේෂ අවධානයට යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශ දෙකක් සිදු කරන ලදී.

ගුවන් තොටුපල, වරාය ආදී මර්මස්ථාන සුරක්ෂිත කිරීමත්, ජනතාවට අවශ්‍යවන මුව ආවරණ පිළිබඳවත් විපක්ෂ නායකතුමා කළ ප්‍රකාශයට රජයේ සෞඛ්‍ය අමාත්‍යවරිය එදා පිළිතුරු දුන්නේ කිසි ලෙසකින් වත් කොරෝනාව ශ්‍රී ලංකාවට තර්ජනයක් නොවන බවත් විපක්ෂනායකතුමාට උපහාසය මුසු පිළිතුරක් ලබා දෙමිනි. ඉන් පසුව රජය කොරෝනාවෙන් තොර ශ්‍රී ලංකාවක් පිළිබඳව ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කරමින් රජයේ මුදල් වැය කොට සංචාරක ප්‍රවර්ධනයක් ද සිදු කළේ විපක්ෂය විසින් කළ අනතුරු ඇඟවීම හාස්‍යයට ලක් කරමිනි.

විපක්ෂ නායක තුමා කොරෝනාව පිළිබඳව කරනු ලැබුණු අනතුරු ඇඟවීම් යෝජනා සියල්ලම උපහාසයෙන් අපහාසයෙන් බැහැර කළ රාජපක්ෂ මහතා දැන් කොරෝනා මර්ධනය පිළිබඳව ගෞරවය ලබා ගැනීමට අපූරු වාර්තා ඉදිරිපත් කරයි. දිස්ත්‍රික්ක එකොළහක කොරෝනා අවධානම දැන් නැති බවත් දිස්ත්‍රික්ක හතක ආසාදිතයන් හමුවී ඇත්තේද එක් අයෙක් හෝ දෙදෙනෙක් පමණක් බවත් දිස්ත්‍රික්ක පහක පමණක් යම් විශාල පිරිසක් හමුවී ඇති බවත් ප්‍රකාශ කොට තිබේ .

සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරන අන්දමට මේ වනවිට පරීක්ෂණ සිදු කොට ඇත්තේ ශ්‍රී ලංකාවේ මිලියන 21කට ආසන්න ජනගහනයෙන් හය දහසකට ආසන්න ප්‍රමාණයක් පමණි. එවැනි තත්වයක් යටතේ කරනු ලබන මෙම ප්‍රකාශනයේ සැඟවුණු යටි අරමුණ කුමක්ද? එය නම් පවතින තත්වය කුමක් වුවත් වහ වහා මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ දැරීමයි .

ජනතාව හුස්මක් ගැනීමට ඉල්ලා සිටින විට රජය උත්සහ කරනුයේ මැතිවරණයක් පසුපස යමින් බල තන්හාව නිසා ජනතාවගේ හුස්ම සිරකර දැමීමටද?.

මැතිවරණයක් පැවැත්විය නොහැකි මෙවැනි මොහොතක මැතිවරණය කල් තැබීම පිළිබඳව කතාන්දර ඉදිරියට ගෙන මැතිවරණයක් පැවැත්වීමට උත්සාහ ගැනීමේ අරමුණ වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යය රැකීමට නොව, එය තමාගේ බල ව්‍යාපෘතිය ආරක්ෂා කර ගැනීමට දරන උත්සාහයක් ලෙසය.

කොරෝනා වසංගතයෙන් පීඩාවට පත් ජනතාවට ලබා දෙන සියලුම සහන දේශපාලනීකරණය කරමින් සහන ක්‍රියාවට නැංවීම පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායකට පවරා දෙමින් ගම් මට්ටමේ දී එම ක්‍රියාවලිය තම දේශපාලන අනුගාමිකයන්ට ලබා දෙමින් එය මැතිවරණයට වාසිකට පෙරළාගනිමින් මහින්ද රාජපක්ෂ අගමැතිවරයා අද ස්වාධීන මැතිවරණ කොමිසමට පවා වක්‍රව බලපෑම් එල්ල කරයි .

මැතිවරණයකට සූදානම් වීම සඳහා අවශ්‍ය පරිසරය අපේක්ෂකයින්ට මැතිවරණ කොමිසම මගින් සකසා දිය යුතුය. අපේක්ෂකයන්ගේ මැතිවරණ නාම ලේඛන අංක ආදී මුලික අවශ්‍යතාවයන් පවා ලබා දීමට නොහැකි පරිසරයක් තුළ රජයේ ප්‍රවෘත්ති සාකච්ඡා පවා තම මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගනිමින් තමාට වාසිදායක යයි සිතන ක්‍රීඩා පිටියක ක්‍රීඩා කිරීමට සැරසෙන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා උත්සහ දරනුයේ රට සහ ජනතාව අනතුරේ හෙළීමට නොවේද ?.

රට පුරා ඇදිරි නීතිය දින නියමයක් නොමැතිව ප්‍රකාශයට පත් කළ මොහොතක මාධ්‍ය අවකාශය තමාගේ ප්‍රචාරණ යන්ත්‍රයට යටපත් කොට ගෙන විපක්ෂයේ මතවාදවලට හෝ අදහස් වලට ඉඩ නොදෙන වාතාවරණයක් තුළ නිදහස් හා සාධාරණ මැතිවරණයක් යනු සිහිනයක් පමණි.

විපක්ෂයේ නායකවරුන්ට පවා රැස්වීමට අවකාශය සලසා නොදෙමින් පොදු ජන පෙරමුණ නායකයින් ජනාධිපති අගමැති කාර්යාල තුල රැස් වෙමින් කොරෝනා වසංගතය මැඩලීමට යැයි ප්‍රකාශ කරමින් දේශපාලන සංවිධාන කටයුතු සිදු කිරීමේ ක්‍රියාවලිය ද තරයේ හෙළා දකිමු

රටේ ජනතාව බරපතළ අර්බුදයකට මුහුණ දී ඇති මේ මොහොතේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය තුළින් ගම්‍ය වන්නේ බලය උදෙසා වෙහෙසෙන්නෙකුගේ ස්වරූපයයි.

මේ බරපතල ව්‍යසනය අතරේ බලය ලබා ගැනීම වෙනුවෙන් භාවිතා කිරීමට උත්සාහ ගන්නේ මේ රටේ ජනතාවගේ,මැතිවරණයට සෘජුව දායක වන රාජ්‍ය සේවකයින්ගේ ජීවිත බරපතල අවදානමකට ලක් කරමිනි.එවැනි තත්ත්වයක් හේතුකොටගෙන කිසිවෙකුගේ ජීවිතයකට හානියක් වෙතොත් එහි වගකීම මහින්ද රාජපක්ෂ මහතා භාරගතයුතු බව අප අවධාරණයකරමු.

– සමගි ජන බලවේගය

375 views

67 Comments to “කොරෝනාවෙන් ජනතාව මැරුණොත් වැරැද්ද අගමැතිගේ..- සජිත් පිල”

  1. nimalsiri says:

    ada paththarayaka thibuna ara s.b.d.kiyana gobbaya kiwwaalu mano ganeshanwa ath adanguwata gannai kiyala.mamanam kiyanne oya s.b.d.kiyana mahanuwara gobbanaayakayawa vahaama allala hirakorannai kiyala.moo uge vaachaala sakkili kata newathath open korala.

  2. Nalin says:

    Me gobbaya hena pol buruwek. mu hitiyanam ratama mala geyak. mulu opposition ekama karakola atha ariya wage inne. ane manda munge thiyena kuhaka kamaka tharama kotharamda kiyala kiayhnna baha.
    Thawa daska dekak wath inna wei chandekin therenna. me wasangathenma me wage wasangathath galawilama yanawa sikurui.

  3. Nalin says:

    Me gobbaya hena pol buruwek. mu hitiyanam ratama mala geyak. mulu opposition ekama karakola atha ariya wage inne. ane manda munge thiyena kuhaka kamaka tharama kotharamda kiyala kiayhnna baha.
    Thawa daska dekak wath inna wei chandekin therenna. me wasangathenma me wage wasangathath galawilama yanawa sikurui. chanden passe bala ganna puluwan. me wage deyak welathg mehema oluwa ussagena inne rate Leadership eka hoda nisa saha rata saha rate minissu gana aththatama hithana nisa,