කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්

October 21, 2020 at 4:40 pm | lanka C news
කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්

මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවේ හෝ වෙනත් කිසිදු රටක සිට කොවිඩ් 19 වසංගතයෙන් පසු ශ්‍රමිකයන් හෝ තාක්ෂණික ශිල්පීන් ගෙන්වා නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

මෙරට පිහිටි කර්මාන්ත ශාලාවක තාක්ෂණික හෝ වෙනයම් කටයුත්තක් සඳහා විදේශිකයන් ගෙන්වයි නම් ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි වූ කර්මාන්තශාලා එම මණ්ඩලයේ අනුමැතියද එසේ නොමැති කර්මාන්තශාලා සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ ද අනුමැතිය ලබා ගත යුතු බව අමාත්‍යවරයා පැහැදිලි කළේය.

ඇඟළුම් කර්මාන්තශාලා කොවිඩ් වසංගතය හමුවේ බරපතල ප්‍රශ්නයකට මුහුණු දී ඇති බවත් ඉන්දියාවේ සිට පැමිණි පිරිසක් මඟින් කොරෝනා වසංගතය නැවත පැතිර යාමක් සිදු වූවේදැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා අසන ලද වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

බ්‍රැන්ඩික්ස් ඇඟළුම් ආයතනය BOI යටතේ ලියාපදිංචි වූ සමාගමක් බවත් එය කර්මාන්ත අමාත්‍යංශයේ විෂය පථයට අයත් නොවන බවත් සඳහන් කළ අමාත්‍යවරයා; බ්‍රැන්ඩික්ස් ආයතනයට ඉන්දියානුවන් කිහිපදෙනෙක් පැමිණියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමා පෞද්ගලිකවම සොයා බැලූ බවත් කොවිඩ් 19 වසංගතයෙන් පසු කිසිම ඉන්දියානුවෙකුට ශ්‍රමිකයෙක් වශයෙන් හෝ තාක්ෂණික ශිල්පියෙක් වශයෙන් හෝ කිසියම් කර්මාන්ත ශාලාවක වුවමනාවක් සඳහා ලංකාවට රැගෙන ඒමට ඉල්ලීමක් කර නැති බවත් ඒ සඳහා කිසිදු අනුමැතියක් ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ද මේ පිළිබඳව විමසූ බවත් කිසිදු ඉන්දියානුවෙක් තාක්ෂණික හෝ වෙනත් කටයුත්තක් සඳහා ආයෝජන මණ්ඩලයේ ලියාපදිංචි කිසිදු ආයතනයකට පැමිණ නොමැති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා ද තහවුරු කළේයැයි අමාත්‍යවරයා පැවසීය. තවදුරටත් මේ පිළිබඳව සොයා බැලූ තමා ආගමන විගමන කාර්යංශයෙන් ද මේ පිළිබඳව තහවුරු කරගත් බව ද අමාත්‍යවරයා කීය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

22,546 views

10 Comments to “කොරෝනාවෙන් පසු මෙරට කිසිදු කර්මාන්තශාලාවකට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ගෙන්වා නෑ..- විමල්”

  1. 😡😡😡😡😡😡😡 says:

    ඒක හරියට රැළ මුහුදේ සුනාමියක් ගොඩට ඇවිත් ජීවිත දේපල බිලිගත්තට පස්සේ…
    විපත වෙලා සුසුම් හෙල හෙල සන්සුන් මුහුද දිහා බලන්නවා වගේ කතාවක් වගේ…..!!

  2. Wise person says:

    Moda Anduwe Modayange weerakriya. Lankawe minisunta aba saranai…

  3. වයි දිස් කොලවෙරි says:

    කෙරලේ, කියුබාව, වෙනිසියුලාව වගේ කළා නම් ඔහොම වෙන්නේ නැහැ.

    කේරලේ – ගන්න දෙයක් නැහැ.
    කියුබාව – මරණ 123යි
    වෙනිසියුලාව – මරණ 747යි

    සිරි ලංකාව – මරණ 13යි

    • සල්ගාදු මහතා says:

      විමලෙටත් බ්‍රන්ඩික්ස් කුට්ටියක් ලැබිල වගේ

  4. Lakmal says:

    හෝදමු තව හෝදමු ..පලු යන තුරු හෝදමු

  5. Dp says:

    විමල් කිව්වානම් ..අාවාට ගියාට කියන්නෙ නෑ

  6. ක්‍රිමිනල් says:

    සභාවේ තදින් සිනා…😂😂

  7. Himali says:

    මේ කියන්නේ BRANDIX ආයෝජන මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්දියානුවන් හොරෙන් ගෙනැල්ල වෙන්න පුළුවන් වගේ කතාවක් . නැත්තන් ඉන්දියාවේ හිටපු BRANDIX ප්රක්ටරියේ ලාංකිකයන් ගෙනැල්ල අනුමැතියකින් තොරව නිරෝධායන කාලය සම්පුර්ණ වීමට පෙර නිදහස් කළා කියලා වෙන්න පුළුවන් .

  8. ඔව් ඉතිං කතාව ඇත්ත… බ්‍රැන්ඩික්ස් විසින් ඉන්දියානුවන් ගෙන්නල නැහැ.. ඉන්දියාවෙ හිටිය ලාංකික බ්‍රැන්ඩික්ස් සේවකයන් තමයි ගෙන්නුවෙ.. වෛරසය කොහොමද ආවෙ කියල හිතාගන්න පුලුවන්..

  9. SL says:

    ඕනේ තරම් උන් මුහුදු යනවා, ඉන්දියාවෙනුත් මුහුදු යනවා. දෙගොල්ල කොහොමත් මුහුදේදී බඩු හුවමාරු කරගන්නවා එකත් එක හේතුවක් වෙන්න
    Brandix උන් ලෙඩේ හංගපු එක තමා අවුල , මුලින්ම

Main News